පසුගියදා කොළඹදී පැවති කීර්තිමත් AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී MAS Holdings ඉහළම රන් සම්මාන තුනක් දිනා ගනිමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන විශේෂයෙන් මූල්‍ය, තිරසාරභාවය සහ සියලු දෙනාටම සාධාරණ හා සමාන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම යන ක්ෂේත්‍රවල ආයතන සහ නායකයින්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ සැමරීම සඳහා ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ අනාගතය හැඩගැස්වීමට සහ වෙනසක් ඇති කිරීමට උපකාරී වන නව ව්‍යාපාරික නායකයින් සහ නවෝත්පාදන සමාගම් කෙරෙහි මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කර ඇත.
මෙහිදී MAS Holdings සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂ, සුරත් චන්ද්‍රසේන මහතා වසරේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO) සඳහා රන් සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම සමාගම විසින් වසරේ ESG/තිරසාරභාවය උදෙසා පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානය සහ DEI (විවිධත්වය, හිමිකම සහ අන්තර්ගතභාවය) සඳහා රන් සම්මානය ද දිනා ගන්නා ලදී- මීට අමතරව, වසරේ ව්‍යාපාර කළමනාකරු ලෙස MAS හි අසංක සමරසේකර මහතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.