සිය ධුරයෙන් වහා ඉවත්වන ලෙස ඇමරිකානු මහ බැංකුව වන මධ්‍යම සංචිතයේ සභාපති ජෙරෝමි පවෙල් වෙත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ. ඔහු වහා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමරිකානු මහ බැංකුවේ සභාපතිවරයා සම්බන්ධයෙන් සිය ‘ට්රුත් සෝෂල්’ සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබේ.
ඇමරිකානු මහ බැංකුවේ ප්‍රධානියාට ඉල්ලා අස්වන ලෙසට කර ඇති දැනුම්දීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ට්‍රම්ප් සිය සටහනට ජෙරෝමි පවෙල් විසින් වොෂින්ටන් නගරයේ පිහිටි මහ බැංකුවේ මූලස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස ඇමරිකානු මධ්‍යම නිවාස නියාමන නිලධාරියෙකු විසින් සිදුකර ඇති ඉල්ලීම ඇතුළත් ප්‍රවෘත්තියක ;ලින්කුව (ලින්ක්) ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇමරිකානු මහ බැංකුවේ ප්‍රධානියා වන පවෙල් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් සිය පළමු ජනාධිපති ධුර කාලයේදී පත්කර තිබූ අතර ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකු පොලී අනුපාතයන් කපාහරින ලෙසට කර තිබූ ඉල්ලීම බැංකු සභාපතිවරයා විසින් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා උරණව සිටින බව වාර්තා වේ. කෙසේ වුවද මහ බැංකු සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කිරීමට තමා කටයුතු නොකරන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙයට පෙර පවසා තිබේ.