32ක් අතුරුදන්
ඉන්දුනීසියාවට අයත් බාලි දූපත ආසන්න මුහුදේ මගී බෝට්ටුවක් පෙරළී ගිලීම හේතුවෙන් එහි ගමන් ගත් සිවුදෙනෙකු මියගොස් ඇති අතර තවත් 32 දෙනෙකු අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. අදාළ බෝට්ටුවේ ගමන්ගත් තවත් 29 දෙනෙකු බේරාගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
මගීන් 53 දෙනෙකු, කාර්යමණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු හා ට්‍රක් රථ 14ක් ඇතුළු වාහන 22ක් රැගත් බෝට්ටුවක් මෙසේ මුහුදෙහි ගිලීගොස් ඇති අතර අනතුර පිළිබඳව සැලවූ වහාම බෝට්ටුවේ ගමන්ගත් පිරිසගේ පවුලේ සාමාජිකයන් බෝට්ටුව ගමන් ඇරඹූ වරාය වෙත හඬා වැලපෙමින් එක්රොක් වූ බව වාර්තා වේ. ඉන්දුනීසියාවේ ජාතික සෙවීමේ හා ගලවාගැනීමේ ආයතනයට අනුව පෙරේදා (02දා) රාත්‍රියේ සිදුව ඇති අදාළ බෝට්ටු අනතුරෙන් මියගිය සිවුදෙනාගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර අතුරුදන් වූවන් සොයා සිදු කෙරෙන මෙහෙයුම් දිගටම ක්‍රියාත්මකව පවතී. මෙම මෙහෙයුම සඳහා බෝට්ටු 9ක් මෙන්ම දේශීය ධීවරයන් දායකයත්වය ලබාදී ඇත.
සංස්කරණය – ඒමන්ති මාරඹේ