Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සිය අනුප්‍රාප්තිකයා තම මරණයෙන් පසු පත්වන බවට දලෙයි ලාමාතුමා තහවුරු කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සිය අනුප්‍රාප්තිකයා තම මරණයෙන් පසු පත්වන බවට දලෙයි ලාමාතුමා තහවුරු කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

සිය අනුප්‍රාප්තිකයා තම මරණයෙන් පසු පත්වන බවට දලෙයි ලාමාතුමා තහවුරු කරයි

July 3, 2025
108 Views

මෙම මස 06 වැනිදා සිය 90 වැනි ජන්ම දිනය සමරන පිටුවහල් කරන ලද ටිබෙට් රාජ්‍යයේ ආධ්‍යාත්මික නායක දලෙයි ලාමාතුමා තමන්ගේ අනුප්‍රාප්තිකයා සිය මරණයෙන් පසු පත් වන බව තහවුරු කර තිබේ. මේ අනුව දලෙයි ලාමාතුමා සිය අනුප්‍රාප්තිකයා වශයෙන් පත්කරගන්නා තම මීළඟ උත්පත්තිය (පුනරුත්පත්තිය) හඳුනාගැනීමේ බලය 2015 වසරේදී ඔහු විසින් පිහිටුවනු ලැබූ ‘ගඩෙන් පෝ ඩෑන්ග්’ භාරයට පවරා දී තිබේ. එම භාරයට හැර වෙනත් කිසිවෙකුට සිය අනුප්‍රාප්තිකයා තෝරා පත් කරගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීමේ බලයක් නොමැති බවද දලෙයි ලාමාතුමා අවධාරණය කර තිබේ. එමෙන්ම මීළඟ දලෙයි ලාමාතුමා උපත ලබනුයේ චීනයෙන් පිටත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දලෙයි ලාමාතුමා විසින් මෙම කරුණු අනාවරණය කර ඇත්තේ ටිබෙටයෙන් නෙරපීමෙන් පසු ඔහු වසර ගනනක් මුළුල්ලේ වාසය කරන උතුරු ඉන්දීය නගරයක් වන ධරම්ශාලා නගරයට රැස්ව සිටි සිය ගණනක් වූ සිය

අනුගාමිකයන් අමතමිනි. වත්මන් දලෙයි ලාමාතුමා සිය පරපුරෙහි 14 වැනියා වන අතර 1935 වසරේ ජූලි මස 06 වැනිදා චීනයේ කුඩා ගම්මානයක් වන ‘ටක්ට්ස්කර්’ හි උපත ලබා තිබේ. ඔහු පෙර සිටි දලෙයි ලාමාතුමාගේ පුනරුත්පත්තිය වශයෙන් හඳුනාගෙන ඇත්තේ දෙහැවිරිදි වියේදී වන අතර චීනය විසින් 1959 වසරේදී ටිබෙටය එරටට ඈඳා ගැනීමෙන් පසු චීන පාලනයට එරෙහිව හටගත් මහජන නැගී සිටීම අසාර්ථක වීමෙන් පසු චීනය එම වසරේ මාර්තු 17 වැනිදා ඔහුව රටින් පිටුවහල් කර තිබේ. එතැන් සිට දලෙයි ලාමාතුමා ජීවත්වනුයේ ඉන්දියාවේ ධරම්ශාලා නගරයේය. මේ අතර චීනය පවසා ඇත්තේ සිය රටට දලෙයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිකයා තෝරා පත්කරගැනීමේ අයිතිය ඇති බවයි. දලෙයි ලාමාතුමාගේ 90 වැනි ජන්ම දින සැමරුම මේ වන විට ඇරඹි තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
විදෙස්

බංග්ලාදේශ උසාවියකින් හසීනාට මාස 6ක සිර දඬුවමක්

විදෙස්

රුසියානු අධිකරණයක් ‘සයිබීරියානු ජේසු’ වසර 12ක් හිරේ යවයි

විදෙස්

පාපැදියේ ගොස් තාමත් පත්තර බෙදන අවුරුදු අනූ හතරේ ‘හිතවතා’

විදෙස්

ගාසා තීරයට සැකසූ දින 60ක සටන් විරාමයට ඊශ්‍රායලය එකඟයි -ට්‍රම්ප්

විදෙස්

ජපන් භාණ්ඩවලට සියයට 35ක බද්දක් පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok