බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් අධිකරණයට අපහාස කිරීමේ වරදට හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් ලබා දී තිබේ. සභාපති විනිසුරු එම්.ඩී. ගෝලම් මෝර්ටුසා මොසුම්දර්ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
බලයෙන් පහ කරන ලද අවාමි ලීග් නායිකාව අගමැති ධුරයෙන් ඉවත්ව මාස 11 කට පෙර රටින් පලා ගිය අතර ඇයට බංග්ලාදේශ අධිකරණයකින් දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය වේ. ඩකා ටි්‍රබියුන් පුවත්පතේ වාර්තාවලට අනුව 2024 ජූලි සහ අගෝස්තු මාසවල නොසන්සුන්තාව අතරතුර දිග හැරුණු ප්‍රචණ්ඩකාරී මර්දනය පිටුපස ප්‍රධාන පෙළඹවීම සිදු කළේ හසීනා බවට අධිකරණයේදී චෝදනා එල්ල වී තිබේ.
චතුර පමුණුව