යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුනරුත්පත්තිය යැයි කියාගත් සයිබීරියානු ආගමික නිකායක නායකයා බව කියන පුද්ගලයකුට රුසියානු අධිකරණයක් මගින් වසර 12 ක සිරදඬුවමක් නියම කර තිබේ.
ඔහුගේ අනුගාමිකයින් විසින් මේ පුද්ගලයා හඳුන්වා ඇත්තේ ‘සයිබිරියානු ජේසු’ ලෙසය. හිටපු පොලිස් නිලධාරියකු වන සර්ජි ටොරොප් 1991 දී අවසාන ගිවිසුමේ පල්ලිය ආරම්භ කළේය. රුසියානු අධිකරණය පැවසුවේ ටොරොප් සහ ඔහුගේ සහචරයින් දෙදෙනකු එම ආගමික කණ්ඩායමේ සාමාජිකයින්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති අතර සහ ශාරීරික හානියක් සිදු කරන ආගමික සංවිධානයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ බවයි.
සයිබීරියානු ජේසුගේ ක්‍රියාවන් නිසා පුද්ගලයින් 16 දෙනකුට ‘සදාචාරාත්මක හානියක්’ සිදුව ඇති බවත්, හය දෙනකුට ‘බරපතල සෞඛ්‍ය ගැටලු’ ඇති වූ අතර එක් අයකුට ‘මධ්‍යස්ථ’ හානියක් සිදු වූ බවත් අධිකරණය කියයි. වින්දිතයින්ට වන්දි වශයෙන් රූබල් මිලියන 45 ක් (ඩොලර් 572,000) අධිකරණය විසින් ප්‍රදානය කර තිබේ.
චතුර පමුණුව