Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පොල්ලකින් ගසා බිරිඳ මරා ඌරුබොක්කේ නිවස ළඟම වළ දාලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පොල්ලකින් ගසා බිරිඳ මරා ඌරුබොක්කේ නිවස ළඟම වළ දාලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

පොල්ලකින් ගසා බිරිඳ මරා ඌරුබොක්කේ නිවස ළඟම වළ දාලා

July 3, 2025
251 Views

බිරිඳ දුරකථනයෙන් රහස් සම්බන්ධයක් පැවැත්වූවා
සැකකරු පාපොච්චාරණය කරයි
බිරිඳ අතුරුදන් කියා ඇල්පිටියට පැමිණිල්ලකුත් දාලා

සිය බිරිඳ සමග කුලී වැඩ සඳහා ඇල්පිටිය ප්‍රදේශයේ සිට දෙනියාය, ඌරුබොක්ක ප්‍රදේශයට ගොස් සිටියදී බිරිඳ සමග ඇති කරගත් ආරවුලක දී බිරිඳට පොල්ලකින් පහරදී මරා පදිංචි වී සිටි ඌරුබොක්ක ප්‍රදේශයේ නිවස අසල වළ දමා නැවත ගමට පැමිණ බිරිඳ අතුරුදන් බවට ඇල්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව පොලිසියේ සිදු කරන ලද විමර්ශනවලදී ඝාතන සිද්ධිය පිළිබඳ හෙළි කර ගැනීමට පොලිසිය සමත් වී ඇත.

සිද්ධියෙන් මරුමුවට පත්ව ඇත්තේ ඇල්පිටිය ,ඇත්කදුර ,දිවිතුර එගොඩ වත්ත ලිපිනයේ පදිංචි කාරියවසම් මාජුවාන ගමගේ ඉන්ද්‍රානි (42) නමැත්තියකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී මියගිය අයගේ 18 හැවිරිදි දියණියගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී ඝාතන සිද්ධිය පිළිබඳව සුලමුල සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී ඇත.

අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරු වන රණසිංහ ගාමිණී (49) නමැත්තා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැකකරු විසින් සිද්ධිය පිළිබඳව පාපොච්චාරණය කරමින් සියලු තොරතුරු පවසා ඇත.

බිරිඳ සමග විවාහ වී කුලී වැඩ කරමින් ගමේ ජීවත් වන විට ඇය හොර රහසේ වෙනත් සම්බන්ධතා පැවැත්වූවා. මේ ගැන මම කිහිපවරක්ම ඇයට අවවාද කළත් එම සම්බන්ධ නතර කළේ නෑ. පසු ව බැරිම තැන මම බිරිඳ සහ දියණිය සමග දෙනියාය ඌරුබොක්ක ප්‍රදේශයේ ඉඩමක කුලී වැඩ කරන්න ගියා. ඒ ඉඩමේ ඇති නිවසක නැවතී වැඩ කරමින් සිටියදී ඇය නැවතත් ෆෝන් එකෙන් කෝල් අරගෙන කලින් සම්බන්ධතා පැවැත්වූ අය සමග රහසිගතව සම්බන්ධතා පවත්වන බව දැනගෙන ඒ ගැන විමසූ විට මා සමග රණ්ඩු වුණා. ඒ අවස්ථාවේ මම ඇයට පොල්ලකින් පහර දුන්නා. පොලු පහරවල්වලින් ඇය මියගිය පසු පදිංචි නිවස අසල වළක් හාරා සිරුර වළ දමා දියණිය සමග නැවත ගමට ආවා. මේ සිද්ධිය වුණේ 2024/02/20 වැනිදා යි. ඊට දින 4 කට පසු බිරිඳ මා හැරදමා ගිය බවට ඇල්පිටිය පොලිසියට පැමිණිලි කළා.

අත්අඩංගුවට ගත් සැකකරු සමග ඊයේ (2 වැනිදා) සිරුර වළ දමා ඇති ඌරුබොක්ක පොලිස් වසමේ පේරවත්ත ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරීන් සැකකරු විසින් පෙන්වන ලද ස්ථානය හඳුනාගෙන ඒ පිළිබඳව ඌරුබොක්ක පොලිසියේ නිලධාරීන් දැනුවත් කර සැකකරු ඌරුබොක්ක පොලිසියට භාර දී ඇත.

සිද්ධිය පිළිබඳව ඌරුබොක්ක පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය මහතාගෙන් සිදු කර විමසුමකදී ඔහු පැවසුවේ සිරුර වළ දමා ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඒ පිළිබඳව මොරවක මහෙස්ත්‍රාත්වරයා දැනුවත් කර ඔහුගේ නියෝග මත අධිකරණ වෛi නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිරුර ගොඩ ගෙන පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි.

ඇල්පිටිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ශක අනුර විජේසිංහ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සමීර, ඌරුබොක්ක පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ශක ධර්මප්‍රිය, පොලිස් කොස්තාපල්වරුන් වන (78214) චතුරංග, (85278) සම්පත්, (99299) පෙරේරා, පො.සැ.රි (6932) ජාගොඩ ආරච්චි යන නිලධාරීහු මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ පැවැත්වූහ.
ඇල්පිටිය විදානආරච්චි කීර්තිරත්න

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

ආචාර්ය උපාධි තුට්ටුවට විකුණන ලෝකයේ එකම රට ලංකාව

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කුරුවිට දොඩම්ඇල්ලේදී තරුණියගේ ගෙල කපා මරා රන්මාලය කොල්ලකයි

ප්‍රාදේශීය පුවත්

අණ නොතකා ඉගිල්ලුණු යතුරුපැදියට පොලිසියෙන් වෙඩි

ප්‍රාදේශීය පුවත්

වැහැර ස්ටිකර් වෙළෙඳසලක් ගිනිගනී

ප්‍රාදේශීය පුවත්

වඳුරඹ නොගැළපෙන පෙම් කතාවට වැසියන්ගේ තියුණු ඇස නිසා තිත පෙම්වතා සහ සිසුවිය පොලිස් භාරයට

ප්‍රාදේශීය පුවත්

ජැකට් එකේ සඟවා එක්කෝටි අනූලක්‍ෂයක ‘කුෂ්’ කටුනායකින් පන්නන්න ගිහින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok