Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මත් රකුසා ගිලගත් කටුරොද ගමේ ඛේදවාචකය – කහවත්ත පොලිසිය හරියට වැඩේ කළා නම් මගේ පුතා මැරෙන්නේ නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මත් රකුසා ගිලගත් කටුරොද ගමේ ඛේදවාචකය – කහවත්ත පොලිසිය හරියට වැඩේ කළා නම් මගේ පුතා මැරෙන්නේ නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

මත් රකුසා ගිලගත් කටුරොද ගමේ ඛේදවාචකය – කහවත්ත පොලිසිය හරියට වැඩේ කළා නම් මගේ පුතා මැරෙන්නේ නෑ

July 3, 2025
474 Views

දෑත්වලට දැමුණු මාංචු කොහෙන්ද
මත්කුඩු ප්‍රශ්නය කියා තිබුණත් පොලිසිය කිසිම දෙයක් කළේ නෑ
මගේ පුතාට සාධාරණය ඉටු කරන්න – මව කියයි
චෝදනා ප්‍රතික්ෂේප කරනවා – කහවත්ත පොලිසිය

තරුණයා ඝාතනය කිරිමට පෙර පාර අයිනේ දණ ගස්සවා තිබූ සලකුණුද දක්නට තිබූ අතර වෙඩි තැබීමෙන් පසුව රුධිරය අඩි දහයක් දුරට ගලාගෙන ගොස් තිබුණි.
තරුණයන්ගේ දෑත්වලට දැමූ මාංචු ගැනද පොලිසිය විමර්ශනය කරයි

කේයස් කාව්‍ය සුන්දරත්වයට නැඟු කටුරොද ගම අද භීතියෙන් ඇළලී ගොස්ය. මහා කාව්‍ය ශූරි සාගර පලන්සූරිය උපන් ගම මත්කුඩු නිසා මෙහෙම වේදැයි එදා ඔහු තියා කිසිවෙක් නොසිතීය. මත්කුඩු මුල්කරගෙන මින් පෙර රත්නපුර අපරාධ කොට්ඨාසයෙන් කිසිදු මිනීමැරුමක් වාර්තා වී නොතිබිණ. පොලිස් පොත්වල එවැන්නක් සටහන් වූයේ නැත. එහෙත් පසුගිය 30දා රාත්‍රී කහවත්ත නගරයට නුදුරු පලන්සූරියගම ප්‍රදේශය භීතියෙන් සලිත කරමින් වෙඩි හඬවල් ඇසුණේ 22 හැවිරිදි තරුණ ජීවිතයක් බිලි ගනිමිනි.

නිවසට පැමිණි නාඳුනන පිරිසක් විසින් ජීප් රථයකින් රැගෙන ගොස් දෑත්වලට මාංචු දමා කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඇන්දාන – කහවත්ත මාර්ගයේ උඩහවුපේ දී 22 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් තරුණයකුට බරපතළ තුවාල සිදුවීමේ සිද්ධිය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලියක අයකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් අනුව සිදුකර ඇතැයි සැක කරන බව පොලිසිය මේ වනවිට සොයා ගෙන තිබේ.

30 දා රාත්‍රී නවයට පමණ අවිගත් කණ්ඩායමක් විසින් කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ පලන්සූරියගම හල්ලිඳ නිවසක සිටි තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කිලෝමීටර් පහක් දුරින් පිහිටි කහවත්ත – ඇන්දාන මාර්ගයේ දළුග්ගල පාළු ස්ථානයකදී ඝාතනය කර තිබුණි.

ඝාතනයට ලක්වූ තරුණයා කගවත්ත බුංගිරිය ප්‍රදේශයේ පදිංචි පහළගම විතානලාගේ ඉමන්ත සුරන්ජන (22) නම්වූ අයෙකි. ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය තරුණයකු මෙන්ම කෙළින් කතා කරන්න බියක් නැති අයකු ලෙසද ප්‍රකටය.

ඝාතනයට ලක්වූ තරුණයාත් ඔහුගේ පවුලේ අයත් කලක් තිස්සේ මීගොඩ අමිත් නම් අයගේ පවුලේ අය සමග කුළුපගව සිටි බවද පොලිසිය කියයි. පවුල් ප්‍රශ්නයක් නිසා විරසක වීමෙන් පසු ඉමන්ත සුරන්ජන සහ ඔවුන්ගේ පවුලේ අයත් මීගොඩ අමිත්ගේ පවුලේ අයත් අතර ඇයි හොඳයියක් නොතිබුණි.

මීගොඩ අමිත් මෙයට වසරකට පෙර ඩුබායි රටට ගොස් ඇති අතර ප්‍රදේශයේ මත් ජාවාරම ගෝලයන් ලවා මෙහෙයවද්දී ඉමන්ත සහ ඔහුගේ සොහොයුරාද ගම්වාසීන් පිරිසක්ද එම ගෝලයන්ට පවසා ඇත්තේ එය නතර කරන ලෙසයි. තත්ත්වය එසේ වෙද්දී කහවත්ත පොලිසිය විසින් මෙම මත්ද්‍රව්‍ය ජාලයේ දෙදෙනකු ගිය සතියේදී කහවත්ත ප්‍රදේශයේදී ද, ඊට පෙර මීගොඩ අමිත්ගේ ගෝලයකු බුංගිරියේදී ද අත්අඩංගුවට ගෙන තිබේ. එම සිදුවීම් ගැන තොරතුරු ලබා දුන්නේ යැයි සැකයද ඉමන්ත දෙසට යොමුවීම ඝාතනයට හේතුවක් වන්නට ඇතැයි පොලිසිය පවසයි. එහෙත් එම සිද්ධීන්වලට අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිසියට ලද වෙනත් තොරතුරු අනුව බව පොලිසිය පවසයි.

ඉමන්තගේ ඝාතනය ගැන ප්‍රශ්න කිරීමට ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාති කාන්තාව (මීගොඩ අමිත්ගේ බිරිඳ) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම ඝාතනයට පෙර වට්ස්ඇප් දුරකථන ඇමතුම්වලින් පලන්සූරියගම ප්‍රදේශයේ පුද්ගලයන් ගණනාවක් ඝාතනය කරන බවට මරණීය තර්ජන සිදුකර ඇතැයිද ගම්වාසීන් පිරිසක් පරීක්ෂණ සඳහා පැමිණි රත්නපුර විශේෂ පොලිස් ඒකකවල නිලධාරීන්ට සඳහන් කර තිබේ. වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයාට, ඔහුගේ නිවුන් සොහොයුරාටද එවැනි තර්ජන සිදුකර ඇතැයිද එම පවුලේ දෙමාපියන් පැවසූහ.

කහවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීම් සිදුකර පලාගිය ජිප් රථය බස්නාහිර සහ රත්නපුර දිස්ත්‍රික් මායිම වෙන් කෙරෙන කිරිඇල්ල පොලිස් බල ප්‍රදේශයේ කැටකිරිල්ල පොලිස් මාර්ග බාධකය ඔස්සේ ගොස් ඇතැයි තොරතුරු අනුව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවද පොලිස් ආරංචි මාර්ග පැවසීය. මියගිය තරුණයා සහ තුවාල වූ අනෙක් තරුණයා මාංචු දමා එකට අමුණා සිටි අතර එතැනට පැමිණි පිරිස් මාංචුව කපා තුවාල ලැබ සිටි 26 හැවිරිදි තරුණයා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඝාතනය කෙරුණු ඉමන්තගේ මව රේණුකා මනතුංග මහත්මිය මෙසේද කීවාය.

“මාගේ නිවුන්නු දෙන්නම මෙදින රෑ නවයට විතර ගේ ඉදිරිපිට සිටියා. මියගිය පුතාගේ යාළුවෙක්ද ඇවිත් විනාඩි දහයක් පහළොවක් යනවිට තමයි පොලිසියෙන් කියා කට්ටියක් ආවේ. උඹලා ළඟ ගංජා තියෙනවාද ඇහැව්වා. ලොකු පුතා ගෙට ඇවිත් හිටියේ.

ඉමන්ත පුතාටයි, එයාගේ යාළුවටයි ෆෝන් අරගෙන ඔවුන් අත්වලට මාංචු දැම්මා.

මගේ දරුවා කොහෙද එක් කරගෙන යන්නේ… කියලා මම ඇහුවා. අපි පොලිසියෙන් පොලිසියට ඇවිල්ලා ළමයි එක්කරගෙන එන්න කියලා කිව්වා. ආයුධ තිබුණ නිසා මම හිතුවේ ඒගොල්ලො පොලිසිය කියලා.

ඉමන්ත පුතයි එයාගේ යාලුවයි පහළට එක් කරගෙන ගිහිල්ලා ජීප් එකක දාගෙන අරන් ගිහින්. මගේ ලොකු පුතා තේ කෑල්ලට පැනලා හැංඟුණා. ඒ නිසා එයාගේ ජීවිතය බේරුණා.

පසුව ලොකු පුතා ඇවිත් මගේ මහත්තයට කෝල් එකක් අරන් සිද්ධිය ගැන කිව්වා. කහවත්ත පොලිසියට ඒ අය ගියා. කහවත්ත පොලිසියට පුතා අරගෙන ඇවිත් තිබුණේ නෑ. පස්සේ කහවත්ත කෑම්ප් එකටත් ගියා. එහෙත් පුතා අරගෙන ඇවිත් නැහැ. එකොළහට විතර අපිට ආරංචි වුණා කහවත්ත ඇන්දාන පාරේ කෙනෙක් මරලා දාලා කියලා. මගේ මහත්තයත් නෑදෑයනුත් ගිහිලා බලද්දි ඒ මරලා දාලා තියෙන්නේ ඉමන්ත පුතා බව අඳුර ගත්තා.

මගේ පුත්තු දෙන්නා කාටවත් වරදක් නොකර පාඩුවේ ඉන්න අය. හැබැයි ඒගොල්ලෝ අසාධාරණයට විරුද්ධව නම් කතා කරනවා. ඒනිසා ගමේ කුඩු විකුණන අය ඒගොල්ලොත් එක්ක තරහයි. මගේ මැරුණ පුතාට කුඩු ලේබලය අලවන්න එපා. කහවත්ත පොලිසිය හරියට වැඩ කරා නං මගේ පුතා අද මැරෙන්නේ නෑ.

මාගේ කොල්ලෝ දෙන්නාම මරන්නයි හැදුවේ. නිවුන්නු දෙන්නාගෙන් කෙනෙක් පැනගොස් සැඟවුණ නිසා එක් කෙනෙක් බේරුණා. ජංගම දුරකථනයෙන් ෆොටෝ බලමින් ඔවුන් පුතා අල්ලාගෙන ගියා. මරා දැමූ පුතා මේ ගමේ මත්කුඩු ජාවාරමට විරුද්ධ වුණ කෙනෙක්. ඒ නිසා එයාටත් අනෙක් පුතාටත් තර්ජන තිබුණ.

කහවත්ත පොලිසියට මේ මත්කුඩු ප්‍රශ්නය ගැන අපි කියා තිබුණත් කිසිම දෙයක් කළේ නැහැ. අන්තිමට මාගේ දරුවෙක් නැතිවුණා. පොලිසිය මේ මරණයට වගකිව යුතුයි.

මත්කුඩු ජාවරම්කරුවන් එක්ක පොලිසිය සම්බන්ධ දැයි සැක මතු වෙනවා. දැන් සමහරු මාගේ මියගිය පුතාට අපහාස කරනවා එයා කුඩුවලට සම්බන්ධ බවට. අනේ ඒ අපහාසය නම් කරන්න එපා. පුතා කිව්වේ කුඩු නිසා ගම විනාශ වෙනවා කියලා. හොඳට ඉගෙන ගත්ත, ක්‍රීඩාවට දක්ෂ පුතා පොලිසියේ රැකියාවකට යෑමට උත්සහ කළා. එයාට සහතික මිටි ගණන් තිබෙනවා. දැන්වත් මාගේ පුතාට සාධාරණය ඉටුකරන්න කියා ඉල්ලනවා.

මගේ කොල්ලා එළියට යන්නේ මගේ මුහුණ ඉඹලා. මාත් එක්ක කඩේට ගියත් මගේ කරට අත දාගෙනයි යන්නේ. දැන් මගේ කොල්ලාට අපහාස කරන්න හදනවා. ඒත් මුළු ගමම දන්නවා කුඩු බිස්නස් කළේ කවුද කියලා. අවස්ථා ගණනාවක් පොලිසියට මේ ගමේ අය කුඩු ජාවාරම් ගැන කියා තිබෙනවා. ඒත් පොලිසියේ අය ඒවා ගැන බැලුවේ නෑ. අවසානය වුණේ මගේ පුතාට ජීවිතෙන් වන්දි ගෙවන්න. මම කිව්වා මගේ පුතාට ඔය කුඩු ප්‍රශ්න ගැන කතා කරන්න එපා කියලා. කිව්වේ ගෑණු ළමයෙකුට පාර බැහැලා යන්න විදියක් නැතිවෙයි, ගමේ කොල්ලෙකුට ඉන්න බැරිවෙයි කවුරුහරි මේකට මැදිහත් වෙන්න ඕනි කියලා. මැරුණත් කමක් නැහැ කියලා පුතා කිව්වා. මම ඒත් කිව්වා ගමේ වෙන අය කතා කරන්නේ නැත්තං ඇයි පුතේ ඔයා මේවා ගැන කතා කරන්නේ කියලා. පුතා ඒවා ඇහුවේ නෑ. අසාධාරණයට විරුද්ධව කතා කළා.

තරුණයන් දෙදෙනා රැගෙන ගිය පිරිස විසින් එම නිවසේ ජංගම දුරකතනයක්ද රැගෙන ගොස් තිබේ. තරුණයා ඝාතනය කිරිමට පෙර පාර අයිනේ දණ ගස්සවා තිබූ සලකුණුද දක්නට තිබූ අතර වෙඩි තැබීමෙන් පසුව රුධිරය අඩි දහයක් දුරට ගලාගෙන ගොස් තිබුණි.

තරුණයන්ගේ දෑත්වලට දැමූ මාංචු ගැනද පොලිසිය විමර්ශනය කරයි.

ඝාතනය කෙරුණු තරුණයාගේ පවුලේ අය නඟන චෝදනා කහවත්ත පොලිසිය ප්‍රතික්ෂේප කළේය. ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය නැවත්වීමට වරින් වර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද මෑතකදී ද වැටලීම් කළ බවද කහවත්ත පොලිසියේ නිලධාරියෙකු පැවසීය. සැකකරුවන් තිදෙනකු මෙම මත්කුඩු ජාවාරම ගැන අත් අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

කහවත්ත – සමරවීර නිරෝෂණ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

ආචාර්ය උපාධි තුට්ටුවට විකුණන ලෝකයේ එකම රට ලංකාව

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කතරගම බස්නායක නිලමැඳුරේ ගොම මැටි ගෑ කුටිය

ප්‍රාදේශීය පුවත්

කහවත්ත OIC යාපනයට මාරුකරයි

ප්‍රාදේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දේශපාලන සහෘදයාට සමුදෙමින්

ප්‍රාදේශීය පුවත්

දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කීවේ පොලිසියට සිදුවන අපවාදයෙන් මුදා ගැනීමටයි

ප්‍රාදේශීය පුවත්

පොල්ලකින් ගසා බිරිඳ මරා ඌරුබොක්කේ නිවස ළඟම වළ දාලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok