කතරගම දේවාලය යනු ශ්‍රී ලංකාවේ ඇති පැරණිම පෙරහැර මංගල්‍යයි. කතරගම දේවාලයේ සිදු කරන සෑම චාරිත්‍රයක්ම අතීතයේ සිදු වූ සත්‍ය සිදුවීමක් මුල්කරගනිමින් පවත්වන පුද පෙරහැරකි.
ක්‍රිස්තු පුර්ව 161 සිට 133 දක්වා රජ කළ දුටු ගැමුණු මහ රජතුමන් කතරගම දේවාලය ඉදිකර කඳ සුරිඳුන්ට පූජාකර ඉර හඳ පවතිනා තුරා කතරගම දෙවියන්ට චාරිත්‍ර ඉටුකිරීමට නියෝග කර ඇත.

මේ අනුව එතැන් සිට කතරගම දේවාලයේ සියලුම පුද චාරිත්‍ර අඛණ්ඩව සිදු කරනු ලබයි.
කතරගම යන එන කිසිවකුට කිසිදා නැරඹීමට නොහැකි පුද සත්කාර සිදු කරනු ලබන අපුරු කුටියක් ඇත.
කතරගම දේවාලයේ ප්‍රධානම පරිපාලන නිලධාරියා වන්නේ බස්නායක නිලමේ ය. මේ නිලයට අදළ නල නිවසක්ද ඇති අතර කතරගම දේවාලයට ආසන්නයේ මෙම වලව්ව පිහිටා ඇත. දුටුගැමුණු මහ රජතුමාගේ මාමා වන අයකු දේවාලයේ ප්‍රථම බස්නායක නිලමේ ලෙස පත් වු අතර එතැන් සිට මේ දක්වා පත් වූ සියලුම නිලමෙවරුන් මෙම නිල නිවසේ සිට සිය රාජකාරි සිදු කර තිබේ.
මුලින් තිබුණු වලව්වද පිහිටා ඇති භූමියේම මේ දක්වා මෙම වලව්ව පිහිටා ඇති අතර අතීතයේ තිබුණු වලව්ව ගොම මැටි බිත්තිවලින් ඉදිකර තිබුණු බව කතිකාවල සඳහන්වේ.
කාලයත් සමග මෙම වලව්වේ නවීණ ක්‍රම අනුව සංවර්ධනයන් සිදු වුවත් එක් කුටියක් අතීතයේ තිබුණු පරිදිම අදටත් දැක ගතහැකිය.
මෙම කුටිය මුළුමනින්ම ගොම මැටි ගා බිත්තිද මැටියෙන්ම නිර්මාණය කර තිබේ.
මෙහි කිසිවකුට නිදා ගැනීමටවත් අවසරයක් බස්නායක නිලමෙවරයා නොදෙන අතර කාන්තාවන්ට කිසිදු අයුරකින් එහි බිම පෑගිමටවත් නොදෙයි.
කතරගම ඇසළ මංගල්‍යයේ පෙරහැර දින 5ක් ගිය පසු මෙම විශේෂ කුටියේ දී මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් පවත්වා දුටුගැමුණු මහ රජතුමාට හා දේවාලයේ සේවය කළ නිලමෙවරුන්ට, කපුමහත්වරුන්ට පිං අනුමෝදම් කිරීම සිදු කරන අතර මෙම කුටිය තවත් විශේෂ පුද චාරිත්‍ර ඉටු කිරීම පිණිස ද යොදා ගනියි.
කතරගම – කේ.ඩී. දේවප්‍රිය