Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කීවේ පොලිසියට සිදුවන අපවාදයෙන් මුදා ගැනීමටයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කීවේ පොලිසියට සිදුවන අපවාදයෙන් මුදා ගැනීමටයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කීවේ පොලිසියට සිදුවන අපවාදයෙන් මුදා ගැනීමටයි

July 3, 2025
323 Views

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පරීක්ෂණ කමිටුවේදී කියයි

දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟවී සිටී නම් එය දඬුවම් ලැබිය හැකි වරදක් බව තමා ප්‍රකාශ කළේ එම සිදුවීම හරහා පොලිසියට එල්ලවූ අපකීර්තිය හා අපවාදයෙන් ගලවා ගැනීමට මිස ඔහු සමග ඇති අමනාපයක් නිසා නොවන බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ඉකුත් 01 දා පැවසීය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව වැලිගම උ – 15 හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවේ සාක්ෂි විමසීම ඉකුත් 01 දා අවසන් වූ අතර එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා තවදුරටත් සාක්ෂි දුන්නේය.

  • නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා

2025 පෙබරවාරි 27 වැනිදා මාතර අධිකරණය දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු ලෙස නම් කළා. ඔබතුමා මාර්තු මාසයේ 6 වැනිදා තමයි මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේ. එතුමා අතුරුදන් කියලා ඔබතුමා දන්නවාද? ඇයි මෙතන ප්‍රමාදයක් ඇති වුණේ?

  • බුද්ධික මනතුංග මහතා

දවස් දෙකකට පස්සෙ තමයි, ස්වාමීනි මම දැනගත්තේ. මාධ්‍ය දිගින් දිගටම මගෙන් මේ ගැන ප්‍රශ්න කළා.

  • දිලීප පීරිස් මහතා

28 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුගේ ආරක්ෂක නිලධාරීන්, ආරක්ෂක ගිනිඅවි, ඔහුගේ වාහන ආදී සියලු දේ ඉවත් කරලා ගියා කියලා ඔබ දන්නවාද?

  • බුද්ධික මනතුංග මහතා

ස්වාමීනි, අධීක්ෂණ නිලධාරීන්ගෙන් මම මේ පිළිබඳ විමසුවා. 28 වැනිදා ද කියලා මට නිශ්චිතව කියන්න බැහැ. ආසන්න දිනයක්. මම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මගේ වුවමනාවට නොවෙයි. රටේ වුවමනාවටයි. පොලිස්පතිවරයාගේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මම දිගින් දිගටම අවධානයෙන් සිටියා. මම මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාගෙන් නිරන්තරයෙන් ඇහුවා මොකක්ද කරන්නේ කියලා. එතුමා තමයි කිව්වේ අපි මහජනතාවගෙන් සහය ඉල්ලමු කියලා.

නමුත් හැංගිලා හිටියා නම් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ අනුව තමයි මාධ්‍ය හමුවකදී මම ඒ ගැන කිව්වේ. මෙම සිදුවීම නිසා පොලිසියට අපවාදයක් හා අපකීර්තියක් ඇති වුණ නිසාමයි මම එහෙම කිව්වේ.

සමහර මාධ්‍ය මගෙන් දිගින් දිගටම ඇහුවා පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත්තේ නැද්ද කියලා. මම ඒ තීරණ තනියෙන් ගත්තේ නැහැ. දිගින් දිගටම මේ පිළිබඳව පරීක්ෂණ කෙරෙනවා කියලා මහජනයාට කියන්නයි මට අවශ්‍ය වුණේ.

  • දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම මහතා

මම යෝජනා කරනවා ඔබතුමා පුද්ගලිකව දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඒ ප්‍රකාශය කර තිබෙනවා කියලා.

  • බුද්ධික මනතුංග මහතා

නෑ ස්වාමීනි, මට පුද්ගලිකව එතුමා හුඟක් උදව් කරලා තිබෙනවා. මම හොඳට වැඩ කරනවා කියලාත් එතුමා කියලා තිබෙනවා. පුද්ගලිකව එවැනි ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ කියන්න මට අවශ්‍යතාවයක් නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැටියටයි මම වැඩ කළේ.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. එන්. කීර්තිසිංහ මහතාගෙන් සාක්ෂි විමසීම ආරම්භ විය.

එහිදී මෙම සිද්ධියට අදාළව අධිකරණ නියෝග ලැබී තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට නොගැනීමට හේතුව පිළිබඳව කමිටුව සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේය.

සහකාර පොලිස් අධිකාරි කීර්තිසිංහ මහතා

ස්ථාන 20ක විතර අපි දේශබන්දු මහතාව සෙව්වා. ඒ නුගේගොඩ, හෝකන්දර, ගම්පොළ, නිට්ටඹුව,

ගිරිඋල්ල, බෝපිටිය ආදී ප්‍රදේශවලයි. ඔහුගේ සහෝදරියගෙනුත් අපි කටඋත්තරයක් ගත්තා. ඇණකඩයක් කරගෙනයි ඔහුගේ සහෝදරිය සිටියේ. එයාලගේ මහගෙදර වහලා තිබුණා. අපි රාත්‍රියෙත් ගිහින් සොයා බැලුවා. අපේ නිලධාරීන් එතන රෑ පුරාම හිටියා. ආවේක්ෂණ රාජකාරි තමයි අපි කළේ. හිටපු පොලිස්පතිතුමා ගෙදර හිටියේ නැහැ.

මෙහෙයුම් කරන්න යද්දී අපේ නිලධාරීන් ගිනිඅවි අරන් යන්නේ නැහැ. අපේ නිලධාරීන් දින 11 ක් දේශබන්දු මහතාව සෙව්වත් සොයා ගැනීමට නොහැකි වුණා.

  • නීතිඥ එස්. වීරවික්‍රම මහතා

මම යෝජනා කරනවා ඔබතුමා මොනවත් සොයන්නේ නැතිව, අඩු ගානේ ග්‍රාම නිලධාරිගෙන්වත් අහන්නේ නැතිව තමයි සර්ච් කරලා තිබෙන්නේ කියලා.

  • ස.පො.අ. කීර්තිසිංහ මහතා

ස්වාමීනි, මට එවැනි අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ලැබුණු තොරතුරු මත තමයි අපි ක්‍රියාත්මක වුණේ.

  • නීතිඥ එස්. වීරවික්‍රම මහතා

ඔබතුමා බෝපිටිය ගෙදරට ගියේ සර්ච් වොරන්ට් එකක් අරන්ද?

  • ස.පො.අ. කීර්තිසිංහ මහතා

නැහැ ස්වාමීනි, එහෙම සර්ච් වොරන්ට් එකක් අපි ගත්තේ නැහැ. දේශබන්දු මහත්තයා එතන ඉන්නවා කියලා අපිට තොරතුරක් ලැබුණා.

  • නීතිඥ එස්. වීරවික්‍රම මහතා

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහෝදරියගෙන් කටඋත්තරයක් ගත්තා කියලා කිව්වා. මෙතනට ආව කිසිම නිලධාරියෙක්වත්, සාක්ෂිකරුවෙක්වත් එහෙම එකක් කිව්වේ නැහැ. මම යෝජනා කරනවා ඔබ කියන්නේ බොරු කියලා.

  • ස.පො.අ. කීර්තිසිංහ මහතා

ස්වාමීනි, අපේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත තමයි අපි ගිහින් සර්ච් කළේ. අපේ නිලධාරින් මට කියපු දේවල් තමයි මම මෙතන කියන්නේ. සේවය අත්හිටෙව්වාට පස්සේ එතුමා ගෙදර ඇවිත් නැහැ කියලා තමයි මට අපේ නිලධාරීන් වාර්තා කළේ.

  • නීතිඥ එස්. වීරවික්‍රම මහතා

දේශබන්දු මහතා බැඩ්මින්ටන් සෙල්ලම් කළා කියලා වාර්තා වෙලා තියෙනවා. ඔබතුමා කොහොමද ඒක දන්නේ.

  • ස.පො.අ. කීර්තිසිංහ මහතා

දුරකථන විශ්ලේෂණ වාර්තා අපට ලැබුණා. ඒ අනුව තමයි එතැනට ගිහිල්ලා සර්ච් කළේ.
කමල් බෝගොඩ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

මත් රකුසා ගිලගත් කටුරොද ගමේ ඛේදවාචකය – කහවත්ත පොලිසිය හරියට වැඩේ කළා නම් මගේ පුතා මැරෙන්නේ නෑ

ප්‍රාදේශීය පුවත්

කතරගම බස්නායක නිලමැඳුරේ ගොම මැටි ගෑ කුටිය

ප්‍රාදේශීය පුවත්

කහවත්ත OIC යාපනයට මාරුකරයි

ප්‍රාදේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දේශපාලන සහෘදයාට සමුදෙමින්

ප්‍රාදේශීය පුවත්

පොල්ලකින් ගසා බිරිඳ මරා ඌරුබොක්කේ නිවස ළඟම වළ දාලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok