ඉරානය සමග නැවත රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ඇරැඹීමට නම් ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බවට ඇමෙරිකාව විසින් සහතික විය යුතු බව ඉරාන නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති මජිඩ් ටක්ට් රවාන්ච් පවසා තිබේ. බීබීසී ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් ඉරාන නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැතිවරයා විසින් මේ බව පවසා තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය විසින් මැදිහත්කරුවන් හරහා ඔවුනට ඉරානය සමග මෙම සතියේදී නැවත සාකච්ඡා ඇරැඹීමට අවශ්‍ය බව පවසා ඇතත් ඔවුන් විසින් එම සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඉරානයට එරෙහිව වැඩිදුරටත් ප්‍රහාර එල්ල නොකරන්නේද යන්න පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කර නැතැයි ඉරාන නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැතිවරයා සඳහන් කර තිබේ. බටහිර නායකයන් විසින් ඉරානය රහසිගතව න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීම සඳහා යොමු වෙමින් සිටින බවට කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇති ඉරාන නියෝජ්‍ය විදේශ ඇමැති රවන්ච් සාමකාමී අරමුණු සඳහා සිය රටට යුරේනියම්වලින් පොහොසත් විය හැකි බව අවධාරණය කර තිබේ.
Reading: තවදුරටත් පහර නොදෙන බවට ඉරානය ඇමෙරිකාවෙන් සහතිකයක් ඉල්ලයි