Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දිල්ලියේ වායු දූෂණයට හේතු වන පැරැණි වාහන ලක්ෂ ගණනක් අද සිට ඉවතට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දිල්ලියේ වායු දූෂණයට හේතු වන පැරැණි වාහන ලක්ෂ ගණනක් අද සිට ඉවතට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

දිල්ලියේ වායු දූෂණයට හේතු වන පැරැණි වාහන ලක්ෂ ගණනක් අද සිට ඉවතට

July 1, 2025
279 Views

ඉන්ධන ගැසීමත් නවතියි

වායු දූෂණය හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳින ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ධාවනය කෙරෙන වායු දූෂණයට හේතු වන කාබන් ඇතුළු අහිතකර වායුන් වැඩි වශයෙන් පරිසරයට මුදාහරින පැරැණි වාහන සඳහා අද (01දා) සිට ඉන්ධන නිකුත් නොකිරීමටත් එවැනි වාහන දුටු ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඉවත දැමීම සඳහා රැගෙන යෑමටත් දිල්ලි නගර බලධාරීන් විසින් තීරණය කර තිබේ.

ඉකුත් සිකුරාදා (27දා) දිනයේ පැවැති නවදිල්ලි නගරයේ වායු තත්ත්ව කළමනාකරණ කොමිසම විසින් සංවිධානය කර තිබූ ඒකාබද්ධ සමුළුවකදී මෙම තීරණය පිළිබඳව අනාවරණය කර තිබේ. මේ අනුව වසර 10කට වඩා පැරැණි ඩීසල් වාහන හා වසර 15කට වඩා පැරැණි පෙට්‍රල් වාහන ආයු කාලය ඉකුත් වූ (ඊඕඑල්) වාහන සේ සැලකේ.

මෙම වාහන ධාවනය වන ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බවද බලධාරීහු එහිදී පවසා තිබේ. අදාළ සමුළුව අමතා කතා කර ඇති දිල්ලි රජයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා දිල්ලි රථවාහන පොලිසියේ නිලධාරීන්ට අනුව මෙම වසරේ ජුනි මස 01 වැනිදා සිට 23 දක්වා වූ කාලයේදී දිල්ලි නගරයේ ධාවනය වන වාහන ලක්ෂ 1.4කට ආසන්න සංඛ්‍යාවක් මෙසේ පරිසරයට වැඩි වශයෙන් අහිතකර වායුන් මුදාහැරෙන ආයු කාලය ඉකුත් වූ වාහන ලෙස හඳුනාගෙන තිබේ.

මේ වනවිට නගරයෙන් සමස්තයක් ලෙස හඳුනාගෙන තිබෙන ආයු කාලය ඉකුත් වූ වාහන සංඛ්‍යාව ලක්ෂ 8.1කි. පර්යේෂකයන්ට අනුව මෙවැනි ආයු කාලය ඉවත් වූ පැරැණි වාහනයකින් නව වාහනයකට වඩා 5.5ක ගුණයක් වැඩිපුර වායු දූෂක වායුන් පරිසරයට මුදා හැරේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
විදෙස්

නිවසක සුරතලයට ඇති කළ සිංහයා බිත්තියක් උඩින් පැන ගොස් කළ හදියක්

විදෙස්

ටෙක්සාස්හි හදිසි ගංවතුරෙන් 51ක් මරුට

විදෙස්

ඇමරිකානු පක්ෂය පිහිටුවා ඇති බව එලෝන් මසක් නිවේදනය කරයි

විදෙස්

දලයිලාමා වසර 130 ආයු කාලයකට සූදානම් බව පවසයි

විදෙස්

තැකරේ සහෝදරයෝ එකට එක්වී අගැමති මෝදිට අභියෝග කරති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok