දකුණු දිග යුරෝපා රටවල්වල මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එම රටවල වැසියන්ට සෞඛ්‍ය අවදානම් නිවේදනයන් නිකුත් කර ඇති අතර ලැව් ගිනි හට ගැනීමේ අවදානමක් පැන නැගී ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රීසිය ඇතුළු දකුණු දිග යුරෝපා රටවල් ගණනාවක පරිසර උෂ්ණත්වය ඊයේ (30දා) වන විට සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබූ අතර අධිකම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 46 ස්පාඤ්ඤ නගරයක් වන “එල් ග්‍රැනාඩෝ” නගරයෙන් වාර්තා වී තිබේ.
මේ අතර ඉතාලියේ පිහිටි නගරවලින් තාප ආඝාතයට (හීට් ස්ට්‍රෝක්) ගොදුරු වූ විශාල පිරිසක් පිළිබඳව වාර්තා වී ඇති බව ඉතාලියේ හදිසි සේවා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.