ඉන්දියාවේ හයිද්‍රාබාද් හි ඖෂධ නිෂ්පාදන කම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් අට දෙනකු මියගොස් තවත් 26 දෙනකු තුවාල ලබා තිබේ.
සිගාචි කෙමිකල්ස් ආයතනයේ මෙම පිපිරීම සිදුව තිබේ. පිපිරීම සිදුවන විට ගොඩනැඟිල්ලේ පුද්ගලයන් 61 දෙනකු සිටි අතර කිහිප දෙනකු තවමත් ඇතුළත සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය කියයි.
ඖෂධ නිෂ්පාදන ඒකකයේ එක් ප්‍රතික්‍රියාකාරකයක පිපිරීම සිදුවී තිබේ.
චතුර පමුණුව