රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා සිකුරාදා මුම්බායි හි ඔෂිවාරා හි ඇගේ නිවසේදී මියගොස් තිබිණි. ඒ වන විට ඇය 42 වැනි වියේ පසු වූවාය. ඇගේ සැමියා වන පරාග් ත්‍යාගි සහ තවත් තිදෙනකු විසින් ඇයව කූපර් රෝහලට ඉක්මනින් ගෙන ගිය බව වාර්තා වූ අතර, පසුව වෛද්‍යවරු ඇය මියගිය බව ප්‍රකාශ කළහ. ඇගේ මරණයට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.
ෂෙෆාලි ජරිවාලා මියගිය බව දැනගත් බොලිවුඩ් විනෝදාශ්වාද කර්මාන්තය කම්පනයට පත් විය. නිළියගේ මරණයට නිශ්චිත හේතුව තවමත් පැහැදිලි නැත. ෂෙෆාලි මියගිය ආකාරය පිළිබඳ අභිරහස තවමත් විසඳී නොමැත. ආරංචිමාර්ග සඳහන් කළේ නිළිය අපස්මාරයෙන් පෙළෙන බවත්, වයස්ගත වීම වැළැක්වීමේ පෙති ද ලබාගෙන සිටි බවත්ය. කූපර් රෝහලේ වෛද්‍යවරුන් ෂෙෆාලිගේ මරණයට හේතුව පිළිබඳව තවමත් අදහස් දක්වා නොමැත. කෙසේ වෙතත්, වැඩිදුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇගේ රුධිර හා අභ්‍යන්තර අවයව සාම්පල සංරක්ෂණය කර ඇති බව ද වාර්තාවේ සඳහන් විය.
ෂෙෆාලි ජරිවාලා වයස්ගත වීම වැළැක්වීමේ එන්නත ලබාගෙන ඇති අතර පසුව ඇගේ රුධිර පීඩනය විශාල ලෙස පහත වැටී තිබේ. නිළියගේ මරණය සම්බන්ධයෙන් කිසිවකු සැක නොකරන බවත් ඇය හෘදයාබාධයක් හේතුවෙන් මියයන්නට ඇති බවට සැක කරන බවත් මුම්බායි පොලිසියේ නිලධාරීන් පවසයි.