ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් කියයි
මෑත වසරවලදී, ලොව පුරා සිටින ජනතාව තරුණ ප්‍රජාව අතර මානසික සෞඛ්‍ය ගැටලු වඩ වඩාත් බරපතළ වෙමින් පවතින බව වටහා ගැනීමට පටන් ගෙන තිබේ. එක් කණ්ඩායමක්, එනම් පිරිමි ළමුන් සහ තරුණයන් ඔවුන් අතරින් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත. දශක ගණනාවක් පුරා සිදු කරන ලද පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ, පිරිමින් තම මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සහය ලබා ගැනීමට කාන්තාවන්ට වඩා අඩු නැඹුරුවක් දක්වන බව වන අතර 2023 වසරේ සිදු කළ එක්සත් ජනපද අධ්‍යයනයකින් හෙළි වූයේ, එම ප්‍රමාණය 40%කින් අඩු බව ය.
නමුත් නව යොවුන් වියේ පසුවන පිරිමි ළමුන් සහ තරුණයන් උදව් ඉල්ලන්නේ කෙසේ ද, හෝ කිනම් අවස්ථාවකදී ද යන්න පිළිබඳ අප තවමත් දන්නේ සුළු ප්‍රමාණයකි. “මේක කනස්සල්ලට කරුණක්,” යැයි යුරෝපීය ළමා හා යොවුන් මනෝචිකිත්සක ජර්නලයේ 2024 සමාලෝචනයක සඳහන් කර ඇත්තේ, “නව යොවුන් වියේ පිරිමි ළමුන් සහ තරුණ පිරිමින් සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ මට්ටමක පවතින නමුත් සේවා ලබා ගැනීමට අඩු,” නිසා ය. පසුගිය වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පර්යේෂණයකට අනුව, ගෝලීය වශයෙන් වයස අවුරුදු 10ත් 19ත් අතර නව යොවුන් වියේ පසුවන දරුවන් හත් දෙනකුගෙන් එක් අයෙක් මානසික ආබාධයකින් පෙළෙයි. විෂාදය, කාංසාව සහ හැසිරීම් ආබාධ වඩාත් සුලභ ආබාධ බව එමගින් සොයා ගෙන ඇති අතර, වයස අවුරුදු 15-29 අතර පසුවන පුද්ගලයන් අතර මරණයට තුන්වන ප්‍රධාන හේතුව සියදිවි නසා ගැනීම බව ද සොයාගෙන තිබේ.