Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අම්මා සින්දුවේ දර්ශනයේදී ඇත්තටම ඇඬුණා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අම්මා සින්දුවේ දර්ශනයේදී ඇත්තටම ඇඬුණා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකමීවිත

අම්මා සින්දුවේ දර්ශනයේදී ඇත්තටම ඇඬුණා

June 29, 2025
141 Views

ඉන්ද්‍රානිගේ චරිතය රඟපෑ දිනක්ෂි
ක්ලැරන්ස්ගේ ගීත අමරණීයයි

ශ්‍රී ලාංකීය සංගීතයේ ස්වර්ණමය යුගයක සප්ත ස්වරයට පෙම්බැඳි ඔහුගේ ආත්මය ස්පර්ශ කරන්නා වූ සදාදරණීය සිනමා ආමන්ත්‍රණය ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් සිනමා නිර්මාණය පසුගිය සිකුරාදා සිට රටපුරා සිනමාහල්වල තිරගත කිරීම ආරම්භ කළා. මෙය තේජා ඉද්දමල්ගොඩගේ අධ්‍යක්ෂණයක් වන අතර කැන්ඩි සිටි සෙන්ටර් හි අධිපති තුසිත විජයසේනගේ නිෂ්පාදනයකි. මෙම සිනමා නිර්මාණයේ ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ දිනක්ෂි ප්‍රියසාද් විසිනි. ඉතිං අද දවසේ අපේ කතානායිකාව දිනක්ෂි ය.

දිනක්ෂි රංගනයෙන් දායක වන ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළා. ඔබ එහි රංගනයෙන් දායක වන ඉන්ද්‍රානිගේ චරිතය සුවිශේෂයි?

ඇත්තටම ඔබ කිව්වා වගේ ඒක සුවිශේෂී අවස්ථාවක්. අපිට ඉන්න ලිවින් ලෙජන්ඩ් කෙනෙක් තමයි ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය. ඉතිං ඒ වගේ චරිතයක් මට කරන්න ලැබීම මගේ ජීවිතයේ මට ලැබුණු භාග්‍යයක්. මුලදී පොඩි පොඩි බයක් හා චකිතයක් තිබුණා ඒකට ආරාධනා කරද්දී. මම හැමවෙලාවේම කල්පනා කළේ කොහොමද ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ රූපය, ගුණාංග සහ ගතිලක්ෂණ චරිතයට අරගෙන එන්නේ කියලා. ඒ පිළිබඳව තීරණය හැමවෙලේම සිදුකළේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන තේජා ඉද්දමල්ගොඩ මහත්මයා. ඔහු තමයි කිව්වේ රූපය කොහොමද යන්න ඕනෑ, ගතිලක්ෂණ කොහොමද චිත්‍රපටය පුරාවට ගෙන යන්න ඕනෑ කියන කාරණා. අන්තිමේ ඒකත් එක්ක එකතුවෙලා මම වැඩේ සිදුකළා.

මෙහි පිටපත අතට හම්බවුණහම ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය හමුවෙලා කතාබහක් එහෙම සිදුකළාද?

මට මතක හැටියට ඔය චිත්‍රපටය රූගත කිරීම් පටන්ගන්න කාලයේ ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ලංකාවේ හිටියේ නැහැ. විදෙස්ගත වෙලයි හිටියේ. ඒකත් එක්ක අපිට හමුවෙන්න අවස්ථාවක් හම්බවුණේ නැහැ. නමුත් ඇයගේ පැරණි වීඩියෝ පට, පැරණි පුවත්පත්වල ඇය ගැන සඳහන් වුණ ලිපි, එම ලිපිවල පළකරලා තිබුණ ඡායාරූප රැසක් අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ මහත්මයා ළඟ තිබුණා. නිතරම ඒවා අධ්‍යයනය කරමින් බලමින් තමයි මේ චරිතය නිර්මාණය කළේ. ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය එක්ක නිතරම තේජා ඉද්දමල්ගොඩ අයියා කතාබහ කරලා යම් යම් තීරණ එළැඹිලා තිබුණා.

දිනක්ෂි ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ රසිකාවියක්ද?

මම කොහොමත් ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගීතවලට වගේම ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීතවලටත් කැමැතියි. ඒ කාලේ ඉඳලා මම රූපවාහිනි නාළිකාවල ගීත ගායනා කරනකොට එහෙම තෝරාගන්නවා ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගීත. මොකද ඒ ගීත හරිම සෞම්‍යයි. ලස්සන ගීත.

මේ චිත්‍රපටයේ ‘අම්මා’ ගීතය ගායන කරන දර්ශන පෙළ හරි සංවේදී දර්ශනයක්. ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ නෙතට කඳුළක් ගෙනා රූප පෙළක්. ඇත්තටම ඔබටත් ඒ වෙලාවේ ඇඬුණාද?

ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය නරඹනකොට ඇතිවුණ හැඟීම ම තමයි මට වගේම එතැන රංගනයෙන් දායක වුණ හැමෝටම වගේ මගේ නිෂ්පාදක කණ්ඩායමටත් දැනුණේ. ඉතිං ඔය දර්ශනය රූගත කළාට පස්සේ හැමෝම අත්පුඩි ගැසුවා. එච්චරටම හැමෝටම දැනුණා. එක රූගත කිරීමකින් ඒ දර්ශනය රූගත කළා. ඒ දර්ශනය කළාට පස්සේ තේජා ඉද්දමල්ගොඩ අංකල් ඔහුගේ ජංගම දුරකථනයට ඒක දාගෙන නිතර නිතර නැරඹුවා. හැමෝමට අම්මා කියන චරිතය සුවිශේෂී චරිතයක්. ඉතිං ඒක හින්දා අම්මා ගැන කොයිවිදිහට ගායනා වුණත් අපිට ඒක හදවතේ කොතැනකට හරි දැනෙනවා.

මාධ්‍ය දර්ශනයේදී සාරංග කියනවා එදා ඒ සීන් එක කරනකොට දිනක්ෂිට ඇත්තටම ඇඬුණා කියලා?

ඔව්. එතැනදී මට ඇත්තටම ඇඬුණා. මට ඒ දර්ශනයේදී ග්ලිසරීන් භාවිතා කළේ නැහැ. ඒ දර්ශනයට රඟපාද්දි ලැබෙන කාලවේලාවත් එක්ක ඒ දර්ශනවලට අපි සූදානම්වෙනවා. සින්දුවත් වාදනය වෙලා චරිතය නිරූපණය කරද්දී මට ඇත්තටම කඳුළු ආවා.

ත්‍රී සිස්ටර්ස්ලා විදිහට දිනක්ෂි, ශනුද්‍රි වගේම ශේෂාද්‍රි තුන්දෙනා එකට රඟපාන්නෙත් පළමු වතාවට නේද?

ඔව්. අපි තුන්දනො එක රූප රාමු පෙළකට ඉන්නේ පළමු අවස්ථාවට. ඒකත් සුන්දර අත්දැකීමක්. මොකද හැමෝටම හම්බවෙන්නේ නැති අවස්ථාවක්. මේකත් හරිම සුවිශේෂී අවස්ථාවක්. ඒ තීරණය ගත්තෙත් අපි චිත්‍රපටයේ අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ අංකල්. මම මේ දවස්වල සමහර වෙලාවට දකිනවා විවිධ අදහස්. තවම කවුරුවත් හරියට චිත්‍රපටය නරඹලා නැහැනේ. සමාජ මාධ්‍ය හරහාත් විවිධ අදහස් එකතුවෙනවා. ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ චරිතයට මාව සුදුස ුනැහැ, රූපය ඒ විදිහට නැහැ, හමේ වර්ණය ඒ විදිහට නැහැ යන අදහස් පළවෙනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකයා පැත්තෙන් ගත්තොත් ඒක සාධාරණයි. ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය කිව්වහම ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඇගේ රූපය. ඇනස්ලි මාලේවන කිව්වහම ඔහුගේ රූපය. ක්ලැරන්ස් විජේවර්ධන කිව්වහම ඔහුගේ රූපය. අපිට සමහර වෙලාවට නිර්මාණ කටයුත්තක් කරද්දී යම් යම් ගැටලු ප්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණදෙන්න සිද්ධවෙනවා.

ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ ශ්‍රී ලාංකීය සංගීතයේ එක්තරා යුගයක පුරාවෘත්තයක්. ඉතිං මේ නිර්මාණයටත් විවිධ විචාර විවේචන පවා එල්ලවෙන්නත් පුළුවන්. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

ඇත්තටම මට හිතෙනවා ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීත අපි අදටත් අහනවානේ. දැන් පරම්පරාවන් වෙනස් වුණාට තවමත් අලුත් පරම්පරාවත් ඒ ගීත රසවිඳිනවා. ඒ ගීත හරිම අමරණීයයි. දැන් අපි ගොඩක් වෙලාවට ඉතිහාස කතා කියලා නිර්මාණය කරන්නේ ගොඩක් පැරණි ඉතිහාස කතානේ. එක්දහස් හාරසීය, පන්සියය සහ ඊටත් එහා ඉතිහාස කතානේ. දැන් අපි ඒවා ගොඩක් දැකලා තියෙනවා. යම්කිසි ඒකාකාරී බවකුත් ප්‍රේක්ෂකයන්ට ඇවිත් තියෙනවා. මම හිතන්නේ මේ නිර්මාණයෙන් අපි කතාබහ කරන්නේ මෑත ඉතිහාසයනේ. ඒවගේ කතාවක් ඒ වගේ ජීවිත කතාවක් මෑතකාලයේ සිනමාවට එකතුවුණේ නැහැනේ. ශ්‍රී ලාංකීය සිනමාවත් දැන් හොඳ තැනකට එමින් පවතිනවා. ඉතිං විවිධ ශානරයන්ගේ චිත්‍රපට අතරට මේ වගේ ශානරයේ චිත්‍රපටයකුත් සිනමාවට එකතුවීම ගැන ඇත්තටම සතුටුයි.

ඇනස්ලිගේ චරිතය රඟපාන්නේ සාරංග. තිරයේදී ඔහුගේ රංගනය ඔබ දුටුවේ කොහොමද?

සාරංග චරිතයකට සාමාන්‍යයෙන් ගොඩාක් සූදානම් වෙන කෙනෙක්. ඒ ගැන සෑහෙන හිතනවා සහ අධ්‍යයනය කරනවා. ඒ වගේම ඒ චරිතයට සියයට දාහක් කැපවීම ලබාදෙනවා. ඉතිං ඒක ඔහුට ලැබෙන සුළු චරිතයක්ද, උප ප්‍රධාන චරිතයක්ද ප්‍රධාන චරිතයක්ද කියලා වෙන්කරගන්නේ නැහැ. ඔහුට ලැබෙන තත්පර කිහිපයේදී ඉතාමත් හොඳට පාවිච්චි කරන රංගන ශිල්පියෙක් විදිහට තමයි මම දැකලා තියෙන්නේ. ඉතිං මේ චිත්‍රපටයේදීත් ඔහු ලස්සන ප්‍රධාන චරිතයක් තමයි නිරූපණය කරන්නේ. ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ හොඳම යාළුවා ඇනස්ලි මාලේවන මහත්මයාගේ චරිතය. ක්ලැරන්ස්ගේ චරිතය රඟපාන අපේ දමිත් මල්ලිටත් හොඳ සහයෝගයක් දෙමින් ඔහු හොඳට රඟපානවා. මම හිතනවා ප්‍රේක්ෂකයන් ඇනස්ලි අංකල්ගේ චරිතයත් මිනිස්සු ආදරෙන් භාරගනීවි කියලා.

ඇනස්ලි මාලේවන මහත්මයා සමග චිත්‍රපටයේ රූගත කිරීම්වලදී කතාබහ කරන්න එහෙම හම්බවුණාද?

ඇනස්ලි මහත්මයාව මේ චිත්‍රපටයේ රූගත කිරීම්වලදී පවා හම්බවෙලා තියෙනවා. චිත්‍රපටය මට දැනෙන විදිහට ඔහුගේ පොයින්ට ඔෆ්වීව් එකෙන් තමයි යන්නේ. ඔහු තමයි මේ කතාව ප්‍රේක්ෂකයන්ට කියන්නේ. මේක ඩොකියුමන්ටි්‍ර එකක් නෙමෙයි. හැමදේම මේ චිත්‍රපටයේ නැතිවෙන්නත් පුළුවන්. ඉතිං ඇනස්ලි මහත්මයා දැකපු විදිහ ඔහු හිටපු තැන් තමයි මේ චිත්‍රපටයේ ගොඩක් ටච්වෙලා තියෙන්නේ. සමහරක්වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මෙයා නෑනේ මේ චිත්‍රපටයේ මෙයාට මොකද වුණේ කියලත්. අර සංගීත කණ්ඩායම නෑනේ. ඒ ගොල්ලන්ට අමතක වුණාද?. සමහරක්විට ඇනස්ලි මහත්මයා ඒ තැන්වල හිටපු නැති නිසා ඒ පිළිබඳව නොකියා ඉන්න පුළුවන්. ඉතිං ඔහු දැකපු ක්ලැරන්ස් තමයි මේ චිත්‍රපටය හරහා දකින්න ලැබෙන්නේ.

දිනේෂ් විතාන
ඡායාරූප – යෝශිත ලියනගේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
අතිරේක විශේෂාංග

දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ

අකුරු දි​ගේ අතිරේක

ජයතිලක සාහිත්‍ය

අකුරු දි​ගේ අතිරේක

ඒ සමාජ – දේශපාලන අරගලයෙන් බිඳක්

අතිරේක මීවිත

ලකාගෙ වැඩවල මට හම්බවුණේ දුවන්නමයි… – අංජන ප්‍රේමරත්න

අතිරේක මීවිත

ආලවන්ත වීදියේ සින්දු ලියන දොස්තර…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok