ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට අනුබද්ධ ක්‍රීඩා සමාජයක් ශ්‍රී ලංකාවේ පළමු වරට සංවිධානය කළ සමස්ත ලංකා විවෘත පංචප්‍රයාම පිහිණුම් තරගාවලියක් පසුගියදා බණ්ඩාරගම ක්‍රීඩා සංකීර්ණ පිහිණුම් තටාකය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 පමණ සහභාගිත්වයෙන් පැවැත් වුණි.
තක්‍ෂිලා ජල ක්‍රීඩා සමාජය පළමු වරට සංවිධානය කළ මෙම තරගාවලිය වයස් කාණ්ඩ හයක් යටතේ මීටර් 50 සහ මීටර් 25 වශයෙන් තරග අංශ දෙකක් යටතේ, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා විනිසුරුවන්ගේ අධීක්‍ෂණය යටතේ ඉතා සාර්ථකව පවත්වා ඇත.
තක්‍ෂිලා ජල ක්‍රීඩා සමාජයේ ලේකම් ඩබ්. එස්. බන්දුල මහතා විසින් මෙම තරගාවලිය සංවිධාය කරනු ලැබීය.

සමස්ත ලංකා විවෘත පංචප්‍රයාම පිහිණුම් තරගාවලියේ කාන්තා ශූරතාවය කලුතර බාලිකා ජාතික පාසල අත්කර ගනු ලැබීය. එහි ප්‍රධාන පිහිනුම් පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබූ ඔහු නමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිහිනුම් වර්ණලාභී ෂෙල්ටන් ප්‍රනාන්දුය මහතාය. මතුගම ශාන්ත මරියා විද්‍යාලයේ වසර 05 ක කාලයක් ද වර්තමානයේ කලුතර බාලිකා ජාතික පාසලේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ද ඔහු කටයුතු සිදු කරනු ලබන්නේය.