සුප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් ප්‍රධාන චරිතයට පණ පොවන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන Sitaare Zameen Par චිත්‍රපටය අද සිට (ජූනි20) ඉන්දියාව ඇතුළු ලොව පුරාම තිරගත වේ. මෙහි අධ්‍යක්ෂකවරයා වනුයේ R.S. Prasanna ය. මෙහි නිෂ්පාදනය සිදු කර තිබෙන්නේ අමීර් ඛාන් සහ Aparna Purohit විසිනි.
“සිතාරේ සමීන් පේට් යනු ප්‍රේමවත් සහ සංවේදී තේමා වලින් පිරුණු, ආත්මාභිවෘද්ධිය, කරුණාව සහ මිනිස් සබඳතාවල වෙනස්කම් ගෙනෙන බලය පිළිබඳව කතාවකි.
Sitaare Zameen Par චිත්‍රපටය පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරනවා නම්, 2018 වර්ෂයේ තිරගත වුණ ස්පාඤ්ඤ (Spanish) චිත්‍රපටයක් වන ‘Campeones’හි ප්‍රතිනිර්මාණයක් ලෙස නිර්මාණය වී තිබේ.
මෙහි කතාව දිග හැරෙන්නේ ගුල්ෂන් නම් හැකියාවන් පිරිපුන් පැසිපන්දු පුහුණුකරුවෙක් වටායි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ගුල්ෂන්ගේ චරිතය රඟදක්වන්නේ අමීර් ඛාන්ය. ගුල්ෂන් විසින් සිදු කරන නීති කඩකිරීමක් සහ ඔහුගේ නොමනා හැසිරීම නිසා දඬුවමක් විදිහට ප්‍රජා සේවා කටයුතු සඳහා යොමු කරනු ලැබීමත් එක්ක මෙහි කතාව ආරම්භ වේ.
මෙය ලංකාවේ ප්‍රදර්ශනය සඳහා කටයුතු කරනු ලබන්නේ ‘Antenna International’ පෞද්ගලික සමාගමයි. EAP මණ්ඩලයේ තෝරාගත් සිනමා ශාලා හරහා මෙම චිත්‍රපටය නැරඹීමට හැකිය.