ඉරානය විසින් කිසිදු ප්‍රකෝප කිරීමක් නොකරන ලද නමුත්, ජුනි 13 වන සිකුරාදා රාත්‍රියේ ඉරාන සිවිල් ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කරමින්, ඉරාන සිවිල් වැසියන්, විද්‍යාඥයන් ඝාතනය කරමින් සහ සිවිල් න්‍යෂ්ටික පහසුකම් විනාශ කරමින්, ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ආක්‍රමණය හෙළා දකින බව ජාතික ෂුරා සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඉරානයේ විදුලිය ජනනය කරන සිවිල් න්‍යෂ්ටික බලාගාරවලට එල්ල වූ භයානක ඊශ්‍රායල ප්‍රහාර ජාතික ෂුරා සභාව දැඩි ලෙස හෙළා දකින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුළුල් විකිරණ කාන්දුවක් සිදුවිය හැකිව තිබූ අතර සහ එය සිදු වූවා නම් එමඟින් කලාපයේ මිලියන ගණනකට මරණය හා විනාශය සිදුවිය හැකිව තිබුණි. බීබීසී උපුටා දැක්වූ පරිදි ඊශ්‍රායල ප්‍රහාර “විශිෂ්ට” ලෙස අගය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ හා සමානව හෙළා දැකිය යුතුව ඇති බව නිවේදනය කියයි.
කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාර දියත් කරන ලද්දේ “න්‍යෂ්ටික සන්නද්ධ ඊශ්‍රායලය” විසින් වන අතර, “න්‍යෂ්ටික සන්නද්ධ නොවන ඉරානය” අනවශ්‍ය යුද්ධයකට පොළඹවන ලදී. ඔවුන්ගේ ප්‍රහාරයට කඩතුරාව වූයේ නොවිසඳුනු න්‍යෂ්ටික ආශ්‍රිත ගැටලු බව පවසන අතර මේවා දැනටමත් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් සංවාදය හරහා විසඳමින් සිටී.
සිකුරාදා සිදු වූ භයානකම ඊශ්‍රායල ආක්‍රමණය 2003 වසරේදී සිදුකරන ලද ඉරාක ආක්‍රමණයට වඩා දරුණු ය. එවකට එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් බුෂ්, බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ගේ සහාය ඇතිව ඉරාකයේ බාත් පක්ෂ නායක සදාම් හුසේන් මහා විනාශකාරී රසායනික හා ජීව විද්‍යාත්මක සමූල ඝාතක අවිවලින් සන්නද්ධ බවට ව්‍යාජ චෝදනා කරමින් සහ සදාම්ගේ සමූල ඝාතක අවිවලින් බ්‍රිතාන්‍ය මිනිත්තු 45 ක් තුළ විනාශ කළ හැකි බවට රැවටිලිකාර, බොරු ප්‍රකාශ කියමින් ඉරාකයට පහර දෙන ලදි. නමුත් එවැන්නක් අනාවරණය කිරීමට ඔවුහු සමත් නොවූහ. එම මතවාදය ව්‍යාජ එකක් බව ඉන් පැහැදිලිය.
ලෝක සාමය සහ ආර්ථික සහනය උදෙසා ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකින ලෙසත්, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හරහා ගැටලු විසඳීම සඳහා සංවාදයක් සිදුකිරීමට සහාය වන ලෙසත් ජාතික ෂුරා සභාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. තවද, ජාතික ෂුරා සභාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ, ජාත්‍යන්තර අධිකරණයේ මෑත කාලීන උපදේශනය උල්ලංඝනය කරමින්, ‘පලස්තීන ප්‍රදේශවල’ සිටින ඊශ්‍රායල පදිංචිකරුවන්ට නීති විරෝධී ලෙස ආධාර කරමින්, පසුගිය රජය විසින් පලස්තීන ජාතිකයන් වෙනුවට ආදේශ කිරීම සඳහා යවන ලද ශ්‍රී ලාංකිකයන් 20,000 ගේ පමණ පිරිස කඩිනම් සහ ආරක්ෂිතව නැවත පැමිණීම සහතික කරන ලෙසයි.
ඉරානයට එල්ල කරන ලද ප්‍රකෝපකාරී ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර හෙළා දකිමින් සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව, චීනය, රුසියාව, යුරෝපා සංගමය (EU) සහ තවත් රටවල් කිහිපයක් විසින් කරන ලද ප්‍රකාශ ජාතික ෂුරා සභාව අගය කරයි.
‘ඉරාන ඉස්ලාමීය ජනරජයට එල්ල වූ සියොන්වාදී ආක්‍රමණය’ හෙළා දකින ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (CP) ප්‍රකාශයද ජාතික ෂුරා සභාව අගය කරයි.
ලංකා කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රහාරය හෙළා දකින ලෙසත්, සියොන්වාදී ආයතනය සමග සබඳතා බිඳ දමන ලෙසත්, ‘මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් ආරක්ෂා කිරීමට’ පියවර ගන්නා ලෙසත්ය. මේ අතර, එක්සත් ජනපද සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ප්‍රශංසා කළ යුතු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “අන්තවාදී නෙතන්යාහුගේ රජය, ලෝකය වඩාත් භයානක හා අස්ථාවර කර ඇති” බවයි. ඉරානයට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණය හේතුවෙන්, ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුළත ලෝක තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 8 සිට ඇමෙරිකානු ඩොලර් 10 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ශ්‍රී ලංකාව සහ අනෙකුත් තුන්වන ලෝකයේ පුනර්ජීවනය සඳහා වෙර දරන ආර්ථිකයන්ට අහිතකර ලෙස තර්ජනයක් වී තිබේ.
ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි බලවත් ඊශ්‍රායල් ආධාරකරුවන් පාලනය කරනු ලබන්නේ දක්ෂිණාංශික අන්තවාදී නායකයන් විසින් වන අතර ඔවුන් තම න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට පසුබට නොවනු ඇත. එය සිදුවුවහොත් පර්සියානු – අරාබි මැද පෙරදිග කලාපයේ මිලියන ගණනක අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි කළ හැකි අතර තවත් හිරෝෂිමා සහ නාගසාකි වැනි ව්‍යසනයක් බවට පත් විය හැකිය. එබැවින්, ඕනෑම ආරක්ෂක ප්‍රතිචාරයක් දැක්වීමේදී සංයමයෙන් කටයුතු කරන ලෙස ජාතික ෂුරා සභාව ඉරානයෙන් ද ඉල්ලා සිටී.
1917 දී ඒකපාර්ශ්විකව ප්‍රකාශයට පත් කරන ලද බ්‍රිතාන්‍ය අනුග්‍රහය ලත් බැල්ෆෝර් ප්‍රකාශනයේ සිට, සියොන්වාදී ත්‍රස්ත කල්ලි විසින් දහස් ගණනක් පලස්තීනුවන් ඝාතනය කිරීම සහ භූමියෙන් ඉවත් කිරීම සහ 1948 සිට ඊශ්‍රායල ආයතනය විසින් ‘රාජ්‍ය දෙකේ විසඳුම’ පවා විනාශ කිරීම සම්බන්ධයෙන්, මිනිස් වර්ගයාගේ බහුතරයකගේ නිශ්ශබ්දතාවය, අද දක්වාම නිරායුධ පලස්තීන කාන්තාවන් සහ ළමයින් සිය ගණනක් දිනපතා ඝාතනය කිරීමට ඊශ්‍රායලයට ධෛර්ය ලබා දී ඇති අතර, වර්තමානයේ මැද පෙරදිග අනෙකුත් කලාපද භීතියට පත් කිරීමට ඊශ්‍රායලයට ධෛර්ය ලබා දී ඇති බව ජාතික ෂුරා සභාව විශ්වාස කරයි.

එම්. එම්. සුහයිර්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ
ජනාධිපති නීතිඥ