මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන (19දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ ඇත.
එමෙන්ම ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණියක් වන චන්දුලා රමලි රඹුක්වැල්ල ඊයේ (18දා) අත්අඩංගුවට ගැනුණි.