එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණේ . හෙතෙම මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 23 න් වැනිදා ය .
ඒ අනුව , ශ්‍රී ලංකාවට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙක් පැමිණෙන්නේ වසර දහයකට , (එනම් 2015 වසරෙන් ) පසුවය.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන පරිදි පසුගිය වසරේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ජිනීවාහිදී හමුවී සිදුකළ ආරාධනයකට අනුව කොමසාරිස්වරයා මෙරටට පැමිණීමට නියමිත තිබේ .
එම නිල සංචාරයේදී වෝල්කර් ටර්ක් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා, අධිකරණ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් හමුවීමට නියමිතව තිබේ.
නිල සංචාරය අතරතුර මහකොමසාරිස්වරයා මහනුවර, යාපනය, ත්‍රිකුණාමලය, ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.
මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මෙරට සංචාරය අතරතුර, මානව හිමිකම් පිළිබඳ විශේෂ සැසිවාර කිහිපයකට සහභාගි වීමටද නියමිතයි.
