Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුද්දන් විසින් මරා දැමුණු කුඩාපොළ හාමුදුරුවෝ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුද්දන් විසින් මරා දැමුණු කුඩාපොළ හාමුදුරුවෝ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

සුද්දන් විසින් මරා දැමුණු කුඩාපොළ හාමුදුරුවෝ

2 days ago
481 Views
ඡායාරූපය - අන්තර්ජාලයෙනි

විදේශිකයන්ගේ තාඩන පීඩනවලින් මව්බිමත් ජාතියත් ගලවා ගැනීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් සටන්බිමට බට සිංහලයේ නිදහස්කාමීන්ට විරුද්ධව නැගි ඉංග්‍රීසීන්ට එක්වූ ද්‍රෝහීන්ගේ ගණන ද ක්‍රමයෙන් වැඩි විය.

ඉරණම

එදින උදෑසන රන්ගිරි දඹුලු ලෙන් බිම හරහා හමන්නට වූ නිදහස් සටනට සහභාගි වූවනට ගෙදර සතුරන්ටත් පිටින් ආ සතුරන්ට විරුද්ධව සටන් කිරීමට සිදුවූයේය. ද්‍රෝහින්ගේ ද්‍රෝහිකම් නිසා සිංහලේ සටන අඩපන වී යාමට එතරම් කලක් ගත නොවීය.

කුරුණෑගල යුද්ධාධිකරණ්ය මගින් දුන් තීන්දුව අනුව වෙඩි තබා මැරීමෙන් පසුව මහජන ප්‍රදර්ශනය පිණිස මෘත ශරීරය එල්ලා දමනු ලැබූ සිංහලේ යුවරජුගේ ඉරණම ගැන ඇසු සිංහලේ නිදහස් කාමීහු තවදුරටත් කුරුණෑගල ඉංග්‍රීසින්ගෙන් ගලවා ගැනීමේ ප්‍රයත්නයක් ගැන කල්පනා නොකළහ.

මාතලේත් දඹුල්ලේත් කැලෑවැදී ඉංග්‍රීසින්ට සහාය වන ද්‍රෝහී කණ්ඩායම් මගින් සිරභාරයට ගනු ලැබූ සිරකරුවන් දිනපතාම ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට වැඩි වැඩියෙන් පත්වන්නට විය.

මාතලේ නිදහස් සටන මෙහෙයවූ පුරන් අප්පුත්, සිංහ ලේ රජකම් ලැබ සිටින ගොන්ගාලේ ගොඩ බණ්ඩාත් අල්ලා ගතහොත් සිංහලේ සටන කෙළවරයකට පත්වන බැව් ඉංග්‍රීසි යුද්ධාධිකාරී හු තීරණය කළහ. මහනුවර දිසාපති බුලර් මහතාට මේ පිළිබඳව මහත් බැරෑරුම් කාර්ය යුද හමුදා නායක වෙතින් පැවරින. ගොන්ගාලේගොඩ බණ්ඩා පිළිබඳව සියලු තොරු තාන්න මාන්න ලබාදීමේ පොරොන්දුපිට සිංහලයන් අතින් ලබාගන්නැයි දිසාපතිගෙන් මහනුවර සේනාධිනායක ඩ්රාප්ට් ඉල්ලීමක් කෙළේය.

තොරතුරු

ගොන්ගාලේගොඩ බණ්ඩා අල්ලා ගැනීමට ඉවහල් වන තොරතුරු සැපයීමේ කාර්ය භාරගත් මහනුවර දිසාපතිවර හා උඩදුඅම්බර, පාතදුම්බර, හේවාහැට, හේවාවිස්ස, හාරිස්පත්තු ඉහළ විසිදෙක පහළ විසිදෙක යන කෝරළවල කෝරාළවරුන් හා රටේ මහත්වරුන් මහනුවරට කැඳෙව්වේය. ගොන්ගාලේගොඩ බංඩාත් පුරන් අප්පුත් සිරභාරයට ගැනීමට ඉවහල් වන ඔත්තු සපයන කෙනෙකුට රාජද්‍රෝහීන් අල්ලා දීම පිළිබඳ පළමු තෑග්ග හිමි වන බැව් දිසාපතිවරයා විසින් රැස් වූ පිරිසට විස්තර කරන ලදී. මේ රැස්වීමට දුම්බර රටේ මහත්වරුන් වූ මඩුගල්ලේ සහ හල්පේත් නොපැමිණි හෙයින් ඔවුන් දෙදෙනා එදිනම නිලයෙන් පහකරනු ලැබූහ.

දුම්බර පුරප්පාඩුවී තිබුණු රටේ මහතුන් දෙදෙනාගේ ඇබෑර්තු දෙක ගැන ඇසූ පල්ලමේ කුඹුරේ බස්නායක නිලමේ වහාම මහනුවරට පැමිණ දිසාපති බුලර් හමුවූයේය. පුරප්පාඩු වී ඇති රටේ මහත්තැන් තනතුරු දෙක තමාටත් තම පුතාටත් ලබාගැනීමේ ආශාවෙන් පෙලුණු පල්ලමේකුඹුරේ බස්නායක නිලමේ මෙහි දිසාපතිවරයාට පෙරොන්දුවක් දුන්නේය. “යුද හමුදාවේ ආධාර ලබාදෙතොත්” දැනට දුම්බර කඳුකරයට වී සැඟවී සිටින සතුරු රජු “අල්ලා දෙන්නමැ”යි ඔහු ප්‍රතිඥා දුන්නේය. මේ ප්‍රතිඥාව ඇසූ පමණින් දිසාපතිවරයා මහත් ප්‍රීතියට පැමිණියේය.

පොරොන්දු

පල්ලමේකුඹුරේ බස්නායක නිලමේ කැටුව මහනුවර සේනාධිනායක ටී.ඒ. ඩ්රාප්ට් වෙත එවලේම විය. එවලේම ගිය දිසාපතිවරයා සිය දස්කම අනාවරණය කරමින් සිද්ධිය විස්තර කරන්නට වූයේය. එම විස්තරයට කන්දුන් සේනාධිනායක එවලේම නියෝගයක් කරමින් බස්නායක නිලමේ ඉල්ලා සිටින සියලුම ආධාරයක් සපයන මෙන් යුද හමුදාවට අණ කළේය. සතුරු රජු අල්ලා දීමේ ව්‍යාජ පොරොන්දුවක් පිට ඉංග්‍රීසින් දුම්බරට කැඳවාගෙන යන බවක් මේ වැඩපිළිවෙළේදී යන්තමින් හෝ අනාවරණය වූවහොත් ඒ මොහොතේම පල්ලමේකුඹුරේ බස්නායක නිලමේට වෙඩි තබා ඔහුගේ සහායකයන්ද හිරභාරයට ගෙන ආපසු මහනුවරට පැමිණිය යුතු යැයිද මෙහිදී සේනාධිනායක තැන විසින් මහනුවර දිසාපති අනතුරු ඇඟවීමක් කරන ලදී.

සතුරු රජු අල්ලා දීමේ පෙරොන්දුව පිට එදා ගෙදර ගිය පල්ලමේකුඹුරේ බස්නායක නිලමේ දින දෙකකට පසුව ආපහු මහනුවර පැමිණියේය. දිසාපති බුලර් හමුවීමට ගිය ඔහු රහස් තොරතුරු අනාවරණයක් කළේය. ගොන්ගාලේගොඩ බණ්ඩාර රාජාභිෂේක ලැබූ දා පටන්ම සිංහලේ හමුදාවන් සමග එක්වී කටයුතු කරන සංඝයා වහන්සේ නමක් ගැන රහස් විස්තරයක් අනාවරණය කළ පල්ලමේකුඹුරේ බස්නායක නිලමේ, පල්ලමේකුඹුර කෝරළේ කඳු ගැටයක් වැටලීම සඳහා සේනාවක් රැගෙන පිටත් විය යුතු බැව් කියා සිටියේය.

මහනුවර දිසාපති බුලර් මහතාත් පල්ලමේකුඹුරේ බස්නායක නිලමේත් පසුවදා 15 වැනි රෙජිමේන්තුවේ භට පිරිසක් ගෙන දුම්බර බලා පිටත්වූහ. මැද මහනුවර කැළේ ගල් ගෙයක් තුළ සතුරු රජු සැඟවී සිටින බව බස්නායක නිලමේ ඉංග්‍රීසින්ට කීවේය. ඒ අනුව මැද මහනුවර ගල්ගෙයක් වටලන ලදී. හමුදාව විසින් වටලනු ලැබූ ගල්ගෙය තුළට තුවක්කු ගත් භට පිරිසක් පිටත් කළ දිසාපති බුලර් මහතා වඩාත් පරීක්ෂාකාරීව ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියේය.

තීරණය

භට පිරිස් හිස් අතින් ගල්ගුහාවෙන් එළියට එත්ම දිසාපතිවරයා නොසන්සුන් වූයේය. “එක්කෝ ගොන්ගාලේගොඩ බණ්ඩා! නැත්නම් යුෂ්මතා!” කියමින් බස්නායක නිලමේ දෙසට හැරුනු දිසාපතිවරයා ඔහුගෙන් නිදහසට කරුණු විචාලේය. ගල්ගෙය තුළ වූ ගිනි මැලය සහ පැදුරු කිහිපයක් පෙන්වූ බස්නායක නිලමේ මොහොතක අවසරයක් ඉල්ලා කන්නලව් කරන්නට වූයේය. තමාට මේ සියලුම තොරතුරු සැපයූ භික්ෂූන් වහන්සේ මේ ගැන වගකිව යුතු බැව් ඔහු දිසාපතිවරයාට කීවේය.

එසේ නම් එම භික්ෂුන් වහන්සේ සිරභාරයට ගෙන සතුරු රජු පිළිබඳව තොරතුරු දැනගත යුතු යැයි දිසාපතිවරයා තීරණය කළේය. මේ තීරණය අනුව කාහල්ලේ ගල් ගෙයක් වටකළ හමුදාව විසින් එහි සිටි භික්ෂුන් වහන්සේ නමක් සිරභාරයට ගන්නා ලදී. සතුරු රජු පිළිබඳව සත්‍ය හෙළි කළොත් ජීවිතදානය ලැබෙන බැව් මෙහිදී දිසාපතිවරයා විසින් එම භික්ෂුන් වහන්සේට දන්වන ලදී.

සතුරු රජු ගැන තමා කිසිත් නොදන්නා බැව් එතුමා දන්වා සිටියහ. එහෙත් එය පිළිගැනීමට දිසාපති සූදානම් නොවීය. පල්ලමේකුඹුරේ බස්නායක නිලමේගේ තොරතුරු අනුව තීරණය ගත් මහනුවර දිසාපතිවරයා විසින් එම භික්ෂුන් වහන්සේගේ වතගොත සටහන් කර ගන්නා ලදී. ඉන්පසුව රාජද්‍රෝහි සිරකරුවකු වශයෙන් පිටිතලභයා බැඳගත් එම භික්ෂුන් වහන්සේත් රැගත් පිරිස මහනුවර බලා පිටත් වූවාය. කාලහල්ලේ ගල් ගුහාව තුළදී සිරභාරයට ගනු ලැබූ ඒ භික්ෂුන් වහන්සේ කුඩාපල හිමි නම් වූහ.

1848දී අත්අඩංගුවට පත්ව

චෝදනා

පසුවදා මහනුවර යුද්ධාධීකරණය ඉදිරියට පැමිණ වූ කුඩාපල හිමියන්ට විරුද්ධව චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබුණි. එම චෝදනා විභාගය ආරම්භ වූයේ යුද්ධ නිලධාරින් පස්දෙනෙකුගෙන් යුත් යුද්ධාධීකරණයක් ඉදිරියේය. එම යුද්ධාධීකරණයේ සභාපති හැටියට මේජර් ඇප්. ලුසින්ග්ටන් කටයුතු කළ අතර සාමාජිකයන් වශයෙන් කැප්ටන් ටී.එච්. වින්ග්පීල්ඩ්, කැප්ටන් එච්. ග්‍රීර්සන්, කැප්ටන් එච්.සී. බර්ඩ් සහ ලෙප්ටිනන්ඩ් ජේ. ස්මිත් ද පෙනී සිටියහ. යුද හමුදා රැකවරණය යටතේ යුද්ධාධීකරණය වෙත කැරළිකරුවෝ කුඩාපල හිමියන්ට විරුද්ධ චෝදනා දෙක කියවන ලදී.

පළමුවැනි චෝදනාව මෙසේ කියැවිණි. “මේ රටේ සාධාරණ උතුම් වු ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව කැරැළි ගසන කැරැළි නායකයන් සමග සම්බන්ධකම් පවත්වමින් ඔහුගේ රාජද්‍රෝහී ක්‍රියාවලට අනුබල දීමෙනුත් එම කැරැළි නායකයා දැනට සැඟවී සිටින තැන පිළිබඳව යුෂ්මතා දන්නා සත්‍ය කරුණු ආණ්ඩුවට අනාවරණය නොකිරීමෙනුත් යුෂ්මතා රාජද්‍රෝහී කටයුතු කරන්නෙහිය.

නිදොස්

දෙවැනි චෝදනාව සිතා මතා හෝ අනුදැනුම ඇතිව හෝ පසුගිය 17 වැනිදා එංගලන්ත අගරැජිනගේ යටත්වැසියකු වන කිරිබණ්ඩාව රාජද්‍රෝහි වීමේ පෙරොන්දු ගිවිසුමකට පැමිණෙන ලෙස යුෂ්මතා බලකර සිටියේය.”

චෝදනා පිළිබඳව කීමට කිසිවක් ඇතොත් වාරය පැමිණ ඇති බැව් යුද්ධාධීකරණය මගින් කුඩාපල හිමියන්ට දන්වන ලදී. කැරැළි නායකයා අල්ලා දී ජීවිත දානය ලැබීමට ඇති ඉඩකඩ පිළිබඳව සීමාව තාමත් ඉක්ම ගොස් නැතැයි යුද්ධාධීකරණය සඳහන් කළාය. යුද්ධාධීකරණය ඉදිරියේ කියැ වූ චෝදනා සම්බන්ධයෙන් තමන් වහන්සේ සම්පූර්ණයෙන්ම නිර්දෝෂි බැව් එතුමෝ ප්‍රකාශ කළහ. සතුරු රජෙකු සමග සබඳකම් පැවැත්වීම රාජද්‍රෝහි වීම හෝ රාජද්‍රෝහී ගිවිසුමකට යටත්වැසියන්ට පෙළඹවීමක් ගැන තමන් වහන්සේගේ කිසිම සම්බන්ධයක් නැතැයි එතුමෝ ප්‍රකාශ කළහ. කැරැළි නායකයා සැඟවී සිටින තැන් හෝ ඔහුගේ තොරතුරු කිසිවෙකුත් තමන් වහන්සේ නොදන්නා බවත් එක්වරක් පමණක් එම කැරැළි නායකයායි කියනු ලබන තැනැත්තා තමන් වහ්නසේ විසින් දැනගන්නා ලැදැයිද එතුමෝ කීහ.

අගෝස්තු 25 වැනිදා උදේ 7.00ට ආරම්භ වූ මේ නඩු විභාගයේදී සාක්ෂි දීම පිණිස කැඳවා සිටි අය අතර පල්ලමේකුඹුරේ බස්නායක නිලමේත් ඔහුගේ පුතාත් වීදියේ වැල්ලේ විධානය නොහොත් බුටාවත්තේ කංකානමත් වූහ. සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවලින් පසුව යුද්ධාධීකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය. උතුම් වූ ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව කැරැළි නායකයා සමග සබඳකම් පැවැත්වීම, කැරැළිකාරයාට අනුබල දීම සහ යටත්වැසියකු ද්‍රෝහි ගිවිසුමකට බැඳවීම යන චෝදනා යටතේ යුෂ්මතාට රාජද්‍රෝහීයකුට ලැබිය යුතු දණ්ඩනය මෙහිදී නියම කරමු. මේ තීන්දුව අනුව හෙට අගෝස්තු 26 වැනිදා උදේ 7.00ට යුෂ්මතා වෙඩි තබා මැරිය යුතු යැයි මේ යුද්ධාධීකරණය තීරණය කරයි.” යනුවෙන් තීන්දුව කියැවිණි.

බොරු

යුද්ධාධීකරණයක් පැවැත්වෙද්දී එහි සිටි නීතිඥයන් කිහිපදෙනෙක්ම මේ තීරණය අසාධාරණ බැව් ආණ්ඩුවේ නීතිඥ තැනට දන්වා සිටියහ. සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සියල්ලම හිතාමතා ගොතා කී බොරුවලින් පිරී ඇති බවත්, පල්ලමේකුඹුරේ බස්නායක නිලමේගේ ඕනෑකම අනුව එම සිරකරු යුද්ධාධීකරණය වෙත පමුණුවා ඇති බව. එවකට මහනුවර සුප්‍රසිද්ධ නීතිඥයකු වූ ස්මිත් පෙරකදෝරු මහතා විසින් ආණ්ඩුවේ නීතිඥ මහතා වෙත දන්වන ලදී. පසුවදාට නියමිත දඬුවම කල් තබා යළිත් වරක් චෝදනා විභාගය ආරම්භ කළ යුතුයැයි ස්මිත් මහතා මෙහිදී ආණ්ඩුවේ නීතිඥ එච්.සී. සෙල්ට මහතාගෙන් ඉල්ලා සිටියේය. මේ ඉල්ලීම අනුව දඬුවම ගල් තැබීම පිණිස අවසර ගැනීමට ආණ්ඩුවේ නීතිඥ මහතා එවේලේම ආණ්ඩුකාරතුමා වෙත ගියේය.

කරුණු කියා සිටි ආණ්ඩුවේ නීතිඥ සෙල්බි මහතා මහනුවර නීතිඥයන්ගේ විවෘත හැඟීම හා තීරණය ගැන ද සඳහන් කෙළේ ය. නීතිඥයන්ගේ සඳශන් කිරීම ගැන ඇසූ පමණින්ම කෝපයට පත් ටොරිංටන් සාමිවරයා අත්ල දිගහැර වේගයෙන් සිය දණහිසට පහරක් ගැසුවේය.

හැබෑද?

ලෝකයේම ඇති ඉතාමත් සාධාරණ අධිකරණය යුද්ධාධිකරණයයි.

මට විරුද්ධව චෝදනාවන් වෙතොත් එයත් යුද්ධාධිකරණයක් ඉදිරියටම යා යුතුයි. නීතිඥයන්ගේ මතය අනුව ඔය හැම සිරකරුවෙකුම නිර්දෝෂී අය වෙති. ඔය සිරකරුවාගේ නිර්දෝෂිකම හෙට උදේ 7.00ට ඔප්පුවේවි. මට ඒ ගැන කිසිම විස්තරයක් ඕනෑ නෑ යි වේගයෙන් පැවසීය. තමාගේ උත්සාහය නිෂ්පළවූ බැව් දැනගත් සෙල්බි මහතා ආණ්ඩුකාරයාගෙන් සමුගෙන පිටත් විය. ආලින්දයට පැමිණි සෙල්බි මහතාට දක්නට ලැබුණේ අග්‍රවිනිශ්චයකාර සර් ඇන්තනි ඔලිපන්ට් මහතායි. සර් ඇන්තනි ඔලිපන්ට් අග්‍ර විනිශ්චයකාරතුමා එක වරටම සෙල්බි මහතා අමතා ප්‍රශ්නයක් නැගීය. ‘ආ! සෙල්බි! හැබෑද හෙට හාමුදුරු නමකට වෙඩි තියන්න යනවයි කියන්නේ? මොකද ඔය වැඩේ තේරුම?” යනුවෙන් විචාළේය.

සෙල්බි මහතා පිළිතුරු දුන්නේය. ආණ්ඩුකාරතුමාගේ කෝපය ගැනත්, තීරණය ගැනත් ඇසූ අග්‍ර විනිශ්චයකාරතුමා ආපසු හැරුණේය. “එහෙනම් එය වළක්වන්න බෑ” යනුවෙන් කියමින් එතැනින් පිටවී ගියේය.

සංදෙශය

අගෝස්තු 26 වැනිදා උදේ 7.00ට කුඩාපොළ හිමියෝ දෑතේ විළංගු සහිතව මහනුවර යුද්ධාධිකරණ පෝරකය වෙත ගෙනෙනු ලැබූහ. ඝාතන හමුදාංකය භාරව සිටි කැප්ටන් පෙන්වික් පෝරක බිමේදී යළිත් වරක් කුඩාපොළ හිමියන්ගෙන් ඉල්ලීමක් කෙළේය. ‘කැරළි නායකයා සැඟවී සිටින තැන දැන්වත් අපට කියන්නැ”යි කැප්ටන් පෙන්වික් ඉල්ලා සිටියේය. කුාපොළ හිමියෝ පිළිතුරු දුන්හ. ‘මේ සම්පූර්ණ සත්‍යයි. එක් වරක් පමණක් මා ඔහු දැක තිබෙනවා. ඒ හැර කිසිම විස්තරයක් මා දන්නේ නෑ”යි කීහ.

කැප්ටන් පෙන්වික්ගේ අණ නිකුත් විය. ඝාතක හමුදාංකයේ මාරක වෙඩි පහරවල් සියල්ලම කුඩාපොළ හිමියන්ගේ සිරුර පසා කරගෙන යත්ම එතුමෝ එහි ඇදවැටුණාහ.

මේ ඝාතනය නිසා බොහෝ දුරට කලකිරීමට පත්වූ මහනුවර සිවිල් නීතිඥයෝ එංගලන්තයට කරුණු ලියා යැවිය යුතු යැයි තීරණය කළහ. පල්ලමේ කුඹුරේ බස්නායක නිලමේගේ කූටෝපාය ගැන සියලු විස්තර සොයා ගත් මහනුවර ප්‍රසිද්ධ නීතිඥ මහතෙකු වූ ජේ. ඒ. දුනුවිල මහතා සංදේශයක් පිළියෙළ කළේය. එංගලන්තයේ රාජ්‍ය භාර ලේකම්වරයා වෙත යවන ලදී. එහි පිටපතක් රාජකීය කොමිෂන් සභා වාර්තාවටද ඇතුළත් කරන ලදී.

ජේ. ඒ. දුනුවිල පෙරකදෝරු මහතා විසින් ලියා යවන ලද සන්දේශය ටොරිංටන් සාමිවරයාගේ රහස් ලිපි තුළ තිබී සම්බ විය. එය මෙසේ කියැවෙයි.

කුමන්ත්‍රණ

‘ගොන්ගාලේගොඩ බණ්ඩා අල්ලා දෙන්නෙකුට ඉංග්‍රීසි රජයෙන් පිරිනැමෙන තාන්න මාන්න පිළිබඳ පොරොන්දුවක් මහනුවර දිසාපති විසින් සිංහලේ කෝරාළවරුන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කර වූ බැව් මම දනිමි. දුම්බර රටේ මහත්වරුන් වන මඩුගල්ලේත් හල්පේත් නිලයෙන් පහ කිරීමෙන් පසුව එම පුරප්පාඩු දෙක ඉල්ලමින් පල්ලමේ කුඹුරේ බස්නායක නිලමේත් ඔහුගේ පුතාත් මහනුවර දිසාපතිවරයා හමුවූ දිනය ද මම දනිමි. එදින ඔවුන් සමග එහි පැමිණියෙකුගේ ප්‍රකාශයක් ද දැන් මා වෙත තිබේ. පල්ලමේ කුඹුරේ නිලමෙත්, මහනුවර මහදිසාපතිවරයාත් මහනුවර සේනාධිනායක ඩ්රාප්ට් ගෙදර ගිය පල්ලමේ කුඹුරේ බස්නායක නිලමේ කළේ ගොන්ගාලේගොඩ බණ්ඩා ගැන තොරතුරු සෙවීමයි. එහෙත් එබඳු තොරතුරක් ඔහුට ලබාගත නොහැකි විය. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් ඔහු කල්පනා කෙළේය. කාහල්ල කඳුකරයේ ගල්ලෙනක විසූ භික්ෂූන් වහන්සේ නමක් ගැන අසා දැනගත් පල්ලමේකුඹුරේ බස්නායක නිලමේ අලුත්ම කුමන්ත්‍රණයක් ගැන කල්පනා කෙළේය. ඒ අනුව කාහල්ල කන්දට පණිවුඩයක් යැවූ පල්ලමේ කුඹුරේ නිලමේ එම භික්ෂූන් වහන්සේ සිය නිවසට කැඳවාගත්තේය.

භික්ෂූන් වහන්සේ එදා පල්ලමේ කුඹුරේ නිලමේගේ ගෙදරට එන විට සවස් වී තිබුණි. ගෙයි ආසනයක් පනවා එතුමාට එහි වැඩ හිදීමට සැලැස්වූ පල්ලමේ කුඹුරේ නිලමේ සිය පුතාත් එහි කැඳවා ගත්තේය. වීදියේ වැල්ලේ විදානේ නොහොත් බූටාවත්තේ කංකානමත් එහි පැමිණියේය. මේ තුන්දෙනාම බණ පොතක් ගෙන්වා ඒ මත අත් තබා රහස් රැකීමේ දිවුරුමක් ගත්හ. මේ සියල්ලම පුදුමයෙන් බලා සිටි භික්ෂූන් වහන්සේ ඒ පිළිබඳ තොරතුරු විචාළහ.

ඉල්ලීම

අපිත් සිංහලේ රජු හා සමග එක්වීමට කැමැත්තෙන් සිටිමු. සිංහලේ රජතුමා සැඟවී සිටින තැන ඔබ තුමාගෙන් දැන ගැනීමට අපි ඔබතුමා මෙහි කැඳවා ගත්තෙමු”යි පල්ලමේකුඹුරේ නිලමේ කියා සිටියේය. මේ ඉල්ලීම ඇසූ භික්ෂූන් වහන්සේ පුදුමයෙන් පුදුමයට පත්වූහ. සිංහලේ රජු පිළිබඳ කිසි තොරතුරක් දැන් තමා නොදන්නා බැව් එතුමෝ පසක් කළහ.

පසුවදා මහනුවරින් සේනාවක් ගෙනගොස් කාහල්ලේ ගල්ලෙනක් තුළදී සිරභාරයට ගනු ලැබුවේ මේ ඉහතින් දැක්වුණු භික්ෂූන් වහන්සේයි. යුද්ධාධිකරණය ඉදිරියේ සාක්‍ෂි දුන් පල්ලමේකුඹුරේ නිලමේගේත් ඔහුගේ පුතාගේ සහ වීදියවැල්ලේ විදානගේත් සාක්‍ෂිවලට මම පරික්ෂාවෙන් ඇහුම්කන් දුන්නෙමි.

සාක්‍ෂි

ඔවුන්ගේ ඒ සාක්‍ෂි සියල්ලම සිතාමතා කියන ලද අමූලික බොරු බැව් මම ස්ථිරවම කියමි. ඒ භික්ෂූන් වහන්සේ සම්පූර්ණයෙන්ම නිර්දෝෂි බැව් මම දිවුරා කියන්නෙමි. එය ඔප්පු කිරීමට මා ළඟ සාක්‍ෂි තිබේ. ඒ භික්ෂූන් වහන්සේ මරාදැමීම සම්පූර්ණම මිනිස් ඝාතනයක් බැව් දැන් දෙවියන්ගේ නාමයෙන් මම කියන්නෙමි. දෙවියන්ගේ රැකවරණ මට ලැබෙනවා.

මෙයට ඔබගේ යටහත් වැසි
ජේ. ඒ. දුනුවිල (ප්‍රකාශය අවසන්)

ඩබ්ලිව්.කේ.පී ගුණවර්ධන
1962 දී ලියන ලද්දකි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
විශේෂාංග

ආර්ථික ප්‍රතිසංස්කරණයට මූල්‍ය අරමුදලෙන් සහතිකයක්

අතිරේක විශේෂාංග

න්‍යායාත්මක පැහැදිලි කිරීම්වලට සාහිත්‍ය තරම් හොඳ වෙන මෙවලමක් නෑ

අතිරේක විශේෂාංග

සරල සුගම නිදොස් බස් වහරකින් මිරිඟු දිය රචනා කළා – නන්දසේන පලිහක්කාර

විශේෂාංග

නවගමුවට පැමිණ පත්තිනි සලඹේ හඬ නැවැත්වූ වීරමුණ්ඩ දෙවියෝ

විශේෂාංග

විපක්ෂය හාන්සියි ජාජබයට මහන්සියි!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok