Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විපක්ෂය හාන්සියි ජාජබයට මහන්සියි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විපක්ෂය හාන්සියි ජාජබයට මහන්සියි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

විපක්ෂය හාන්සියි ජාජබයට මහන්සියි!

1 day ago
445 Views

ඊශ්‍රායලය හා ඉරාණය බලය සඳහා මරාගෙන මැරෙන බිහිසුණු සටනක නිරතව සිටියදී ශ්‍රී ලංකාවේ දේශපාලන කඳවුරු දෙකක් ද කොළඹ නගරයේ බලය සඳහා යෙදී සිටි උග්‍ර සටන අවසන් වී තිබේ. ඉකුත් 16 වැනිදා කොළඹ නගර සභාවේදී සිදුවූ ඒ සටන ඇතැම් රූපවාහිනි නාළිකාවක් ඔස්සේ සජීවී ලෙස දැකගැනීමට ද ජනතාවට හැකි විය. කුමක් වුවත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාජබය හා සජබය නායකත්වය දුන් කොළඹ පුරපති සටනේ ජයග්‍රහණය ලබාගැනීමට ජාජබයට හැකි විය. ඒ අනුව ජාජබයේ ව්‍රායි බල්තසාර්ට කොළඹ වාණිජ නගරයේ පුරපතිනිය ලෙස පත්වීමට හැකි වූවාය. ඡන්ද ප්‍රතිඵලය අනුව ඇයට ඡන්ද 61ක් ද සජබය පාර්ශ්වයෙන් තරග කළ රීසා සරුක්ට ඡන්ද 54ක් ද හිමිවී තිබුණි. පළාත් පාලන කොමසාරිස්වරිය වූ සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභාවේ මංගල සැසිවාරය පැවැත්වීමට සිදු වූ අතර එයට හේතු වූයේ පසුගිය පළාත්පාලන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වීමය.

කෙසේ හෝ කොළඹ නගර සභා මංගල සැසිවාරය සජීවී ලෙස දුටු ප්‍රබුද්ධ පුරවැසියකු තුළ ඇතිවන්නේ දැඩි පිළිකුලක් හා මේ බලකාමී දේශපාලන පක්ෂවල නග්නත්වයත් – අපරිණත ස්වරූපයත් පමණි. නගරාධිපතිනිය හෙවත් පුරපති තෝරා ගැනීම උණුසුම් වාදයකට වඩා මෙරටේ බොහෝ දේශපාලනඥයන්ගේ අපරිණත බව විදහා දක්වන්නකැයි අපට ද සිතේ. විපක්ෂ කණ්ඩායම්වල අපේක්ෂාව වූයේ විවෘත ඡන්දයක් ලබාගැනීමය. ජාජබය එයට එරෙහි විය. මේ විවාදාත්මක තත්ත්වය නිසා සභාවම ගාලගෝට්ටියක් බවට පත්විය. පසුව දෙපාර්ශ්වයම රහස් ඡන්දයකට එකඟ විය. මෙහිදී සජබ පාර්ශ්වය අත්සන් 61ක ලේඛනයක් ගැන ද පැවසීය. එහෙත් ඡන්ද ප්‍රතිඵලය වූයේ ජාජබයට 61ක් හා විපක්ෂයට 54කි.

මෙයින් තහවුරු වූයේ අවසාන මොහොත වනතුරුම සජබයට තම ජයග්‍රහණය පිළිබඳ සැකයක් තිබුණු බවය. මුජිබර් රහ්මන් ඇතුළු සජබ කඳවුරේ මෙහෙයුම අසාර්ථක වී ඇති බවය. මෙම බල අගලයේ උණුසුම සනිටුහන් කළ අවස්ථාව වූයේ සජබයේ තිස්ස අත්තනායක, පොදුජන පෙරමුණේ සාගර කාරියවසම්, එජාපයේ තලතා අතුකෝරල හා ශ්‍රීලනිපයේ ලසන්ත අලගියවන්න යන අයගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවය. මෙහිදී ඇතැම් ප්‍රශ්න නැඟූ, මාධ්‍යවේදීන්ට ද තහවුරු වූයේ මේ බලය සඳහාම එකට එක්වූ රංචු ගැසීමක් විනා කිසියම් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඔවුන්ට නොවූ බවය. ඔවුන්ගේ එකඟතාවෙහි පදනම ජාජබය බලයට පත්වීම වැළැක්වීම බව ද පැහැදිලි විය. ඒ අනුව නම් ජාජබය අර්ථ දැක්වූ ආකාරයේ, නයි – මුගටි තම පරණ තරහ මරහ අමතක කර බලය සඳහා එක්වීමකි. ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඔවුන්ට තම දේශපාලන ස්ථාවරය පැහැදිලි කිරීමට ද නොහැකි විය. බලය යනු, දේශපාලනයේ ප්‍රමුඛ අරමුණය. එහෙත් එතැනදීත් දේශපාලන සදාචාරයක් තිබිය යුතුය. ඇත්ත වශයෙන්ම එබඳු විපක්ෂ කඳවුරකට ලැබෙන බලය ද තවත් අර්බුදයකට මුලක් පමණි. මේ බලකාමිත්වය අපට පෙනෙන්නේ ද සියලු ප්‍රජාතන්ත්‍රවාදයේ හා සදාචාරයේ ද සීමා මායිම් ඉක්මවන පටු බලකාමයක් පමණක් බවය. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය තමන්ට වුවමනා මට්ටමට කපාගෙන අර්ථ දැක්වූ විපක්ෂයේ අයට ජනතාවගේ ප්‍රතිචාරය පිළිබඳ පුළුල් දේශපාලන කියවීමක් තිබුණි නම් ඔව්හු මෙබඳු නාඩගම් රඟදක්වත්ද? අප වටහා ගත් පරිදි පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය තුළ ජාජබයට යම් අනතුරු ඇඟවීමක් සිදුවූ අතර විපක්ෂයට ද ප්‍රසාදයක් තිබී නැත. ජාජබයේ ඡන්ද ප්‍රතිශතය පෙන්වා ගණිතමය විනෝදයක් ලැබූ විපක්ෂයට තම දේශපාලනයේ ද විල්ල ගැලවී ගොස් තිබෙන බව වටහාගත නොහැකි විය. අනෙක් අතට මේ ඒකාබද්ධ විපක්ෂ කතාබහ අස්සේ ද ඇතැම් සභාවල විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් ඉදිරිපත් වූ අවස්ථාව ද විය. දඹුල්ලේදී සිදුවූයේ එය නොවේද? කුමක් වුවත් රටම බලා සිටි කොළඹ සටන් මෙහෙයුම තුළ වුවද විවිධ මත ගැටුම් ද තිබුණි. විපක්ෂ කඳවුරේ නගරාධිපති අපේක්ෂකයා ගැන ද එකඟතාවක් නොවූ බව පෙනුණි. මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් ඒ බව පැවසීය. එසේම සර්වජන බල පක්ෂයේ චන්න ජයසුමනට අනුව ද විපක්ෂයේ නියෝජනය ගැන ප්‍රශ්නයක් තිබුණි. එහෙත් ජාජබය දිගටම තම අපේක්ෂිකාව ලෙස නම් කළේ ව්‍රායි බල්තසාර්ය. එසේම ඇය කොළඹදී යම් යම් දේශපාලන ක්‍රියාකාරකම්වලට පවා එක්ව සිටියාය.

කෙසේ හෝ ජාජබයට යළිත් විපක්ෂයම එකට තබා පරාජය කිරීමට මේ සියලු දුබලතා හේතු විය. දැන් කොළඹ පුරපතිනි ජාජබයේ ව්‍රායි බල්තසාර්ය. පනහේ දශකගේ කොළඹ පුරපති වූ වමේ නායක ඇන්. ඇම්. ගෙන් පසු ඒ බලය දිගටම හිමිවූයේ එජාපයටය. ජාජබය මඳක් පසුබැස හෝ ඒ බලය තම පාර්ශ්වයට අත්කර ගැනීම නිසැකයෙන්ම ජයග්‍රහණයකි. සිය ජයග්‍රහණයෙන් පසුව ඇය කළ ප්‍රකාශය ද හරවත්ව. එනම් මෙබඳු සභාවකදී සියල්ලන්ම එක්ව ක්‍රියා කළ යුතු බවය. 117 දෙනාම තම ආයතන ප්‍රදේශයේ ජනතාවට හොඳ සේවයක් ඉටු කිරීමට කැප විය යුතු බවය. ඇත්තටම මේ පළාත් පාලන ක්‍රමයේ සැබෑ අරමුණ ද ඒ ඒ බල ප්‍රදේශයේ ජනතා ප්‍රශ්න විසඳීමය. පාර්ලිමේන්තුවට වඩා වෙනස් දේශපාලනයක් මේ සභාවලට තිබේ. එහෙත් ඒ තත්ත්වය විනාශ කළ අපේ දේශපාලන නායකයෝ අවසානයේදී එම ඡන්ද ක්‍රමය පවා විකෘති කළහ. හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ද එයයි. කුමක් වුවත් මෙම සටනේ මුල සිටම ජනතාවට පැහැදිලි වූයේ, මේ පවතින දේශපාලනයේ නග්නත්වය හා බලකාමයෙන් අන්ධ වූ බහුතරයකගේ හැසිරීම්ය. මහජන මතය බුද්ධිමත්ව කියවීමට ඒ දේශපාලන නරකාදියේ ගිලී සිටින බොහෝ දෙනෙක් තවමත් අසමත්ව සිටිති.

කොළඹ පුරපති සටන නිමවීමෙන් පසු ජයග්‍රහණය කළ ව්‍රායි බල්තසාර් සියල්ලන්ම එක්ව කොළඹ ලස්සන කළ යුතු බවට ඉල්ලා සිටිද්දී විපක්ෂයේ ප්‍රතිචාරය වූයේ ඔවුන් මේ ප්‍රතිඵලය පිළිනොගන්නා බවය. විපක්ෂ නායකවරයා ඒ පිළිබඳ ප්‍රකාශයක් ද කරමින් පැවසුවේ, එහිදී නීති විරෝධී ලෙස ක්‍රියා කර ඇති බවත් එයට එරෙහිව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. මේ සටන මෙහෙය වූ මුජිබර් රහ්මන්ගේ ද විවේචනය වූයේ ඔවුන් සමග එකඟතාවකට එළඹුණු පිරිස කිසියම් අයුතු ක්‍රමවේදයකින් ආණ්ඩුව බිළිබා ගන්නට ඇති බවය. ඒ පිළිබඳව ඉදිරි කාලයේදී හෙළිදරව් වනු ඇති බවද ඔහු පැවසීය. කුමක් වුවත් මෙහිදී ක්‍රියාකළ ආකාරය මෙන්ම එහි ඇතුළු පැත්ත පිළිබඳ ආණ්ඩුව මෙන්ම විපක්ෂ කඳවුර පවසන දේවල් පිළිබඳ අපට යමක් කිව නොහැක. මේ ඩීල් දේශපාලනයේ පෙරමුණේ රාලලා වී සිටින සමහරුන්ට ද අද නෙළාගත හැකිව ඇත්තේ ද ඒ දූෂිත බීජවල අස්වනු බව පමණක් අපි සඳහන් කරමු. මේ සටන ගමන සමහරුන් පැවසුවේ, ආණ්ඩුවට මහන්සියි විපක්ෂ කඳවුර හාන්සියි යනුවෙනි. කොහොමටත් මේ දේශපාලන බල පොරයේ තවත් ජවනිකා ඉදිරි කාලයේදී ජනතාවට දැකගත හැකිවනු ඇත.

මෙම ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතැම් සිවිල් ක්‍රියාකාරීන් පැවසුවේ, දැන්වත් කොළඹ අලුත් නගරයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම ආණ්ඩුවේ ද වගකීමක් වී තිබෙන බවය. ඇත්තටම කොළඹ නගර සභාව පිළිබඳ තිබෙන චිත්‍රය යහපත් එකක් නොවේ. අයථා වියදම්, වංචා හා දූෂණ ආදිය ගැන අදටත් අල්ලස් කොමිසමට පැමිණිලි ලැබෙයි. කොළඹ නගරය මතුපිටින් සුරපුරයක් ලෙස පෙනී ගියත් එහි ඇතුළත දුක්බර කතා රැසකි. අපහසුකම් මැද ජීවත්වන විශාල පිරිසක් එහි වෙති. වසරක් පාසා ගංවතුරට ගොදුරුවන කැලණි පාලමේ කතාව කව්රුත් දනිති.

නගරයට එන කාට වුවද අවම සෞඛ්‍ය පහසුකම්වත් කොළඹ නගර සභාව සලසා නැත. හිටපු එජාපයේ මැදිහත්වීම් මැද සිදු වූ අනවසර ඉදිකිරීම්, මුඩුක්කු බවට පත්වූ ජනාවාස කොළඹ වාණිජ නගරයක තත්ත්වය විදහා දක්වන හේතු කීපයක් පමණි.

එසේම පුරපති නිල බල මැද සුව පහසු ජීවිත ගෙවූ අය ගැන නැඟෙන චෝදනා ද එමටය. ලක්ෂ හතකට නොඅඩු ජනතාවකගේ ජීවිතවලට සුළු හෝ සහනයක් නුදුන් එජාපයට කොළඹින් ලැබුණු ප්‍රතිචාරය සාධාරණය. සජබයට ද ලැබුණේ එබඳුම ප්‍රතිචාරයකි. එනිසා තමන්ට ලැබුණු ජයග්‍රහණය ඓතිහාසික එකක් බව පවසන ජාජබය ද මේ කොළඹ ලස්සන නගරයක් බවට පත් කරලීමට ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු බව අපගේ ද යෝජනාවයි.

කොළඹ මෙසේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම් වෙද්දී ජනාධිපති අනුර කුමාර පවසන්නේ, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට තම ආණ්ඩුව දේශපාලන නායකත්වය ලබාදෙන බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාරිනි ආචාර්ය ගීතා ගෝපිනාත් ද සහභාගි වූ ආර්ථික සම්මන්ත්‍රණයකදීත් මෙරටේ ආර්ථිකය ගැන යළි ආවර්ජනයක් සිදුවිය. ආචාර්ය ගීතා මෙතෙක් ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසාදය ද පළ කළාය.

එසේම ජනාධිපතිවරයාගේ මෙන්ම ඇයගේ ද අවධාරණය වූයේ, මෙයින් පසු යළිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙබඳු වැඩසටහන් සිදුනොවේවා යනු ඔවුන්ගේ ප්‍රාර්ථනාව බවය. මෙහිදීත් ජනාධිපති අනුර සිහිපත් කළේ, මෙරටේ ප්‍රමුඛ රාජ්‍ය ආයතන තුනක් වන පොලිසිය, බන්ධනාගාරය මෙන්ම ආගමන විගමන කාර්යාලය ද පත්ව තිබෙන පරිහානිය ගැනය. එහෙත් මේ ආයතනවල බලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම නොඉවසන දේශපාලන පක්ෂ ද තිබෙන බව පැහැදිලිය. මේ ආයතන වසාගත් පරාජිත දේශපාලන අධිකාරියේ ඇතැම් කෙනෙක් තුළ තමන් හුරතල් කළ දූෂිත මෙහෙයුම්වල වගකිව යුත්තන් පිළිබඳ කම්පාවක් ඇතිවීම ගැන ද පුදුම විය යුතු නැත.

කුමක් වුවත් සමාජ – ආර්ථික මෙන්ම දේශපාලන වශයෙන් ද අන්ත පරිහානියකට පත්ව සිටින රටක් මෙහෙයවීම යනු, බලවත් අභියෝගයකි. මේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට මෙතෙක් අල්ලස් දූෂණ හෝ වංචා පිළිබඳ චෝදනා එල්ල වී නැතත් සමාජ දේශපාලන ආන්දෝලනයන්ට තුඩු දුන් යම් යම් කරුණු තිබෙන බවද කිව යුතුය. දේශපාලන නිල බල අවභාවිත කළ හිටපු මැති ඇමැතිවරුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීම මෙන්ම අපරාධකරුවන්ගේ අනීතික වත්කම් තහනම් කිරීම ද මෙතෙක් කිසිදු පාලන කාලයකදී මෙලෙස සිදු වූයේ නැත. ඒවා ජනතාවගේ ප්‍රසාදයට හේතු වෙයි. එහෙත් දැනටමත් විවේචනයට ලක්ව තිබෙන විදුලි බිල ඉහළ දැමීම වැනි කරුණු ජනතාවගේ හිස මතට වැටෙන බරක් බවද අමුතුවෙන් කිවයුතු නැත.

මේ අතර ඊශ්‍රායල් – ඉරාන යුද ගැටුම් නිසා ජාත්‍යන්තර තලයේ සිදුවෙන ආර්ථික ප්‍රශ්නවල අතුරු පීඩා අපේ ආර්ථිකය මත වැටීමේ අනතුරක් ගැන ද සංඥා නිකුත්වේ. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළයෑම කිසිසේත් අපට සුබදායි නොවන්නකි. ඒ සමගම පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් විමර්ශනයක් යොමු නොවීම පිළිබඳව මැල්කම් රංජිත් කාදිනල්තුමාගෙන් චෝදනා සහිත කනස්සල්ලක් ඉදිරිපත් වීම ද නොතකා හැරිය නොහැකි දෙයකි. කාදිනල්තුමා රාජපක්ෂ පාලනය ගැන කලකිරීමට පත් වූයේ ද පාස්කු ප්‍රහාරය ගැන ඔවුන්ගෙන් යුක්තියක් ඉටු නොවූ බවට විවේචනයක් ද කරමින්ය. එය මේ ආණ්ඩුවේ ජයමඟට වැටුණු මල් වැස්සක් බඳු විය. එහෙත් දැන් කාදිනල්තුමා අපේක්ෂා භංගත්වයේ දොරටුව අසලම සිටිනු පෙනේ. එහි ප්‍රතිචාරය මේ ආණ්ඩුවට යහපත් වන්නේ ද නැත.

ඇත්තටම අද වනවිටත් විපක්ෂ දේශපාලන කඳවුරුවලින් නම් මේ ආණ්ඩුවට ගැඹුරු දේශපාලන විවේචනයක් එල්ල වන්නේ ද නැත. සජබය ප්‍රධාන විපක්ෂය ලෙස සිටියත් ඔවුන්ගේ මෙන්ම පරාජිත කණ්ඩායම්වල දේශපාලන විඥානය තවමත් වර්ධනයක් ලබා නැත. මේ ආණ්ඩුවෙන් ආරක්ෂා කළ දේශපාලන පුනරුදය පිළිබඳ හරවත් විවේචනයක් ද තවම සිදු නොවේ. සජබයට මෙන්ම එජාපය, ශ්‍රීලනිපය, පොදුජන එක්සත් පෙරමුණට ද දේශපාලනය පිළිබඳ අලුත් කියවීමක් ඇති බවක් ද නොපෙනේ. ජනාධිපතිවරයාගේ ජර්මන් සංචාරය ගැන කළ විවේචනයේ පදනම වූයේ, සමාජ මාධ්‍යවල පළවූ ඕපා දූපගණයේ පුවත්ය. ජනමාධ්‍ය හමුවලට එක් වූ සමහරුන් ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ සංචාරය සිදු වූයේ දෙමළ ඩයස් පෝරාවේ ඉල්ලීමක් අනුව බව වාර්තා වී තිබෙන බවය. ජනාධිපති අනුර කුමාර ජර්මනියේදීම මෙයට උත්ප්‍රාසනීය පිළිතුරක් ද ලබා දී තිබුණි. ආණ්ඩුවේ සෘජු විවේචකයකු බවට පත්ව සිටි කෙනෙක් ජනාධිපති හැඳින්වීමට පසුගියදා මිහින්තල විහාර පාර්ශ්වයෙන් ලැබුණු ගෞරවය වූ “මහා මහේන්ද්‍ර” යන්න උත්ප්‍රාසයකින් යොදා ගනිමින් තම දේශපාලන මූග්ධත්වය ද හෙළි කර තිබුණේය. කුමක් වුවත් මේ වර්ගයේ අවලාද මතුපිටින් කෙරෙන විවේචනවලින් ආණ්ඩුවට තෙරපීමක් සිදු කළ නොහැකි බවද අපගේ අදහසය. 2024 මෙරටේ ඇති වූ ජනතා විරෝධයේ ප්‍රකාශනය වූ ගාලුමුවදොර අරගලය ගැනවත් විපක්ෂයට මතක නැත. එසේම එහි ඵලයක් ලෙස මේ ආණ්ඩුව ලද ජයග්‍රහණයේ ප්‍රතිඵල රටටත් ජනතාවටත් ලබාදීමට ආණ්ඩුව බැඳී සිටින බවද අප මතක් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

5 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

5 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

4 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

5 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
විශේෂාංග

ආර්ථික ප්‍රතිසංස්කරණයට මූල්‍ය අරමුදලෙන් සහතිකයක්

අතිරේක විශේෂාංග

න්‍යායාත්මක පැහැදිලි කිරීම්වලට සාහිත්‍ය තරම් හොඳ වෙන මෙවලමක් නෑ

අතිරේක විශේෂාංග

සරල සුගම නිදොස් බස් වහරකින් මිරිඟු දිය රචනා කළා – නන්දසේන පලිහක්කාර

විශේෂාංග

නවගමුවට පැමිණ පත්තිනි සලඹේ හඬ නැවැත්වූ වීරමුණ්ඩ දෙවියෝ

අතිරේක විශේෂාංග

සුද්දන් විසින් මරා දැමුණු කුඩාපොළ හාමුදුරුවෝ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok