ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන 50 වන පාසල් පිහිනුම් හා කිමිදුම් තරගාවලිය ජුනි මස 17 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ.
තරගාවලියේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතා ලෙස පාසල් ජල ක්‍රීඩා සංගමයේ උපදේශක දකුණු පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ ක්‍රිෂාන් දුමින්ද, ශ්‍රී ලංකා පාසැල් ජල ක්‍රීඩා සංගමයේ සභාපති කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති එන්. ඩබ්ලිව්. ඊ. ජේ. එම්. ඩී. ප්‍රනාන්දු මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.
කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා වයස් කාණ්ඩ 06 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට අධික ප්‍රමාණයක් පාසැල් 200 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතයි.
පාසල් පිහිනුම් හා කිමිදුම් තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ජුනි මස 22 වන දින අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.