Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අන්තර් සමාජ පළමු පෙළ විස්සයි – 20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිල දිනාගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අන්තර් සමාජ පළමු පෙළ විස්සයි – 20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිල දිනාගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

අන්තර් සමාජ පළමු පෙළ විස්සයි – 20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිල දිනාගනී

June 18, 2025
296 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ විස්සයි – 20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිල දිනා ගත්තේය. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) පෙරේදා (15දා) විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැති අවසන් මහා තරගයේදී පන්දු 14ක් ඉතිරිව තිබියදී පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 6කින් පරාජය කිරීමට වනිඳු හසරංග ප්‍රමුඛ සීසීසී ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර අන්තර් සමාජ පළමු පෙළ විස්සයි – 20 ක්‍රිකට් ශූරතාව දිනූ සීසීසී පිලට රුපියල් මිලියන 2ක මුදල් තෑග්ගක් සමඟ ශූරතා කුසලානය පිරිනැමූ අතර, අනුශූරතාව දිනාගත් පානදුර පිලට රුපියල් මිලියන 1.5ක මුදලක් හිමිවිය.

අවසන් මහා තරගයේ වීරයා ලෙස සීසීසී පිලේ ලසිත් කෲස්පුල්ලේ රුපියල් ලක්ෂ 5ක් හා කුසලානය, තරගාවලියේ හොඳම පිතිකරු පානදුර ක්‍රීඩා සමාජයේ විශේන් හැළඹගේට රුපියල් ලක්ෂ 7.5ක් සමඟ කුසලානය, හොඳම පන්දු යවන්නා එන්සීසී පිලේ සම්පත් නිශාන්තට රුපියල් ලක්ෂ 7.5ක් සමඟ කුසලානය, තරගාවලියේ තුන් ඉරියව් ක්‍රීඩකයා පානදුර පිලේ නායක දුෂාන් හේමන්තට රුපියල් මිලියනයක් සමඟ කුසලානය හා තරගාවලියේ වීරයා පානදුර ක්‍රීඩා සමාජයේ විශේන් හැළඹගේට රුපියල් මිලියනයක් සමඟ කුසලානය පිරිනැමුණි.

ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න, ලේකම් බන්දුල දිසානායක හා විධායක කමිටු සාමාජික සහ තරගාවලි සංවිධාන කමිටුවේ සභාපති නලීන් අපොන්සු යන මහත්වරු අතින් සිදු කෙරුණි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් සීසීසී පිල මුලින්ම පන්දුවට පහරදීමට පානදුර ක්‍රීඩා සමාජයට ආරාධනා කළ හෙයින් ඕවර් 20 තුළදී කඩුලු 8කට ලකුණු 172ක් එක්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සීසීසී පිල කඩුලු 4ක් දැවී ලකුණු 174ක් ලබා ගැනීමට සමත් විය.

සීසීසී පිල ජයග්‍රහණය කරා රෑගෙන යෑමට අඩිතාලම දැමූ ලසිත් කෲස්පුල්ලේ හා දුල්නෙත් සිගේරා එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 67කදී ලකුණු 106ක් ලබා ගැනීම කැපී පෙණුනි. ලසිත් කෲස්පුල්ලේ පන්දු 38කදී හයේ පහර 5ක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 78ක් ලබාගත් අතර, දුල්නෙත් සිගේරා පන්දු 34කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 38ක් ලබා ගත්තේය.

නායක වනිඳු හසරංග පන්දු 13කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 25ක් ලබා ගනිද්දී ඔහුගේ සහෝදර චතුරංග ද සිල්වා ජයග්‍රහණය ඉක්මන් කරමින් පන්දු 10 කදී හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය.

පානදුර ක්‍රීඩා සමාජය අවසන් මහා තරගය දක්වා රැගෙන ඒමට ප්‍රබල දායකත්වයක් දැක්වූ ආරම්භක පිතිකරු විශේන් හැළඹගේ මෙම තීරණාත්මක අවසන් මහා තරගයේදී පන්දු 37කදී හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 73ක් ලබා ගැනීම පානදුර ඉනිමට විශාල ශක්තියක් විය. නායක දුෂාන් හේමන්ත හා විශේන් හැළඹගේ අතර 5 වැනි කඩුල්ලට පන්දු 37කදී ලකුණු 64ක සබඳතාවක් ගොඩනැගුණු අතර, විශ්ව ළහිරු හා සෙනිත හැළඹගේ අතර 8 වැනි කඩුල්ලට පන්දු 29කදී ලකුණු 55ක් එක් විය. විශ්ව ළහිරු පන්දු 18කදී ලකුණු 20ක් හා සෙනිත හැළඹගේ පන්දු 17කදී නොදැවී ලකුණු 36ක් පානදුර ඉනිමට එක් කළහ. පිට පිට පන්දු 2කදී කඩුලු 2ක් දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූ අතර, චතුරංග ද සිල්වා කඩුලු 2ක් දවා ගත්තේය.

පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 8කට ලකුණු 172 (ඕවර් 20) – විශේන් හැළඹගේ 73, දුෂාන් හේමන්ත 16, ගිමඳ මල්කන් 14, විශ්ව ළහිරු 20, සෙනිත හැළඹගේ නොදැවී 36, අතිරේක 10 (විශ්ව ප්‍රනාන්දු 7/2, චතුරංග ද සිල්වා 26/2, ඉසුරු උදාන 51/2, වනිඳු හසරංග 35/1, ඉනුක කරන්නාගොඩ 17/1)

සීසීසී පිල කඩුලු 4ක් දැවී ලකුණු 174 (ඕවර් 17.4) – ලසිත් කෲස්පුල්ලේ 78, දුල්නෙත් සිගේරා 38, චතුරංග ද සිල්වා නොදැවී 20, වනිඳු හසරංග නොදැවී 25 ( නිමේෂ් විමුක්ති 26/1, නිසල තාරක 28/1, දුෂාන් හේමන්ත 33/1, සෙනිත හැළඹගේ 24/1)

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ක්‍රී​ඩා

පළමුවරට හිරුණ සහ මීදුම් රන් පදක්කම් දිනති

ක්‍රී​ඩා

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ක්‍රී​ඩා

ජවසම්පන්න පහරකට විශේෂඥ පුහුණුවක්

ක්‍රී​ඩා

විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ඊගා ශ්වියොන් ටෙක්ට

ක්‍රී​ඩා

ගාල්ලේ මහා ක්‍රිකට් සංග්‍රාමය 18 – 19

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok