ලෝක කනිෂ්ඨ ලෝක ශ්‍රේණිගත කිරීම් තරගාවලි 03 කට සහභාගි වූ ශ්‍රී ලාංකික වයස අවුරුදු 11 න් පහළ මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර, රිදී පදක්කම් 03 ක් දිනා ගෙන පසුගියදා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙම තරගාවලි කොසෝවෝ, ස්වීඩනය සහ නෝර්වේ යන රටවල ඉකුත් 29 සිට 14 දක්වා පවත්වා තිබුණි.
ටාවි සමරවීර ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ පළමු ස්ථානයේ සිටින ක්‍රීඩකයා වන අතර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානයේ සිටින ක්‍රීඩකයෙකි.
ඔහු 15 දින උදෑසන 09.00 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්. ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට පවුලේ ඥාතීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ටාවි සමරවීර කොළඹ, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
කටුනායක – ටී. කේ. ජී. කපිල