ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹූ පළමු ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ කඩාවැටීමට ගිය පළමු ඉනිම බේරාගැනීමට මුෂ්ෆිකර් රහිම් සහ නජිමුල් සැන්ටෝට හැකියාව ලැබිණි.
ඒ ඔවුන් දෙදෙනාම ලබාගත් අගනා ශතක දෙකක් හේතුවෙනි. ඒ අනුව කාසියේ වාසිය දිනා බංග්ලාදේශ පළමු ඉනිමට පන්දුවට පහර දෙමින් ආරම්භක දිනයේම කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 292ක් ලබා ගත්තේ බංග්ලාදේශයේ ඉනිම ශක්තිමත් කරමිනි.

මුල් කඩුලු ත්‍රිත්වයම ලකුණු 30ටත් අඩුවෙන් දැවී යද්දී බංග්ලාදේශ ඉනිම ඔසවා තැබීමට බංග්ලාදේශ නායක සැන්ටෝට හා මුෂ්ෆිකර් රහීම්ට හැකියාව ලැබුණේ බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී සිව්වැනි කඩුල්ල සඳහා රැස්කළ වැඩිම ලකුණු සබඳතාව ලබාගනිමිනි. දිනය නිමාවන විට නජිමුල් සැන්ටෝ නොදැවී ලකුණු 136ක් ලබා සිටි අතර මුෂ්ෆිකර් නොදැවී ලකුණු 105ක් ලබා සිටියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ තරිඳු රත්නායකට කඩුලු දෙකක් දවාගැනීමට හැකි වූ අතර ඉන්පසු ඔවුනට නිසි ඵල නෙලා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඉඩ ලබාදුන්නේ නැත.
ලකුණු පුවරුව
බංග්ලාදේශය පළමු ඉනිම
ශදිමන් ඉස්ලාම් 14
අනමුල් හක් 0
මොමිනුල් හක් 29
නජිමුල් සැන්ටෝ නොදැවී 136
මුෂ්ෆිකර් රහීම් නොදැවී 105
අතිරේක 8
එකතුව 292/3 පන්දු වාර 90
ශ්‍රී ලංකා පන්දු යැවීම
අසිත ප්‍රනාන්දු 53/1
තරිඳු රත්නායක 124/2
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි