වර්ධනය වෙමින් පවතින ඊශ්‍රායල – ඉරාන යුද්ධය යටතේ සිය ගුවන් හමුදාව විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර රඳවා ඇති මිසයිල විදිනයන්ගෙන් තුනෙන් එකක් විනාශ කර ඇති බව ඊශ්‍රායල හමුදාව විසින් නිවේදනය කර තිබේ. ඉරානය විසින් පෙරේදා (16) රාත්‍රියේ උතුරු හා මධ්‍යම ඊශ්‍රායලයේ ප්‍රදේශ හතරකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඊශ්‍රායල හමුදාව විසින් මේ බව ප්‍රකාශ කර තිබේ. ඉරාන මිසයිල ප්‍රහාරයන්ගෙන් සිවිල් වැසියන් 8 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව ඉකුත් සිකුරාදා සිට මේ දකවා ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ඉරානයේ සිවිල් වැසියන්ද ඇතුළුව 224 දෙනෙකු මියගොස් 1200කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ඊශ්‍රායල ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායල නගරවලට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 592 දෙනෙකු තුවාල ලබා තිබේ. ඊශ්‍රායලයට අනුව සිය හමුදාවන් ඉරානයට ප්‍රහාර එල්ල කර ඇත්තේ එරට න්‍යෂ්ටික ආයුධ වැඩපිළිවෙළ අකර්මණ්‍ය කිරීම අරමුණු කරගෙනය.