මැදපෙරදිග කලාපයේ යුද උණුසුම වර්ධනය වෙමින් පැවතියදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇති ජී – 7 රාජ්‍ය නායක සමුළු කණ්ඩායම ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා සහය පළ කර ඇති අතර එරටට සිය රටෙහි ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමට අයිතියක් ඇති බවත් මැදපෙරදිග කලාපයෙහි අස්ථාවරත්වය හා භීතියට වගකිවයුතු ප්‍රධානම පාර්ශවය ඉරානය බවත් අවධාරණය කර තිබේ.
ඉරාන අර්බුදයට විසඳුමක් ලබා දීමෙන් මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින යුද උණුසුම අඩු කරගත හැකි බවද ගාසා තීරය සඳහා සටන් විරාමයක් ඇති කරගැනීමටද එය මගපාදනු ඇති බව ජී – 7 සමුළුවේ නායකයෝ අවධාරණය කර තිබේ. ඊශ්‍රායල – ඉරාන යුද්ධයේදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් බව අවධාරණය කර ඇති ජී – 7 සමුළු නායකයන් ඉරානයට කිසිදා න්‍යෂ්ටික ආයුධයක් නොතිබුණු බවත් සමුළුවේ එම ස්ථාවරය දිගටම පවත්වා ගන්නා බවත් පවසා තිබේ. කැනඩාවේ පැවති ජී – 7 සමුළුව සඳහා එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවල රාජ්‍ය නායකයෝ එක්ව සිටියහ.