පක්ෂයේ තීරණයට පිටින් ගියාට
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 06 දෙනාගේම පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති පත් කිරීමේදී පක්ෂයේ තීරණයට පිටින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
ඒ අනුව සුසිල් හේරත්, අනිල් ඉන්ද්‍රජිත් දසනායක, ධනංජ සම්පත් කරදගොල්ල, ප්‍රියරංජන කුමාර රත්නායක, කුසුමා, කුමාරි, ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.
සජබ කළමනාකරණ කමිටුව සහ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් මෙවර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ගත යුතු තීරණවලට පටහැනිව කටයුතු කිරීම එම මන්ත්‍රීවරුන් වෙත එල්ල කර ඇති ප්‍රධාන චෝදනාව වේ.
මෙම පළාත් පාලන මැතිවරණයේදී දඹුල්ල ප්‍රාදේශීය සභාව සඳහා සජබයෙන් තේරී පත්වූයේ මෙම මන්ත්‍රීවරුන් 06 දෙනාය. ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රිවරු 13ක් තේරී පත්වූහ.
අකිත පෙරේරා