Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නෑනාගේ මළගෙදර ගොස් සුදු ඉරෙන් පාර පැන්න – දෙසොහොයුරියෝ ගෝනාපලදී සැප රියට බිලි වෙති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නෑනාගේ මළගෙදර ගොස් සුදු ඉරෙන් පාර පැන්න – දෙසොහොයුරියෝ ගෝනාපලදී සැප රියට බිලි වෙති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

නෑනාගේ මළගෙදර ගොස් සුදු ඉරෙන් පාර පැන්න – දෙසොහොයුරියෝ ගෝනාපලදී සැප රියට බිලි වෙති

14 hours ago
675 Views

දුවට කොත්තුවක් ගත් රියැදුරු බීලා ඉඳලාලු
මියගිය කතකගේ දැරියන් දෙදෙනාටත් බරපතළයි
වාහනය නතර කර ගෙන ඇත්තේ මීටර් 11ක් ඉස්සරහට ගිහින්
සැකකරු නිවසේ ඇතැයි සිතූ මළගෙදර අය දොරට ගල්මුල් ගහලා
දැරිය ළඟ ගෙදරක නතර කළ රියැදුරු පොලිසිය ආපසු භාර වෙයි

හොරණ කොළඹ මාර්ගයේ ගෝනාපල ප්‍රදේශයේදී ඥාති අවමගුල් නිවසට ගොස් නැවත් එම ප්‍රදේශයේ ම වූ තවත් ඥාති නිවසකට යාම සඳහා පදික මාරුව මතින් යමින් සිටි සහෝදරියන් දෙදෙනකු ඇතුළු එකම පවුලේ සිව්දෙනකු පෙරේදා (15 දා) රාත්‍රී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී එම සහෝදරියන් දෙදෙනා මිය ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.

සිදුවූ අනතුරින් මියගිය එක් කාන්තාවකගේ වයස අවුරුදු 11 සහ 17 වයසේ පසුවන දැරියන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සුඛෝපභෝගී මෝටර් රථයේ රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම, වීදියගොඩ, හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක වූ සුරංගිකා දමයන්ති (45) හා ඇයගේ සොහොයුරිය වූ බේරුවල මග්ගොන මාගල්කන්ද අලු‍ත්හේන පදිංචිව සිටි තිදරු මවක් වූ ශිරෝමි මාලා ප්‍රනාන්දු (50) නැමැත්තියයි.

මියගිය කාන්තාවන් දෙදෙනාගේ නෑනා හදිසියේ මියගොස් තිබූ අතර එම අවමගුල් නිවසට සහභාගි වීම සඳහා හොරණ

ගෝනපොල කෝරළඉම ප්‍රදේශයේ නිවසට මියගිය මොවුන් දෙදෙනා දරුවන් හා පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබිණි.

පෙරේදා (15 දා) රාත්‍රී 9.25 ට පමණ මියගිය දෙදෙනා සහ බරපතළ තුවාල ලද දැරියන් දෙදෙනා ඒ අසන්නේ ඥාති නිවසකට යාම සඳහා කෝරලඉම, හොරණ- කොළඹ මාර්ගයේ පිහිටි අවමගුල් නිවසේ සිට පා ගමනින් ගෝනපල දෙසට පැමිණ පදික මාරුවෙන් මාර්ගය හරහා යාමේදී ගෝනපොල දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයේ ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි. සිද්ධියෙන් පසු කාන්තාවන් දෙදෙනා සහ දරු දෙදෙනා වෑතර රෝහලට ගෙන ගොස් ඇත. එහිදී එක් කාන්තාවක මියගොස් ඇත. පසුව බරපතළ තුවාල ලැබූ අනෙක් තිදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවූ අනෙක් කාන්තාවත් රාත්‍රියේදීම මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෝටර් රථය පැදවූ රියැදුරු ඔහුගේ තුන් හැවිරිදි දියණියට ගෝනපල හන්දියේ ආපනශාලාවකින් කොත්තුවක් මිලදී ගෙන යළි කහතුඩුව ප්‍රදේශයේ නිවස කරා යමින් සිටියදී පදික මාරුව මතින් ගමන් කරමින් සිටි සිව් දෙනා අනතුරට ලක් කර තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබිණි.

එම සැකකරු පැදවූ මෝටර් රථයේ ගැටීමෙන් පදික මාරුවේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනා මෙන්ම දැරියන් දෙදෙනා පදික මාරුවේ සිට මීටර් 16 සිට මීටර් 30යි දශම 80 දක්වා දුරක් ඈතට තැන තැන විසි වී ගොස් තිබූ බවත් 11 හැවිරිදි දැරිය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට විසි වී තිබූ බවත් පොලිසිය කියයි.

සැකකරු පැදවූ මෝටර්රථය පදික මාරුවේ ගමන් ගත් සිව් දෙනාගේ ගැටීමෙන් අනතුරුව ඔහුට මෝටර් රථය නවතා ගැනීමට හැකිවී ඇත්තේ මීටර් 11 දශම 70 ඉදිරියටත් ගමන් කිරීමෙන් අනතුරුව බවත් පොලිසිය කියයි.

අනතුරත් සමග සැකකරු කුඩා දරුවා අසල නිවසක රඳවා පලා ගොස් සැඟව සිට පොලිසිය පැමිණීමෙන් අනතුරුව භාරවී තිබූ බවත් ඒ බව නොදත් ප්‍රකෝප වූ අවමගුල් නිවසේ සිටි පිරිස එම නිවස තුළ සැකකරු සැඟවී ඇති බවට සැකයෙන් එම නිවසේ වහළයට සහ දොරට ගල්මුල්වලින් පහර දී සැකකරු ඉල්ලා ප්‍රකෝපව හැසිරෙන්නට වූ බවත් පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු මෑත දී විදේශ ගතව මෙරටට පැමිණි පුද්ගලයකු බව පොලිසිය කියයි.

සැකකරු පොලිසියට රැගෙන යාමෙන් අනතුරුව ශ්වසන පරීක්ෂණ නළ මගින් සිදුකළ පරික්ෂාවේදී ඔහු මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වුවත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා හොරණ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ බවත් එය වඩාත් තහවුරු වූ බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක, සහකාර පොලිස් අධිකාරියේ උදය කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් රථ වාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ. එම්. විජයරත්න, පොලිස් සැරයන් (42013) කුලතුංග, පොලිස් කොස්තාපල්වරුන් වන (49812) ජයසේකර, (87198) ලක්මාල්, (31335) ඉදිරිසිංහ, (24599) හර්ෂ, (102466) දිනේෂ් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
සටහන හා ඡායාරූප හොරණ නයනදුල සෙන්දනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

4 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

4 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

3 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

මුහුද මැද බෝට්ටුවක් පෙරළී ධීවරයෝ දෙදෙනෙක් අතුරුදහන්

ප්‍රාදේශීය පුවත්

පරීක්ෂා නොකර මුදාහැරිය බහාලුම් තුළ තිබූ තායිලන්ත බඩු ගැන විමර්ශනයක් ඉල්ලයි

ප්‍රාදේශීය පුවත්

කොළඹ පුරපති තෝරා පත් කරගැනීමේදී…

ප්‍රාදේශීය පුවත්

තණමල්විල පොලිසිය සීරුවෙන් හිටගනී – අනතුර මගහැරේ

ප්‍රාදේශීය පුවත්

දඹුල්ල ප්‍රා. සභා සජබ මන්ත්‍රීන් හය දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok