සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 587ක් ලබාගැනීමට සමත්විය.
එංගලන්තයේ එජ්බැස්ටන්හිදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ඇරයුමින් යුතුව පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 587ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්විය.
එහිදී විශිෂ්ට ඉනිමක් දියත් කළ ඉන්දීය නව ටෙස්ට් නායක ශුබ්මන් ගිල් ලකුණු 269ක් රැස් කළේ තම මංගල ද්විත්ව ශතකය වාර්තා කරමිනි. ඉන්දීය ටෙස්ට් නායකයකු ටෙස්ට් ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර, එමෙන්ම ඉන්දීය පිතිකරුවකු එංගලන්තයේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටද ශුබ්මන් ගිල් ගේ මෙම ඉනිම වාර්තා පොත් අතරට එක්විණි.
ඒ අනුව ශුබ්මන් ගිල් 1979 වසරේ සුනිල් ගවස්කා විසින් එංගලන්තයේදී ලකුණු 221ක් ලබාගනිමින් පිහිටුවා තිබූ වාර්තාව 46 වසරකට පසු බිඳ දමන්නට සමත්වීමත් කැපී පෙණෙන සිදුවීමක් විය.
එමෙන්ම ඉන්දියානුවෙක් ආසියාවෙන් පිටතදී වාර්තා කළ හොඳම ඉනිම ලෙසද මෙය සටහන් විය. කෙසේ වුවද දෙවැනි ඉනිම සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 77කි.
සිසිර ඉන්ද්‍රජිත්