Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තරගාවලි ජයක අපේක්ෂා ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තරගාවලි ජයක අපේක්ෂා ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

තරගාවලි ජයක අපේක්ෂා ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

July 5, 2025
72 Views

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (05 දා) ප.ව. 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතව ඇත.

යම්කිසි හෙයකින් මෙම තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණහොත් තරගාවලි ජය තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන අතර, බංග්ලාදේශයට තරගාවලියේ රැඳී සිටීමට නම් මෙම තරගයේ ජය අනිවාර්ය වේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ මේ දක්වා එක්දින තරග 58ක් පවත්වා ඇති අතර, එයින් තරග 44ක ජය ශ්‍රී ලංකාව සතුවද්දී, තරග 12ක ජය බංග්ලාදේශයට හිමිව ඇත. එයින් තරග 25ක් ශ්‍රී ලංකාවේදී පවත්වා ඇති අතර, එයින් තරග 21ක ජය ශ්‍රී ලංකාව සතුවූ අතර, තරග 2ක ජය බංග්ලාදේශය සතුවිය.

මෙම තරග 58 අතරේ දිවා රාත්‍රි තරග 35ක් පැවැත්වී ඇත. එහිදී තරග 25ක ජය ශ්‍රී ලංකාව සතුවද්දී, තරග 8ක ජය බංග්ලාදේශය සතුවිය.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ෆිල් සිමන්ස් පෞද්ගලික හේතුවක් මත දින දෙකක් සඳහා එක්සත් රාජධානියට පිටත්ව ගොස් ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට සහභාගි වීමට ඔහුට නොහැකි වනු ඇත.

තවද දෙවැනි එක්දින තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූරිය මහතා සමග පැවැති මාධ්‍ය හමුවේදී මෙසේද පැවසීය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණීම පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දුන් සනත් ජයසූරිය මහතා –

‘මම හිතන්නෙ අපිට ලොකු අභියෝගයක් තිබුණ හිටපු තැන ඉඳල අංක 04ට එන්න. අපිට තිබුණෙ චැම්පියන් කුසලානයත් අතහැරිච්ච කණ්ඩායමක්. විශේෂයෙන්ම කියන්න ඕන නායකත්වය දරන චරිත් අසලංක ලොකු කාර්යභාරයක් ඉටුකළා. ඒ වගේම අපි ක්‍රීඩකයන්ගෙ මානසිකත්වය හැදුව මේක කරන්න පුළුවන් කියන තැනට. මා ඇතුළු සෙසු පුහුණුකරුවොත් ගොඩක් කැපවීමෙන් වැඩ කළා මෙම තැනට එන්න. විශේෂයෙන්ම ක්‍රීඩකයන්ගෙ අඩුපාඩු හදාගෙන ඉදිරියට ගිය නිසා මේ තැනට එන්න පුළුවන් වුණා.’

මාධ්‍යවේදියෙක් රියන්සි විජේතිලක මහතාගේ අභාවය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ සනත් ජයසූරිය මහතා කියා සිටියේ – රියන්සි විජේතිලක මහතා තමයි මම නායකත්වයේ සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිටියෙ. එතුමා මම දැකපු හොඳ සභාපතිවරයෙක්. එයා ශ්‍රී ලංකා ක්‍රිකට් එක හොඳට බලාගත්ත. අපි සිටිය කාලෙ අපිට කරන්න පුළුවන් උපරිමයෙන් එතුමා කළා. එතුමාට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

දුනිත් ගැන සඳහන් කළොත් – දෙවැනි තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම ගැන අපි තවම කතා කළේ නැහැ. මුලින්ම තණතිල්ල ගැන බලන්න ඕන. කොහොමත් දුනිත් 12 වැනියට ඉන්නව. ඉතින් මේ තණතිල්ල ගැන බලල ඒ ගැන තීරණයක් ගන්නව.

මේ වෙලාවෙ ලහිරු කුමාර ආබාධයකට ලක්වෙල තියෙනව. ඒ නිසා එයාට ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන්න බැරිවුණ. ඒ වගේම අපි ඉදිරියට යන කොට වේග පන්දු යවන්නො සොයා ගන්නව වගේම, ජයග්‍රහණය කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි අපි තෝරගන්න ඕන. අපි ක්‍රීඩකයන්ට විවේකයක් දෙන ගමන් අපි හිතාගෙන ඉන්න ක්‍රීඩකයන්ටත් අවස්ථාවක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

මාධ්‍යවේදියෙක් අන්තර් සමාජ තරග ගැන විමසූ අවස්ථාවේදී සනත් ජයසූරිය මහතා මෙසේ පැවසීය.

අපේ කිසිම දෙයක් සියයට සියයක් සාර්ථක නැහැ. අඩුපාඩු තිබෙනව නම් අපි ඒව හදාගන්න ඕන. දේවල් ඉගෙන ගන්න ඕන. අපිට 19න් පහළ ලෝක කුසලානයක් තිබෙනව. ඒකට යන්න කලින් අපි ඒව හදාගන්න ඕන. ඒ සම්බන්ධයෙන් අපි ගොඩක් වැඩ කරනව.

ටෙස්ට් තරග සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ජයසූරිය මහතා කියා සිටියේ – අපි ඒ ගැන සාකච්ඡා කරමින් යන ගමන් ඉන්නේ. අපිට අවුරුද්දට ටෙස්ට් තරග 02ක් තියෙන එක ලොකු අඩුවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්න බලනව. මගේ ඉල්ලීමකුත් තියෙනව. අපි හිතනව රටවල් සමග සාකච්ඡා කරල හොඳ තීරණයක් ගන්න. මම හිතනව ඒ දේ සාර්ථක වෙයි කියල.

සිසිර ඉන්ද්‍රජිත්

සංස්කරණය – සුසිල් ජයකොඩි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ක්‍රී​ඩා

වසර 46කට පසු ශුබ්මන් ගවස්කාර් ගිල දමයි

ක්‍රී​ඩා

මැදරට පාපැදි සවාරිය ශූරයතාව සුමිත් නාලින්දට

ක්‍රී​ඩා

පන්දු රකින්නන්ට ඕනෑම වේලාවක තරගයක් වෙනස් කළ හැකියි – වනිඳු හසරංග

ක්‍රී​ඩා

ජයග්‍රහණයේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

ක්‍රී​ඩා

ඩයලොග් හෙට දිනයේ ශූරයන් බලගන්වද්දී පාසල් රග්බි ලීගය උණුසුම් වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok