Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල අගෝස්තු 29දා දඩැල්ල ක්‍රීඩාංගණයේදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල අගෝස්තු 29දා දඩැල්ල ක්‍රීඩාංගණයේදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල අගෝස්තු 29දා දඩැල්ල ක්‍රීඩාංගණයේදී

June 28, 2025
454 Views

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික මහ ක්‍රීඩා උළෙලේ 49 වැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දඩැල්ල ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව යමින් මෙවර ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු මස 29, 30 සහ 31 යන තෙදිනයන්හි දඩැල්ලේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී පැවැත්වේ.

මලල ක්‍රීඩාවට සමගාමීව වෙරළ වොලිබෝල් සහ කබඩි තරග ද එම දින ත්‍රිත්වය තුළ දඩැල්ලේ දී පැවැත් වීමට තීරණය කර තිබේ.

මලල ක්‍රීඩාවට අමතරව වෙරළ බොලිබෝල්, කබඩි, පාපන්දු, කාය වර්ධන, බොක්සිං, පැසි පන්දු, වෙරළ කබඩි, කරාතේ දෝ, එල්ලේ, කැරම්, හෑන්ඩ් බෝල්, චෙස්, බැඩ්මින්ටන්, හොකී, මේස පන්දු, ක්‍රිකට්, ජිම්නාස්ටික්, රගර්, ජූඩෝ, පිහිනුම්, බර ඉසිලීම, ටයිකොන්ඩෝ, වූෂූ, මල්ලව පොර, නෙට්බෝල්, සැහැල්ලු පන්දු ක්‍රිකට්, වොලිබෝල්, කඹ ඇදීම, පාපැදී, තරග ඇවිදීම, මැරතන් සහ රට හරහා දිවීම මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට අයත් සෙසු ක්‍රීඩා වන බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ අයි. පී. විජේරත්න මහතා නිවේදනය කර සිටී.

මෙම වසරේ තරග කාල සටහන ආරම්භ කරමින් පසු ගිය මාර්තු මස 15 දින නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් රට හරහා දිවීමේ තරගාවලිය ක්‍රියාත්මක කෙරුණි.

මෙරට කෙළිබිම තුළ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන සුවිශාලතම ක්‍රීඩා එකතුව ලෙස ජාතික මහා ක්‍රීඩා උළෙල සැළකෙන අතර එහි ආරම්භය 1972 වර්ෂය දක්වා ඈතට දිවෙයි. ආරම්භක ක්‍රීඩා උළෙලට කේ. බී. රත්නායක මහතා ක්‍රීඩා අමාත්‍ය ලෙස ද එල්. ඩබ්ලිව්. මඩුගල්ල මහතා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ලෙස ද ඔස්ටින් රාජකරුණා මහතා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස ද කටයුතු කළහ. ආරම්භක ජාතික මහ ක්‍රීඩා උළෙල අනුරාධපුරයේ දී ක්‍රියාත්මක කෙරුණු අතර එයට පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, මැරතන්, පාපැදි සහ මලල ක්‍රීඩා තරග ඉසව් ඇතුළත්ව තිබිණි.

ආරම්භක අවධියේ දී අන්තර් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරුණු ජාතික මහා ක්‍රීඩා උළෙල දැන් ක්‍රියාත්මක කෙරෙන්නේ අන්තර් පළාත් මට්ටමිනි.

ඒ අනුව යමින් ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලිය ද බස්නාහිර, මධ්‍යම, ඌව, උතුර, දකුණ, නැගෙනහිර, උතුරු මැද, සබරගමුව සහ වයඹ පළාත් අතර පැවැත්වේ.

පසු ගිය වර සමස්ත ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද “ජනාධිපති අභියෝග කුසලාන” දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශූරයන් වූ බස්නාහිර පළාතට රන් 186, රිදී 82 සහ ලෝකඩ 90 ලෙස පදක්කම් 358ක් දිනා ගත් අතර රන් 45, රිදී 47 සහ ලෝකඩ 64 ලෙස පදක්කම් 156ක් දිනා ගත් මධ්‍යම පළාතට අනු ශූරතාව හිමි විය. තෙවන ස්ථානය දකුණු පළාත (රන් 37, රිදී 42, ලෝකඩ 47) සතු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ක්‍රී​ඩා

හොඳ පිතිකරණ ලැයිස්තුවක් හදා ගන්නවා

ක්‍රී​ඩා

කොදෙව්වෝ ලකුණු 27කට දැවෙද්දී ඔස්ට්‍රේලියාවට තරගාවලියේ ජය

ක්‍රී​ඩා

ජඩේජාගේ උත්සාහය අපතේ යයි එංගලන්තයට තියුණු ජයක්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට පදක්කම් 40ක්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජනසතු සේවා පන්දුවාර 20 – 20 තරගාවලියේ අවසන් පූර්ව වටයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok