Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පැතුම්ගේ සුපිරි ශතකයත් සමග ශ්‍රී ලංකාව ප්‍රබල තැනක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පැතුම්ගේ සුපිරි ශතකයත් සමග ශ්‍රී ලංකාව ප්‍රබල තැනක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

පැතුම්ගේ සුපිරි ශතකයත් සමග ශ්‍රී ලංකාව ප්‍රබල තැනක

June 27, 2025
276 Views

චන්දිමාල් ශතකය පෙනි පෙනී දැවීයයි

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 43ක් ඉදිරියෙන් සිටිමන් ඉතා ප්‍රබල තත්ත්වයක සිට දෙවැනි දිනය නිමා කළේය.

ඒ දෙවැනි දිනයේ තරගය නිමා වන විට පැතුම් නිස්සංක ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට ටෙස්ට් තරගය ජයග්‍රහණයේ බලාපොරොත්තු තබමිනි.

තරගයේ දෙවැනි දිනය ඇරඹුවේ බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු 220ක් සමග තවත් කඩුලු දෙකක් පමණක් අතැතිවය.

කෙසේ වෙතත් පළමු දිනයේ බංග්ලාදේශ ප්‍රබලම කඩුලු දෙක දවාගත් මංගල ටෙස්ට් වරම් ලද සොනාල් දිනුෂ දෙවැනි දිනයේ අවසන් කඩුල්ල දවා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 247කට සීමා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සහ ළහිරු උදාර සමගයි. මුල සිටම වේගවත් පිතිකරණයක යෙදුණු ආරම්භක පිතිකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉක්මනින් උඩට ගෙන ඒමට සමත් වූහ. ඒ අනුව දෙවැනි දිනයේ දිවා ආහාරයට තරගය නතර කරනවිට කිසිවකු නොදැවී ලකුණු 83ක් ලබා ඉතා ප්‍රබල තැනක පසුවිය.

දිවා ආහාරයෙන් පසු එස්. එස්. සී. පිටියේදී තරගය ආරම්භ වූ අතර වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ළහිරු උදාරට අවස්ථාව උදා නොවූ අතර නයිජුල් ඉස්ලාම් යැවූ පන්දුවකට ළහිරු දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 88ක් වී තිබිණි.

පැතුම් නිස්සංකට එක්වූ දිනේෂ් චන්දිමාල් එස්. එස්. සී. පිටියේ බංග්ලාදේශ පන්දු යවන්නන්ට අත දිගහැර පහර දෙන්නට පටන් ගත්තේ දෙවැනි තරගයේ වාසිය ශ්‍රී ලංකාව පැත්තට නතුකර ගනිමිනි. තේ පානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 190ක් ලබා සිටියහ.

පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්වූ එස්. එස්. සී. තණනිල්ලේ පැතුම් නිස්සංක ඊයේ සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ සිව්වන ශතකය ලබා ගැනීමට සමත් විය. පැතුම් පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් ලබා ගනිමින් සිය ශතකය ලබා ගත්තේය. තවද පැතුම් සිය නිජබිමේදී පිට පිට ලබාගත් දෙවැනි ශතකය විය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා ලකුණු 194ක සබඳතාවක් ගොඩනඟමින් සිටියදී නයීම් හසන් යැවූ පන්දුවකට ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 17 වැනි ශතකය ආසන්නයේ සිටි දිනේෂ් චන්දිමාල් ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේ ලකුණු 93ක් ලබා සිටියදීය.

චන්දිමාල්ගේ ලකුණු 93ට එක් හයේ පහරක් සහ හතරේ පහරවල් 10ක් ඇතුළත් විය.

දෙවැනි දිනයේ තරගය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් ලබා ගෙන සිටියේය.

සුසිල් ජයකොඩි
එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ සිට

සංස්කරණය – සුසිල් ජයකොඩි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ක්‍රී​ඩා

ශතක ලබා උඩපන්දු අතහරින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම

ක්‍රී​ඩා

පසු පෙළින් පැමිණි කුසල්ගෙන් විශිෂ්ට ඉනිමක්

ක්‍රී​ඩා

49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල අගෝස්තු 29දා දඩැල්ල ක්‍රීඩාංගණයේදී

ක්‍රී​ඩා

කොළඹ සුසමයවර්ධන විදුහල රාජකීයන් පරදවා වොලිබෝල් කලාප ශූරතාවය දිනයි

ක්‍රී​ඩා

සිව්වන සතියේ තරග අද – හෙට අනිද්දා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok