Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හොඳම හඹා යෑමේ වාර්තාව මහනුවරින්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හොඳම හඹා යෑමේ වාර්තාව මහනුවරින්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

හොඳම හඹා යෑමේ වාර්තාව මහනුවරින්

June 26, 2025
296 Views

ශ්‍රී ලංකා 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 2025 තරගාවලි ඉතිහාසයේ මෙතෙක් කණ්ඩායක් හඹා ගිය දැවැන්තම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට මහනුවර කණ්ඩායම පෙරේදා (24 දා) සමත් විය. තරගාවලියේ එතෙක් අපරාජිතව සිටි කණ්ඩායමක් වූ කොළඹ දකුණු කණ්ඩායමට එරෙහිව අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 357ක ඉලක්කය කඩුලු 7ක් දැවී සපුරා ගනිමින් මහනුවර කණ්ඩායම මෙම වාර්තාගත ජයග්‍රහණයට හිමිකම් කීවේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 5ක් දැවී ලකුණු 356ක් ලබා ගනිමින් ප්‍රබල ඉලක්කයක් මහනුවර කණ්ඩායම හමුවේ තැබූ අතර එය හඹා ගිය කැන්ඩි ක්‍රීඩකයෝ පන්දු 2ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 3ක් අත ඉතිරිවය.

ජයග්‍රාහී මහනුවර කණ්ඩායම වෙනුවෛන් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් අතරින් කැපී පෙනුණු ආදම් හිල්මි පන්දු 63 කදී ලකුණු 72ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරන තෙක් කඩුල්ලේ රැඳී සිටියේය. ඔහුට අමතරව දිමන්ත මහවිතාරණ (51), යෝෂිත ඉසුරංග (52) සහ සෙත්මික සෙනෙවිරත්න (53) වශයෙන් අර්ධ ශතක වාර්තා කළහ. මොවුන්ට අමතරවර නායක කවීජ ගමගේ පන්දු 45කදී ලකුණු 49ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දායකත්වය දැක්වූවේය.

ජයග්‍රහණය හඹා යෑමේදී මහනුවර කණ්ඩායමේ 5 වැනි කඩුල්ල ලෙස නායක කවීජ ගමගේ සහ 6 වැනි කඩුල්ල ලෙස චනිරු සේනාරත්න මුළු ලකුණු සංඛ්‍යාව 237 දී දැවී ගිය නමුත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ආදම් හිල්මි සමඟ එක්වූ සෙත්මික සෙනෙවිරත්න පන්දු 63 කදී ලකුණු 86ක්ද 8 වැනි කඩුල්ලට එක්වූ නිසල අබේරත්න පන්දු 20 කදී නොබිඳුණු ලකුණු 34ක ද සම්බන්ධතාවක් පවත්වමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

තරගාවලියේ මෙතෙක් පැවැති තරග 2 න් 2 ම ජයගනිමින් අපරාජිතව අද තරගයට අවතීර්ණ වුණු කොළඹ දකුණු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් රෙහාන් පීරිස් පන්දු 3කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 13ක් සමගින් ලකුණු 112ක් ද හිරුන මතීෂ පන්දු 75 කදී ලකුණු 75ක් ලබා සිය කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට යෑම සඳහා අවශ්‍ය ප්‍රධාන අඩිතාලම එක් කළහ. මැද පෙලින් පැමිණි ඔෂාන් ද සිල්වා (46), නායක රමිරු පෙරේරා (33), සහ ජේසන් ප්‍රනාන්දු (27) අඩු පන්දු සංඛ්‍යාවකින් ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා ඔවුනට ලකුණු 350 සීමාව ඉක්මවා යෑමට අවස්ථාව උදාවිය.

මේ අතර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්විය. මෙය ගාල්ල කණ්ඩායම මෙවර තරග වාරයේදී වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 48.2කදී සියලු දෙනා දැවී ලකුණු 209ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායම පන්දුවාර 48.2 කදී කඩුලු 9ක් දැවී ලකුණ් 213ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.

කොළඹ දකුණ අපරාජිත භාවය මහනුවර බිඳ දමයි

කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලු 5කදී ලකුණු 356 යි – (රෙහාන් පීරිස් 112, සුවහස් ප්‍රනාන්දු 31, හිරුන් මතීෂ 73, ඔෂාන් ද සිල්වා 46, රමිරු පෙරේරා 33, ජේසන් ප්‍රනාන්දු 27, දිනෙත් පීරිස් 12, සුමේධ ප්‍රසාද් 53/3)

මහනුවර කණ්ඩායම පන්දුවාර 49.4 කදී කඩුල 7ක් දැවී ලකුණු 357 යි – (ආදම් හිල්මි 72, දිමන්ත මහාවිතාරණ 51, පුලීෂ තිලකරත්න 12, යෝෂිත ඉසුරංග 52, කවීජ ගමගේ 49, කෞෂික කුමාරසිංහ 12, සෙත්මික සෙනෙවිරත්න 53, නිසල අබේරත්න 12, රමිරු පෙරේරා 39/2, දිනෙත් පීරිස් 58/2)

ගාල්ලට කඩුල්ලක ජයක්

දඹුල්ල පන්දුවාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 209 යි – (දිනුග තේවිරු 70, ජනිඳු රණසිංහ 44, රජිත් සමරසිංහ 22, කවීෂ ලියනාරච්චි 15, දිමත් අබේසිංහ 12, මලිත් ද සිල්වා 35/3, විරාන් චමුදිත 28/2, ලිදුන නෙත්මින 42/2)

ගාල්ල පන්දුවාර 48.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 213 යි – (දුල්සිත් දරශන 78 විරාන් චමුදිත 24, විශ්ව සුපුන් 12, චමරිඳු නෙත්සර 40, ගිම්හාන රසාංජන 13, යූරි කොත්තිගොඩ 17, මහීෂ් සිතුම් 34/2, සනුජ නිඳුවර 35/2, විගේෂ්වරන් ආකාස් 37/2)

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ක්‍රී​ඩා

ශතක ලබා උඩපන්දු අතහරින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම

ක්‍රී​ඩා

පසු පෙළින් පැමිණි කුසල්ගෙන් විශිෂ්ට ඉනිමක්

ක්‍රී​ඩා

49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල අගෝස්තු 29දා දඩැල්ල ක්‍රීඩාංගණයේදී

ක්‍රී​ඩා

කොළඹ සුසමයවර්ධන විදුහල රාජකීයන් පරදවා වොලිබෝල් කලාප ශූරතාවය දිනයි

ක්‍රී​ඩා

පැතුම්ගේ සුපිරි ශතකයත් සමග ශ්‍රී ලංකාව ප්‍රබල තැනක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok