Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 08ක් ශ්‍රී ලංකාව බිඳ දමයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 08ක් ශ්‍රී ලංකාව බිඳ දමයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ක්‍රී​ඩා

බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 08ක් ශ්‍රී ලංකාව බිඳ දමයි

June 26, 2025
396 Views

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එස්එස්සී පිටියේදී ඇරඹි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකර ගැනීමට පන්දු යවන්නෝ ඊයේ සමත් වූහ.

ඒ අනුව තරගය පළමු දින නිමාවෙද්දී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 220ක් ලබාගෙන සිටියේය.කාසියේ වාසිය ගත් බංග්ලාදේශ නායක නජ්මුල් ෂැන්ටෝ දෙවරක් නොසිතා පන්දුවට පහරදීමට තීරණය කළේ එස්.එස්.සී. තණතීරුව පිතිහරබයට යෝග්‍ය බව බංග්ලාදේශය හඳුනාගෙන ඇති නිසයි.

ඊයේ සොනාල් දිනුෂ්ට ටෙස්ට් වරම් හිමිවූ අතර කොළඹ දලාසාල් හා මහානාම විදුහල්වල ආදි සිසුවකු වන අතර ශ්‍රී ලංකාවේ 170 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් දෙක බැගින් ඊයේ කර තිබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන්නන් දෙදෙනකු සහ වේගපන්දු යවන්නන් දෙදෙනකු සමග තරගයට අවතීර්ණ වී තිබුණු අතර ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට සහ මිලාන් රත්නායක වෙනුවට සොනාල් දිනුෂ සහ විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව තිබුණි.

බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් දෙක වනුයේ ජේකර් අලි සහ හසන් මහමුද් වෙනුවට මෙහෙදි හසන් මිරාස් සහ එබාදන් හොසේන් කණ්ඩායමට කැඳවා තිබිණි.

බංග්ලාදේශයේ ආරම්භ පිතිකරු යුගලය වන අනමුල්හක් සහ ශද්මන් ඉස්ලාම් එස්.එස්.සී. පිටියේ ආරම්භය ලබාගත් අතර බංග්ලාදේශයට ආරම්භය නම් සුබදායී එකක් නොවීය. ඒ අසිත ප්‍රනාන්දු යැවූ සුපිරි පන්දුවකට අනමුල් හක්ගේ කඩුල්ල දැවී

ගියේ බංග්ලාදේශයේ ලකුණු පුවරුව ලකුණු 5ක් තිබියදීය.

ඉන්පසුව මොමිනුල් හක් සමග එක්ව ශද්මන් ඉස්ලාම් ඉදිරියට බංග්ලාදේශ කණ්ඩායම රැගෙන ගිය අතර 16 වැනි පන්දුවාරය යැවීමට ශ්‍රී ලංකා නායක ධනංජය සිල්වා තීරණය කළ අතර එම තීරණයට සාධාරණය ඉටුකරමින් ධනංජය යැවූ පළමු පන්දුවටම මොමිනුල් හක් දැවී ගියේය.

දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 71ක් ලබා සිටියේ බංග්ලාදේශය තරමක පීඩනයකට පත්කරමිනි.

දිවා ආහාරයෙන් පසුව යළිත් තරගය ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායමට ඉදිරිය ගැන සුබ ලකුණක් නම් පෙනෙන්නට නොවූයේ, නජ්මුල් හොසේන් ලකුණු 8ක් ලබා සිටියදී දැවී යෑම නිසාය. බංග්ලාදේශ නායකයාට මෙවර සාර්ථක වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ඉඩ ලබා දුන්නේ නැත.

බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 76ක් වෙද්දී ආරම්භක පිතිකරු ශද්මන් ඉස්ලාම් පිටියෙන් ඉවත් කරන්නට තරිඳු රත්නායකට හැකියාව ලැබිණි.

ඉන්පසු එස්එස්සී පිටියට වර්ෂාව පතිත වූ අතර පැය එකහමාරකට වැඩි කාලයක් තරගය නවතා තිබුණි. නැවත කරගය ඇඹුණේ සවස 2.55 ට පමණය. තරගය නැවත අරඹන විට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4ක් දැවී ලකුණු 90ක් ලෙසය.

ඒවන විට පිටියේ රැඳී සිටියේ මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ය. මුෂ්ෆිකර් ලකුණු 8ක් ලබා සිටියදී ලහිරු උදාරට ලබාදුන් උඩ පන්දුව බිම දැමීමෙන් මුෂ්ෆිකර්ට තවදුරටත් පිටියේ රැඳී සිටීමට වාසනාව උදා විය.

මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් රිද්මයකට පැමිණ පන්දුවට පහරදෙමින් සිටියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් වරම් දිනූ තුන්ඉරියව් ක්‍රීඩක සොනාල් දිනුෂ් හමුවේ මුෂ්ෆිකර් රහිම් සහ ලිටන් දාස් ට දැවීයන්නට සිදුවූයේ බංග්ලාදේශ ඉනිම කඩාවැටීමේ පාර පෙන්වමිනි.

කෙසේ වෙතත් මෙහෙදී හසන් යම් ස්ථාවරයකින් පන්දුවට පහර දීමට අවස්ථාව උදාකර ගත්තත් හසන් ලකුණු 31ක් ලබා සිටියදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට විශ්ව ප්‍රනාන්දුට හැකියාව ලැබිණි.

ඒ වනවිට බංග්ලාදේශ ඉනිම කඩුලු 08 ක් දැවී ලකුණු 214ක් ලබාගෙන තිබිණි.

දිනය නිමාවෙද්දී බංග්ලාදේශ කණ්ඩායමේ ටයිජුල් ඉස්ලාම් සහ එබදත් හොසෙන් කඩුල්ලේ රැඳී සිටියහ. ඒ වනවිට බංග්ලාදේශ ඉනිම කඩුලු 08ක් දැවී ලකුණු 220ක් ලබාගෙන සිටියේය.



සුසිල් ජයකොඩි එස්එස්සී ක්‍රීඩාංගණයේ සිට

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ක්‍රී​ඩා

හොඳ පිතිකරණ ලැයිස්තුවක් හදා ගන්නවා

ක්‍රී​ඩා

කොදෙව්වෝ ලකුණු 27කට දැවෙද්දී ඔස්ට්‍රේලියාවට තරගාවලියේ ජය

ක්‍රී​ඩා

ජඩේජාගේ උත්සාහය අපතේ යයි එංගලන්තයට තියුණු ජයක්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට පදක්කම් 40ක්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජනසතු සේවා පන්දුවාර 20 – 20 තරගාවලියේ අවසන් පූර්ව වටයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok