Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානයට පහර දීමෙන් ඊශ්‍රායලයට වේදනාකාරී ඉරණමක් අත්වනු ඇත – ඉරාන උත්තරීතර නායක කුමෙනි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානයට පහර දීමෙන් ඊශ්‍රායලයට වේදනාකාරී ඉරණමක් අත්වනු ඇත – ඉරාන උත්තරීතර නායක කුමෙනි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

ඉරානයට පහර දීමෙන් ඊශ්‍රායලයට වේදනාකාරී ඉරණමක් අත්වනු ඇත – ඉරාන උත්තරීතර නායක කුමෙනි

June 14, 2025
1254 Views

ඊශ්‍රායල හමුදාවන් විසින් ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් අරඹා ඇති ඊශ්‍රායල – ඉරාන යුද්ධයේදී ඊශ්‍රායලයට කටුක හා වේදනාකාරී ඉරණමකට මුහුණපෑමට සිදුවනු ඇති බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කුමේණි නිවේදනය කර තිබේ. ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ ජනාකීර්ණ ප්‍රදේශ වෙත ප්‍රහාරයන් එල්ල කිරීමෙන් සිය නපුරු ස්වභාවය පෙන්නුම් කර තිබේ. ඊශ්‍රායල රජය මේ හරහා දැඩි දඬුවමක් අපේක්ෂා කරන බව පෙනේ. දෙවියන්ගේ කැමැත්තෙන් ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදාවන්හි බලවත් හස්තය ඊශ්‍රායලයට දඬුවම් නොකර සිටීමට ඉඩ නොදෙනු ඇත’ ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඊශ්‍රායලය සිය කුණු හා ලේ තැවරුණු අත අපරාධයක් සිදු කිරීම සඳහා ඉරානයට එරෙහිව යොදාගෙන තිබේ යැයි ඉරාන උත්තරීතර නායකයා පවසා තිබේ. නිදාගෙන සිටි ඉරාන ජනතාව අවදි කරලමින් ඊශ්‍රායල හමුදාවන් විසින් එල්ල කරන ලද ප්‍රබල ගුවන් ප්‍රහාර හමුවේ තම යාබද නිවෙස් හා ගොඩනැඟිලි කඩා වැටී පොළවට සමතලා වන අයුරු එම ජනතාව දැක තිබෙන බව ඔහු පවසයි.

මේ අතර ඉරානයට එරෙහිව ‘රයිසින් ලයන්’ නමැති යුද මෙහෙයුම දියත් කර ඇති ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් කලින් පටිගත කරන ලද පණිවිඩයකින් පවසා ඇත්තේ ඉරානයට ඒකාබද්ධ ඊශ්‍රායල හමුදාවන් විසින් එල්ල කර ඇති ප්‍රහාරයන් ඉලක්ක කර ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික යටිතල පහසුකම් හා බැලැස්ටික් මිසයිල කම්හල් බවයි. මේ අතර ඉරාන මාධ්‍යවලට අනුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානියා වන හොසේන් සලාමි හා ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වූ මොහොමඩ් බගෙරී ඇතුළු හමුදා නිලධාරීන් රැසක් මියගොස් ඇති අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කුමේණි ගේ උපදේශක අලි ශම්කනි බරපතළ තුවාල ලබා තිබේ.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ සිය හමුදාවන් ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයන් පිරිසක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ඔවුන් ඉරානය තුළ බෝම්බයක් නිෂ්පාදනය කිරීමේ කාර්යයෙහි නියැළීම නිසා බවයි. ඉරානයට එල්ල කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන් තවත් දින ගණනාවක් සිදුවනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර ඉරානයේ පළවන ‘ද ඉකොනොමිස්ට්’ පුවත්පතේ ආරක්ෂක කතෘ ෂශාන්ක් ජෝෂි බීබීසී ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරානය සිය ආයුධ සම්බන්ධ කාර්යයන් වේගවත් කර ඇති බවට කර ඇති චෝදනාව ඉතා සුපරික්ෂාකාරී ලෙස පරීක්ෂාවකට ලක් කළ යුතු බවයි. ඊශ්‍රායලය විසින් ඊයේ උදෑසන ඉරානයට එල්ල කර ඇති ගුවන් ප්‍රහාරයන් න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් ප්‍රහාරයකට වඩා ඉරාන රජය අස්ථාවර කිරීමට ගත් උත්සාහයක් ලෙස පෙනී යයි.’ වර්තමානයේ ඊශ්‍රායලය හා ඉරානය අතර හටගෙන ඇති යුද උණුසුම සති ගණනාවක් දරුණු ලෙස පවතිනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ‘ද ඉකොනොමිස්ට්’ පුවත්පතේ ආරක්ෂක කතෘවරයා සඳහන් කර තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කහවත්ත තරුණයා ඝාතනයට ඇල්ලූ 2ක් 28 තෙක් රිමාන්ඩ්

ප්‍රාදේශීය පුවත්

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ‘මතුගම’ට කැපිල්ලක් – මේක කරන්නේ කාගේ වුවමනාවටද?

ප්‍රාදේශීය පුවත්

සියඹලාණ්ඩුවේ ගම් කිහිපයක් ටොනේඩෝව සොලවා දමයි

ප්‍රාදේශීය පුවත්

විෂයන් 9ට ගම්පහ වැඩිම A මෙවරත් රත්නාවලි බාලිකාවට

ප්‍රාදේශීය පුවත්

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කඩාවැටිලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok