පාසල් යන අතරතුර මග නැවතී පාට ඇඳුමින් සැරසී පෙම්වතා සමග ගිහින්
වැල්ලවාය පොලිස් වසමට අයත් එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් දූෂණය කළ 17 හැවිරිදි දැරියගේ පෙම්වතා වැල්ලවාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අතවරයට පත්වූ දැරිය නිවසෙන් පාසල් යන බව පවසා පිටව ගොස් ඇතත් ඇය පාසලට නොපැමිණි බවට විදුහලෙන් ඇයගේ මවට දැනුම්දී තිබේ.
පසුව දැරිය පාසල නිමවන වේලාවේ නැවත නිල ඇඳුමෙන් නිවසට පැමිණ ඇත. දැරියගේ මව ඇයව පොලිසියට කැඳවාගෙන ගොස් ඇය පාසල් වෙලාවේ කොහේ සිටියේද, ඇයට යම් හිංසනයක් සිදුවී ඇතිදැයි සොයාබලන ලෙස පොලිසියට පවසා තිබේ. ඇය පවසා ඇත්තේ එදින බස් නැවතුම්පළේ පෙම්වතා සමග කතාකරමින් සිටි බවයි.
දැරිය සිරිගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඇය ස්ත්‍රී දූෂණයට ලක්වී ඇති බව හෙළිවී ඇත.
නැවතත් ඇයව පොලිසියට කැඳවාගෙනවිත් ප්‍රශ්න කිරීමේදී පෙම්වතාගේ උපන්දිනය තිබූ බවත් ඔහු හමුවීමට නිල ඇඳුමෙන් බස් නැවතුම්පළට ගොස් පොදු වැසිකිළියේදී සිවිල් ඇඳුමෙන් සැරසී ඔහු සමග මහවෙලමුල්ල ප්‍රදේශයේ කැළෑබද ස්ථානයකට ගොස් පාලු නිවසක් පිටුපස ඇති කැළෑබද ප්‍රදේශයේදී තම පෙම්වතා සමග කැමැත්තෙන් එකතුවූ බවත් පවසා තිබේ.
ඒ අනුව දැරියගේ පෙම්වතා වන දාහත් හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක