ශ්‍රී ලංකාවේ පළමු හරිත දුම්රිය ස්ථානය ලෙසින් පිදුම් ලැබූ ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට ඒ වෙනුවෙන් ලද සම්මානයද රැගෙන පැමිණි එහි ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ටී. සර්වේස්වරන් මහතා පිළිගැනීමේ උත්සවයක් දුම්රිය ස්ථානයේදී මහත් හරසරින් පැවැත්විණි.
ජගත් පරිසර දිනය වෙනුවෙන් මෙම සම්මානය ලැබී තිබූ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්විණි. මෙම උත්සවයට සමගාමීව දුම්රිය ස්ථානයේ සියලු කාර්ය මණ්ඩලයද ඇගයීමට ලක්වීම විශේෂ සිද්ධියක් විය.
මෙම දුම්රිය ස්ථානය හරිත දුම්රිය ස්ථානයක් බවට පත්කිරීමට ට්‍රයිකෝ එයිඩ් සංවිධානය විසින් සුවිශේෂී දායකත්වයක් දක්වා තිබූ අතර එම සංවිධානයේ අධ්‍යක්ෂ රාජකොන් හරිහරන් මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින්ම උත්සවයද සංවිධානය කර තිබුණි.
කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ