Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මිනිසුන්ගේ හදවත් සුවපත් කිරීම ජනමාධ්‍යයේ වගකීමයි – කිතුරැස එළිදැක්වීමේදී ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මිනිසුන්ගේ හදවත් සුවපත් කිරීම ජනමාධ්‍යයේ වගකීමයි – කිතුරැස එළිදැක්වීමේදී ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

මිනිසුන්ගේ හදවත් සුවපත් කිරීම ජනමාධ්‍යයේ වගකීමයි – කිතුරැස එළිදැක්වීමේදී ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා කියයි

June 13, 2025
394 Views

ජනමාධ්‍යයේ වගකීම වනුයේ එකිනෙකා තුළ වෛරය ක්‍රෝධය වපුරවන පුවත් ප්‍රචාරය කිරීම නොව මිනිසුන්ගේ හදවත් සුවපත් කරන පුවත් රටට ලොවට ගෙනයෑම වන බව සඟසැපත් පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා පසුගිය ජනවාරි 25 වැනිදා නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දී ඇතැයි කතෝලික ජනසන්නිවේදනය පිළිබඳ ජාතික අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පැවැසීය.

මිනිසුන්ගේ සිත් සතන් තුළ අප්‍රසන්නතාවයක් ඇති කරන පුවත් නොව මිනිසුන් යහමඟට ගතහැකි පුවත්පත් කලාවක් කිතුරැස මගින් බිහිකළ යුතු යැයිද උන්වහන්සේ පැවැසීය. ජාතික කතෝලික ලේඛන සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ කිතුරැස පුවත්පත ජනගත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා එලෙස පැවැසීය. එම උත්සවය පසුගිය 31 වැනිදා පෙරවරුවේ බොරැල්ල කිංස්ලි මාවතේ පිහිටි ජෝගෙන් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තව කෙනකුව මරා දමා හෝ තම දේශපාලන ගමන් මඟ ඉදිරියට ම යා යුතු යැයි කියන මෙතෙක් රට තුළ තිබූ ජනාකීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කර යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහිවනු දැකීම හා රට තුළ නීතිය හා සාමය රජ කරනු දැකීම රටේ ජනතාවගේ එකම අභිලාෂය වනනේ යැයි ද ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් පැවැසීය.

යමකුගේ අධ්‍යාත්මික ගුණවගාව පෝෂණය කළ හැක්කේ ආගම දහමට බවත් ආගමික හා ජාතික සංහිඳියාව රටක යහපැවැත්මට ඍජුබව බලපාන ඉතා සුවිශේෂී කරුණු බවත් එය ආරාධිත දේශනය පවත්වමින් පෙන්වා දුන් ජනසන්නිවේදනය පිළිබඳ බාහිර කථිකාචාර්ය ශාන්තකුමාර දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා කිතුසර පුවත්පත සිය මුල් කලාපයෙන්ම එකී අනගි මෙහෙවරට උරදි ඇතැයි ද පැවැසීය.

කිතුරැස පුවත්පත සහ ජාතික කතෝලික සංවිධානයේ කාර්යභාරය පිළිබඳ ජාතික කතෝලික ලේඛක සංවිධානයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය සචිත මෙන්ඩිස් මහතාත් කිතුරැස පරමාර්ථය කුමක් දැයි පහදා දෙමින් ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි ඇනට් මාරී ජසින්තා පෙරේරා මහත්මිය අදහස් දැක්වූහ. සංගමයේ සභාපති නෝර්වේ පින්ලන්ත රාජ්‍ය හිටපු ශ්‍රී ලංකා තානාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නොඩ්ත්‍රි කුටෙර් මහතාත් සංගමයේ භාණ්ඩාගාරික මාධ්‍යවේදී අසංක ශ්‍රීමාල් මහතාත් අදහස් දැක්වූ එම උත්සව සභාව නීතිඥ නාලනී හංසමාලා ජයතිලක මහත්මිය මෙහෙය වූවාය. දයා ශ්‍රී නරේන්ද්‍ර රාජසිංහ මහතා විසින් ජනමාධ්‍ය ආචාර ධර්ම ඇතුළු විනයන් පිළිබඳ ලියන ලද ග්‍රන්ථ කීපයක් එහිදී සංගමයේ අනුශාසක පියතුමාට පිළිගැන්වූ නීතිඥ නාලිනී හංසමාලා ජයතිලක මහත්මිය විසින් රචිත ග්‍රන්ථයක් ද අනුශාසක පියතුමාට, වර්බ්‍රම් රූපවාහිනි ආයතනයේ සභාපති ඩිලාන් ද සිල්වා මහතාට එහිදී පිරිනමන ලදී.

ජනප්‍රිය චිත්‍රපට හා නාට්‍ය අධ්‍යක්ෂක සුනිල් ලියනාරච්චි, දෘෂ්ටි වෛi විශේෂඥ එම්.එච්.සී.ජේ. ඉයන් ආරික් මෙන්ඩිස්, කැලිස්ටස් ජයමාන්න, ආනන්ද කරුණාරත්න, යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් හා සංගමයේ උප සභාපති ප්‍රසාද් සමරතුංග මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය හා සාමාජික සාමාජිකාවන් රැසක් ද උත්සව සභාවට එක්වූහ.

ඒ.ජේ.ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අනුරාධපුර නුවරවැවේ පාර ඇරිය හැකිදැයි බලන්න නියෝජ්‍ය ඇමැති ගිය ‘ගමනට’ ගේට්ටු වැසෙයි!

ප්‍රාදේශීය පුවත්

හදවත රිදුණත් මගීන් ගැන සිතූ යාපන ලංගම බස් රියැදුරුට සැවොම තුති පුදති

ප්‍රාදේශීය පුවත්

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

ප්‍රාදේශීය පුවත්

ළමුන් වැඩියෙන්ම අපයෝජනය වන්නේ පවුලේ සමීපතමයන් අතින්

ප්‍රාදේශීය පුවත්

මීමුරේට නැවත දන්වන තුරු එන්න එපා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok