Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බාලවයස්කාර සිසුවියකට හදි කළ දෙදරු පියා දස වසකට මහඋළුගෙදර යවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බාලවයස්කාර සිසුවියකට හදි කළ දෙදරු පියා දස වසකට මහඋළුගෙදර යවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

බාලවයස්කාර සිසුවියකට හදි කළ දෙදරු පියා දස වසකට මහඋළුගෙදර යවයි

June 12, 2025
859 Views

ලිහිල් දඬුවමක් දෙන්නැයි තරුණියගේ ඉල්ලීම ඉවතට

වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර සිසුවියක් රවටාගෙන සිය ත්‍රිරෝද රථයේ නංවාගෙන ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන ගොස් බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනාවකට වරදකරු කරනු ලැබූ 37 හැවිරිදි දෙදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (11දා) බරපතළ වැඩසහිත වසර 10 යක සිරදඬුවම් හා රුපියල් 30,000ක දඩයක් නියම කළේය.

එයට අමතරව වින්දිත කාන්තාවට රුපියල් ලක්‍ෂ තුනක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතර වසර දෙකක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය. විත්තිකරු එකී චෝදනාවලට වරදකරු කිරීමෙන් අනතුරුව දඬුවම් නියම කිරීමට පෙර අධිකරණයේ අවසරය ඇතිව අධිකරණය ඇමැතූ අගතියට පත් කාන්තාව මෙයට වසර ගණනාවකට පෙර එම අපරාධය සිදුකළ විත්තිකරු මේ වනවිට බාල වයස්කාර දරුවන් දෙදෙනකුගේ පියකු වන බැවින් ලිහිල් සිරදඬුවම් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය. අගතියට පත් පාර්ශ්වය ඉල්ලා සිටි පමණින් එලෙස ලිහිල් සිරදඬුවම් ලබාදීමේ නීතිමය හැකියාවක් තම අධිකරණයට නොමැති නමුත් විත්තිකරුගේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම අනුව විත්තිකරු පෙර වැරදි හෝ පවත්නා වෙනත් නඩු නොමැත්තකු වන බැවින් නීතිය අනුව වසර 25 ක උපරිම දඬුවමක් නියම කළ හැකි නමුත් තම අධිකරණය එලෙස ලිහිල් දඬුවම් නියම කළ බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය. නීතිඥ අසිත විපුලනායක මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

අගතියට පත් තරුණිය සිය මව සමග විත්තිකරුගේ රථයෙන් කුලී ගමනක් යමින් සිටියදී තරුණියට සිය ජංගම දුරකථන අංකය ලබාදී පසුව ඇයව හෝටලයකට කැඳවාගෙන ඇති බවත් ඇය ජාතික හැඳුනුම්පතක් හෝ නොමැති බාල වයස්කාරියක බව වටහාගත් හෝටල් පාලනාධිකාරිය නවාතැන් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව පස්වරුවේ ජනශූන්‍ය ස්ථානයකට රැගෙන ගොස් එම අපරාධය සිදුකර ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි. විමර්ශන සිදුකළ ගල්කිස්ස පොලිසිය වෙනුවෙන් පොලිස් කොස්තාපල් 92451 ජයවර්ධන මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කහවත්ත තරුණයා ඝාතනයට ඇල්ලූ 2ක් 28 තෙක් රිමාන්ඩ්

ප්‍රාදේශීය පුවත්

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ‘මතුගම’ට කැපිල්ලක් – මේක කරන්නේ කාගේ වුවමනාවටද?

ප්‍රාදේශීය පුවත්

සියඹලාණ්ඩුවේ ගම් කිහිපයක් ටොනේඩෝව සොලවා දමයි

ප්‍රාදේශීය පුවත්

විෂයන් 9ට ගම්පහ වැඩිම A මෙවරත් රත්නාවලි බාලිකාවට

ප්‍රාදේශීය පුවත්

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කඩාවැටිලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok