පොසොන් පෝය නිමිත්තෙන් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පිහිටි සිද්ධස්ථාන වන්දනා කිරීමට දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලින් පෙරේදා (10දා) දිනයේ දී පමණක් දසලක්ෂයක් ඉක්ම වූ සැදැහැවතුන් පිරිසක් පැමිණි බවට අනුමාන කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ පොසොන් උත්සව කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය මහතා පැවසීය.
මේ අතර අනුරාධපුරයට පැමිණ සිටි සැදැහැවතුන්ගෙන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් මිහින්තලේ සහ තන්තිරිමලේ පුදබිම් වන්දනා කිරීමට ගොස් ඇති බව බුද්ධි අංශ අනාවරණය කළේය.
මේ අතර ඊයේ (11දා) දිනයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කය සහ යාබද දිස්ත්‍රික්කවලින් තවත් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්‍ෂා කරන්නේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට ප්‍රකාශයට පත් කර තිබෙන පොසොන් සතිය හෙටින් (13 දා) අවසන් වෙයි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු