හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසක සේවය කළ සේවිකාවක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයට නාමිකව පත්වීම් ලබාදී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිත කිරීම පිළිබඳව හිටපු සෞඛ්‍ය ඇමැති රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව සිදු කරගෙන යන විමර්ශනයට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත් වූයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිංපතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා නමැති තැනැත්තියකි. ඇය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත