ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් බිහි වූ විශිෂ්ටතම ගායිකාවක වූ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය පෙරේදා (02 වැනිදා) රාත්‍රී සිය දිවිසැරිය නිම කළාය.
මියයන විට 99 වැනි වියේ පසු වූ අතර ඇය දරුවන් පස්දෙනකුගේ ආදරණීය මෑණියන්ද වූහ.
හෙන්රි ලුකස් රණසිංහ මහතාගේ දයාබර බිරිඳ වූ ග්‍රේටා මහත්මිය කලක් රෝගාතුරව පසුවූවාය.
ලංකාවේ පළමු ග්‍රැමෆෝන් ගායිකාවද වූ ඇය ගීත රැසක් ඇය ගයා ඇතැයි ග්‍රේටා මහත්මියගේ මිණිපිරියක වන නදීකා රණසිංහ මහත්මිය “දිවයින” ට පැවසුවාය.
“මුණි නන්දන සිරිපාද වඳිම් සමනොළ කන්දේ”, “පුංචි නංගි එයි දැන් තාත්තා අපේ”, “නුඹෙ අම්මත් කලුම කලුයි නුඹෙ අප්පත් කලුම කලුයි”, “මල්ලි නංගි එන්න අම්මට වඳින්න”, මගේ පනවැනි පුංචි නංගි සැනසෙන්න නාඩා” වැනි ගීත ගුවන්විදුලිය තුළින් ප්‍රචාරය වෙද්දී ශ්‍රාවකයන් ඒවා හදවතින්ම වැළඳ ගත්හ.
මීට දශක කීපයකට උඩදී ගුවන්විදුලියේ “පැරැණි රසාංග’ තීරය තුළින් ඇයගේ ගීත බොහෝමයක්ම ප්‍රචාරය විය.
ග්‍රේටා මහත්මියගේ දේහය ඇයට ආදරය කරන රසික ජනතාව වෙනුවෙන් මීගමුව, කට්ටුව, හලාවත පාරේ, අංක 115 දරණ නිවසේ තැන්පත්කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (05 දා බ්‍රහස්පතින්දා) සවස 4.30ට කට්ටුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව නදීකා රණසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්