පොලිස්පතිතුමාගේ මත්ද්‍රව්‍ය මැඬලීමේ මෙහෙයුම යටතේ ලබාදුන් උපදෙස් මත වේයන්ගොඩ පොලිසිය සිදුකළ වැටලීමකදී එක් සැකකරුවකු සමග හෙරොයින් කිලෝ 3යි ග්‍රෑම් 650ක්, හෙරොයින් ප්‍රවාහනය කළ වෑන් රථය, විiුත් තරාදි 6ක්, ජංගම දුරකථන 7ක්, රුපියල් ලක්ෂ පහක මුදලක් අත්අඩංගුවට ගැනීමට වේයන්ගොඩ පොලිසිය සමත් විය. මෙම හෙරොයින්වල වටිනාකම කෝටි හතකට අධික බව පොලිසිය පවසයි.
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සති තුනක පමණ කාලයක් බුද්ධි නිලධාරීන් යොදවා සිදුකළ රහසිගත නිරීක්ෂණයකින් අනතුරුව 31 දින පස්වරු තුනයි තිහට පමණ වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ පිහිටි අදාළ සැකකරුගේ නිවස අසල රැකවල්ලා සිට සැකකරු පැමිණි වෑන් රථය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කොටසක්
සොයාගන්නා ලදී. අනතුරුව සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදී තවත් හෙරොයින් ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇත.
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන ප්‍රියන්ත (860), රාජරත්න (70095), පොලිස් කොස්තාපල්වරුන් වන රංග (86231), රවීන් (30448) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වූ වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ පදිංචි අවිවාහක අයෙකි. සැකකරු රෙදි වෙළඳාමක් සිදුකරන අතර එයට මුවා වී මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ සමූහ – සුසිල් රණමුක