කිලිනොචියේදී තරුණයෙකු කඩුවකින් කොටා එම ස්ථානයේදීම ඝාතනය කර ඇති බව පුනාගරි පොලිසිය සඳහන් කරයි. කිලිනොච්චිය පුනාගරි පොලිස් වසමට අයත් තම්බිරායි ප්‍රදේශයේදී මෙසේ අදාළ තරුණයා ඝාතනය කර තිබේ.
මියගිය තරුණයා තම්බිරායි ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී නාදුනන පිරිසක් විසින් මෙම කඩු ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබේ. අදාළ කඩු ප්‍රහාරයෙන් එම තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වේ. මෙම කඩු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව අතේ වයස අවුරුදු 28 ක් පමණ වන කන්දසාමි ප්‍රානවන් නමැති තරුණයෙකි. මෙසේ ඝාතනයට ලක්වූ තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති අතර මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පුනාගරි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්