Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: රාජ්‍ය නායකයන්ගේ නිල නොවන මහනුවර බැඳීම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: රාජ්‍ය නායකයන්ගේ නිල නොවන මහනුවර බැඳීම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රාදේශීය පුවත්

රාජ්‍ය නායකයන්ගේ නිල නොවන මහනුවර බැඳීම

3 days ago
506 Views

ඇතැම් විදේශ නායකයින් මට දැනෙන්නෙ කලින් මුණගැසුණු පුද්ගලයින් ලෙස යි.

ඕනෑම පුද්ගලයෙක් මිත්‍රත්වය පවත්වාගෙන යන්නේ හමුවීමේ සහ වෙන්වීමේ ගෞරවනීය පිළිගැනීම මතයි

ලොව ප්‍රකට ඇතැම් පුද්ගලයන් දළදා සමිඳුන්ගේ රැකවරණය මහත්සේ බලාපොරොත්තු වෙනවා

ඇතැම් විදේශ නායකයෙක් දළදා සමිඳුන් වෙත බාරහාර කිරීම මට පවරනවා

ලෝකයේ බොහෝ තැන්වල නායකත්වය දරන්නේ ශ්‍රී ලාංකිකයන් බව දැනුණහම ලොකු ආඩම්බරයක් හිතුනා

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ උපදේශකවරු, බොහොමයක් රටවල්වල අගමැතිවරු, තානාපතිවරු, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් නිතර කතා බහ කරන්නත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නට කටයුතු කිරීම සුවිශේෂී සිදුවීමක්. ඒ සියල්ල සිදුවන්නේ එකිනෙකා අතර ඇතිවන නොබිඳෙනසුලු බැඳීම් නිසා බව අපට ඒත්තු ගන්වන්නේ මාලිගාවේ සේවය කරන තරුණයෙක්.

ඔහු නමින් මයුර රොෂාන් කුමාර ජයසිංහ.

පාකිස්තානු හිටපු හමුදාපති

බොහෝ දෙනකුට තමන් කටයුතු කරන ක්ෂේත්‍රය තුළ හෝ තමන්ගේ සමීපතමයන් තුළ පමණක් සම්බන්ධතා ගොඩනැගෙන පරිසරයක මෙවැනි ලෝක නායකයන් අතර සම්බන්ධතා ගොඩනැගීමත් ඒවා පවත්වාගෙන යෑමට අවස්ථාව ලැබීමත් තරමක් සුවිශේෂී කාරණයක් වෙයි. එහි වටිනාකම ලෝකයට පෙන්වා දෙමින් ලෝකයම කන්ද උඩරටට ගෙන්වා සම්බන්ධතාව රඳවා ගන්නට මයුරට ඇති හැකියාව කතා නොකරම බැරිය.

ඇමරිකාවේ මිනසෝටා හි ජීවත්වන පැට්‍රික් මෙන්ඩිස් හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදේශකවරයෙකි. ඔහු ලොව බුද්ධිමතුන් දහතුන්දෙනාගෙන් එක් අයෙකි. ඔහු මීට වසර දහයකට පමණ පෙර දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු ලෝක බෞද්ධ කෞතුකාගාරයට ගිය අවස්ථාවේදී මයුර මුණගැසුණේය. ලෝකයේ විශේෂිත වූ පූජනීය ස්ථාන කෞතුකාගාරය තුළදී විස්තරාත්මකව මයුරගෙන් දැනගත් පසු ඔහු සතු දක්ෂතාවය පැට්‍රික් මෙන්ඩිස් හඳුනා ගත්තේය. එතැනින් ඇරඹි මිත්‍රත්වය අදටත් ඔවුන් අතර පවතින්නේ නොබිඳී නොනැසී පවතින අන්දමකටය. එපමණකුදු නොව, ඔහු ලංකාවට එන ඕනෑම අවස්ථාවක මයුර මුණගැසීමට පැමිණෙන්නේය. මෙවර 2025 වසරේ ඔහු පැමිණ මයුර සමග සිරිපා වඳින්නටද ගියේය.

මේ එක් සිද්ධියක් පමණකි.

එංගලන්තයේ චාල්ස් කුමරු, ඈන් කුමරිය, සොෆියා කුමරිය, එඩ්වර්ඩ් කුමාරයා , ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි, නවාස් ෂරීෆ්, ස්කොට් මොරිසන්, නෝර්වේ අගමැති වන අර්නා සෝල්බර්ග් මයුර සමග ඉතා කුළුපග ඇසුරක් පවත්වාගෙන යති.

මේ සියල්ල සිදුව ඇත්තේ වසර දහහතරක් වැනි කෙටි කාලයක් තුළදී ය. ගමක ඉපැදී ගමේ පාසලට ගොස් උගත්කම මත ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගන්නා මේ තරුණයා රටේ අභිමානය ලෝකයට ගෙනියන්නට පාලමක් තනා ඇත්තේය.

“මගේ පදිංචිය වත්තේගම. ඉගෙන ගත්තේ වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන්. උසස් පෙළ හැදෑරුවේ සංගීතය රංග කලාව භාෂාව කියන විෂයන්ගෙන්. මුළු පාසල් කාලයේම අමතර වැඩවලට ලොකු උනන්දුවක් දැක්වූවා. කථික තරග, භාෂා තරග ඉංග්‍රීසි සාහිත්‍ය තරග අත ඇරියෙම නැහැ. ඒ කාලෙත් මම ඉංග්‍රීසි විෂයට ලොකු ඇල්මක් දැක්වූවා. මුතුහර ළමා සමාජයේ ප්‍රබල සාමාජිකයෙක් මම.”

මයිකල් ක්ලාර්ක් ඕස්ට්‍රේලියානු නායක
එඩ්වඩ් කුමාරයා
ඉන්දියානු දෙමළ චිත්‍රපට රංගන ශිල්පී ජයම් රවි

පාසල් කාලයේ නිදහස්ව ජීවිතය ගත කරන්නට ඔහුට ඉඩකඩ සලසා දුන්නේ, ගෘහණියක ලෙස කටයුතු කරන මවත් සංචාරක මාර්ගෝපදේශකයකු ලෙස සේවය කළ පියාත් ය. විෂය සහ විෂය බාහිර කටයුතු යහමින් කරන්නට දරුවකුට ඉඩකඩ සලසා දීමේ අවසාන ප්‍රතිඵලය ලොව දිනන දක්ෂ පුද්ගලයකු වීම බවට මයුර හොඳ උදාහරණයකි.

“අපේ පවුලේ ඉන්නෙ අක්කයි මමයි මල්ලියි. මල්ලි හදිසි අනතුරකින් මිය ගියා. ඒ මොහොත මට මේ ලෝකේ ගැන ඉගෙන ගන්න හොඳ පාඩමක් කියලා දුන්නා. මිනිස් සම්බන්ධතාවල තියෙන ශක්තිමත් බව වගේම දුකකදී හිත හදාගන්න බැඳීම්වල තියෙන උදව්ව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වෙලාවේ මට සිදු වුණ පුදුම සහගත දෙයක් මතක් කරන්න ඕනේ. ඒ වන විටත් මම දළදා මාළිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයේ කටයුතු කරනවා.

ඒ වන විට මා සමග ජාත්‍යන්තරව සම්බන්ධතා ඇතිකරගෙන සිටි විශාල පිරිසක් මට කතා කරලා මගේ හිත හැදුවා. මේ සොබාදහම සමහර වෙලාවට අපිට දෙන දඬුවම් තමයි මේ කියන එක මට තේරුණා. ඒකෙන් අපි වැටෙන්න හොඳ නෑ තවත් ශක්තිමත් වෙන්න ඕනි කියන බව දැනුනා. මේ වනවිට මම බිරිඳත් පුතත් සමග සාමාන්‍ය ජීවිතයක් ගතකරනවා” මයුර කියා සිටියේය.

මයුර කුමාර ජයසිංහ පාසල් කාලයෙන් පසුව සමාජගත වන්නේ කපිල කුමාර කාලිංගගේ වේදිකා නාට්‍යයක් වන “නිහඬ සීනුව” හි ප්‍රධාන චරිතය වන ටිකිරාගේ භූමිකාව රඟදක්වමිනි. සහන් රන්වල පදනම කඳුරට සේවයේ පියුම්විල වැඩසටහන් සඳහා දායකත්වය දෙමින්, සෙංකඩගල සදහම් අසපුව ධර්ම සාකච්ඡා වැඩසටහන් මාලාව සංවිධානය කිරීමේ පෙරමුණ ගත්තේ ද මයුරය.

“ඒ කාලේ මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ තමයි සදහම් අසපුව වැඩසටහනට අවශ්‍ය පසුබිම සකසා දුන්නේ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එවකට මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා. ඔහුත් මේ වැඩසටහනට ලොකු දායකත්වයක් ලබා දුන්නා.

එංගලන්ත ඈන් කුමරිය

ඒ කාලේ සමාජය ගැන පරිණත පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු දැනුම මිල කරන්න බැරි තරම් ඒ කාලේ දළදා වීදියේ හිටියා බේවිස් කියලා පුද්ගලයෙක්. ඔහු කලාව ගැන බොහෝ තැන් ස්පර්ශ කරලා තිබුණා. ඔහු ඒ අත්දැකීම් කිසිදු ලෝභකමක් නැතුව අපිට කියලා දුන්නා. බොහෝ වෙලාවට මහ පාරේ ඉඳලා තමයි අපි චිත්‍රපටයක් සින්දුවක් වේදිකා නාට්‍යයක් ධර්ම සාකච්ඡාවක් ගැන විචාරය කරන්නේ… මේ හැම අත්දැකීමක්ම මට බෙහෙවින් වැදගත් වුණා පුද්ගල සම්බන්ධතා ගොඩනැගීමේදී.

ඒ වෙනකොට මට වයස අවුරුදු විස්සයි. තුසිත ජයසුන්දර හා ප්‍රියන්ත ජයරත්න එක්ක එකතු වෙලා මිරර් කියලා සිනමා සඟරාවක් කළා. ඔය අතරේ මම මගේ භාෂා දැනුම වැඩි කරගන්න ජර්මන්, චීන ඇතුළු භාෂා කිහිපයක්ම හැදෑරුවා. සබරගමු විශ්වවිද්‍යාලයේ භාෂාව පිළිබඳව හදාරන අතරෙම සංචාරක හෝටල් පාසලෙන් සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඉගෙන ගත්තා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඒ කාලේ තිබුණා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක්. එතනදි පාලිත කොහොන මහත්මයා එහෙම අඳුනගන්න ලැබුණා. ඒකත් ජීවිතේ එක්තරා සන්ධිස්ථානයක්.

ඒ ඩිප්ලෝමාව අවසන් කරලා විවිධ කලා කටයුතුවල නිරත වෙලා ඉන්න කාලෙ තමයි ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයට තොරතුරු හඳුන්වා දෙන්නෙක් අවශ්‍ය බවට දැන්වීමක් පළවුණේ. මම ඒකට ඉල්ලුම් කරා. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නට පස්සේ මාව ඒකට තේරුණා. එතැන් සිට අද දක්වා මම බොහොම සතුටින් රාජකාරිය කරගෙන යනවා.”

මයුර ඒ පැමිණි මඟ ජාත්‍යන්තරයට සම්බන්ධ වන්නේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයේ රාජකාරියත් සමගය. යුවරාජ් සිං, රසල් ආනෝල්ඩ්, සුනිල් ගවස්කාර්, ඩැරන් ගංගා, බ්‍රයන් ලාරා, හියුගෝ බොස් අධිපති හෙන්ජි ජොෂින්, මයුර සමග මිතුදම බිඳ නොගෙන දිගු කාලීනව මිත්‍රත්වය පවත්වා ගන්නා තවත් පිරිසක්.

ඉන්දීය නළු රවිමෝගන්, ගගන් මලික්, ස්පෙල් බයින්ඩර් කතාවේ ප්‍රකට චරිතයක් රඟපාන ක්‍රිස්ටිනා මයුරගේ දෛනික ජීවිතයේ නිරන්තරයේ රැඳෙන චරිත වීමත් සියලු දෙනා ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය හරහා ගොඩනගා ගත් මිත්‍රයින් වීමත් මයුරගේ ජීවිතයේ කිසි දින නොමැකෙන සටහන් වෙයි.

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂවරිය

“මේ වන විට සීයකට වැඩි පිරිසක් ජාත්‍යන්තර වශයෙන් මා සමග මිත්‍රත්වය පවත්වාගෙන යනවා. ඔවුන් බොහොමයක් ඒ ඒ රටවල දේශපාලන හෝ සමාජ ආර්ථික කලාව සිනමාව යන කුමන හෝ ක්ෂේත්‍රයක ප්‍රබල චරිත. සාක් සංවිධානයේ හිටපු මහ ලේකම් ඇසළ වීරකෝන් සහ විදේශ කටයුතු ලේකම් ක්‍රිෂාන්ති වීරකෝන් වැනි ඇතැම් චරිත මනුෂ්‍යත්වය පිළිබඳ දක්වන ගැඹුරු දර්ශනය මානුෂීය බවෙහි උත්තම බව අපේ ජීවිතයට විශ්වවිද්‍යාලයකට එහාගිය මනා දැනුමක් ලබාදෙනවා.

යුරෝපීය රටවල්වල බොහෝදෙනා බෞද්ධ දර්ශනය පිළිබඳව දක්වන ආකල්පය හරිම ගැඹුරුයි. ඔවුන් ඒ ඒ රටවලදී අත් විඳින ඇතැම් පීඩාකාරී අවස්ථාවන්වලදී දුරකථනයෙන් මා අමතා දළදා සමිඳුන්ට බාරහාර වෙන ලෙස දන්වනවා. උදාහරණයක් විදිහට සුනිල් ගවස්කාර් හොඳ බැතිමතෙක්. ඩැරන් ගංගාත් ඒ වගේ.

ඇතැම් අවස්ථාවලදී විදේශ නායකයෝ පවා දළදා සමිඳුන්ගේ බලය පිළිබඳ ගැඹුරු විශ්වාසයක් තබාගෙන සිටිනවා. ඔවුන් වෙනුවෙන් මා කරන බාරහාර ඔප්පු කරන්න නැවත ලංකාවට එනවා.

ගෝතමාලාවේ විපක්ෂ නායිකාව වන සැන්ඩ්‍රා ටොරස් ඇයගේ රාජකාරි කටයුතුවලදී ඇය වෙනුවෙන් දළදා මාලිගාව වෙත මල් පහන් පූජා කරලා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගන්නවා.

මේ දේවල් මට හරිම සතුටක් වගේම මා හරහා දළදා මාලිගයට ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයට ලැබෙන ලෝක පූජිත ගෞරවය පිළිබඳ ව මම සතුටු වෙනවා. මොකද ඒ හරහා මගෙන් රටට දැයට ලෝකයට සේවයක් වුණා කියන සතුට භුක්ති විඳින්න පුළුවන් නිසා.

නේපාලයේ හමුදාපති

පැට්‍රික් මෙන්ඩිස් මහත්මයා ගැන යමක් කියන්න ඕන. ඔහු පලුගස්දමනෙ ඉඳලා ඇමරිකාවට ගිය ශ්‍රී ලාංකිකයෙක්. ලංකාවේ ගති පැවතුම් අදටවත් වෙනස් කරල නෑ කිව්වොත් ඔබ පුදුමයට පත්වෙයි. ඔහු ඇමරිකාවේ ජනාධිපතිවරයකුට උපදෙස් දුන්න කියන දක්ෂතාවයම අපට දනවන්නේ ඇඟ කිළිපොලා යන හැඟීමක්. ඔහු ගිය වසරේ ලංකාවට ආවා. මා සමග ශ්‍රීපාදේ නැග්ගා. ඔහුගේ කතාබහ විශ්වකෝෂයක්. ඔහුගේ මනුස්සකම, නිරහංකාර බව ජීවිතයේ යථාර්ථය අපට අවබෝධ කරලා දෙනවා.

මේ සම්බන්ධතා සමගම ලෝකය දකින්නේ හරිම පුළුල් විදිහට. ඕනෑම පුද්ගලයෙක් මුණගැහෙන අවස්ථාවෙත් වෙන් වෙන අවස්ථාවේත් අප ඔවුනට ලබා දෙන ගෞරවනීය පිළිගැනීම අපේ සම්බන්ධතා ශක්තිමත් කරනවා. අපි ආකල්පමය වෙනස්කම් ඇති කරගත යුත්තේ යහපත උදෙසාම පමණයි. එවිට අපේ ජීවිත නොහිතන නොපතන විදිහට සාර්ථක වෙනවා කියන එක මගේ විශ්වාසය යි…”

මයුර ඔහුගේ ජීවිතය ආලෝකවත් කරගන්නේ තනිව නොවේ. සංගීතය, රඟපෑම, සාහිත්‍යය කලාකාමී ස්පර්ශයන් සමග ජාත්‍යන්තරය තුළ සැරිසරණ මයුරගේ සාර්ථක ජීවිතයේ ආරම්භය වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ය.

“ඇත්තෙන්ම ඔව්… පාසලෙන් ලැබුණ අත්දැකීම් අදටත් මගේ ජීවිතයට වැදගත් වෙනවා. එතැන් සිට මගේ පළමු සංගීත ගුරුවරයා ඩැනී අමරසිංහ මහත්මයා, ඇම්ජීපී කලායතනයේ අශෝක සර් මට මිනිසුන් අතරට යන්නට අත්වැල සපයපු මගේ ජීවිතය හරය මට කියාදෙන්න ආපු ගුරු දෙවිවරු. පළමුවෙන් ගීතයක් නිර්මාණය කිරීමට සියලු ශක්තිය මට ලබා දුන් සමන්ත කෝනාර මහත්මයාටත් ඒ ගෞරවයම හිමි වෙන්න ඕනේ. ජාතික සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඉගැන්වූ සුජිත් යමසිංහ, ධනුෂ්ක දිසානායක, වසන්ත දුක්ගන්නාරාළ, මනෝජා ප්‍රියදර්ශනී යුවල මගේ ජීවිතයේ සන්ධිස්ථාන සලකුණු කරපු චරිත.

මයුර රොෂාන් කුමාර නාමය ජාත්‍යන්තරයට රැගෙන යන්නට මං පෙත් පෑදුවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතායි. ඒවගේම
ගාමිණි බණ්ඩාර, ක්‍රිෂාන්ත හිස්වැල්ල යන මහත්වරුත් මගේ දක්ෂතා එළිදක්වන්න අවශ්‍ය සියලුම පසුබිම් සකසා දුන්නා. මම අද පිළිගත්ත චරිතයක් විදිහට ජීවත් වෙනවා නම් ඒ ඔවුන්ගේ මග පෙන්වීම නිසයි.

යශෝධරා චිත්‍රපටයේ

සමන්ති වීරසේකර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

කොළඹ නගරාධිපති ධුරයට සජබයෙන් රීසා සරූක්

ප්‍රාදේශීය පුවත්

කඩුවෙල අලුත් නගරාධිපති රංජන් ජයලාල්ට පුංචි අකරතැබ්බයක්

ප්‍රාදේශීය පුවත්

මත්පෙති ළඟ තබා ගත් 1800ක් පී.එච්.අයි. අත්අඩංගුවට

ප්‍රාදේශීය පුවත්

කෝවිලේ පොකුණේ බැහැගෙන ෆොටෝ ගන්න ගිය සිසුවියෝ දෙදෙනා මරුට

ප්‍රාදේශීය පුවත්

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok