Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: පද්මෙගෙ ගෝලයා රැවුල් ඉන්දික නූලෙන් බේරේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: පද්මෙගෙ ගෝලයා රැවුල් ඉන්දික නූලෙන් බේරේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රාදේශීය පුවත්

පද්මෙගෙ ගෝලයා රැවුල් ඉන්දික නූලෙන් බේරේ

3 days ago
634 Views

ඝාතන කොන්ත්‍රාත්තුව ලක්‍ෂ 25යි

මරන්න සැලසුම් කළේ පොලිසියට ඇවිත් යද්දී

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ධුරයට අලුතින් පත්වී ආ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිසිර කුමාර ජයකොඩිගේ ජංගම දුරකථනයට ඔත්තුකරුවකුගෙන් ඉතාම වැදගත් තොරතුරක් ලැබුණේය.

“සර් මිනුවන්ගොඩ පොලිසිය ළඟදී මිනිහෙකුට වෙඩි තියන්න ටීම් එකක් සෙට්වෙලා ඉන්නෙ. අද දවස ඇතුළත මේක වෙනවා සර්ලා ප්‍රමාද වුණොත් මිනිහා අනිවාර්යයෙන්ම මරුම් කනවා.”

ඔත්තුකරුවා ලබාදුන් තොරතුරු ඉතාම බරපතළ එකක් විය. ඒ තොරතුර සිසිර කුමාර ජයකොඩිගේ සිතේ ප්‍රශ්නාර්ථ රැසක් ඇති කළේය.

කාටද වෙඩි තියන්න යන්නෙ. මොකක්ද ප්‍රශ්නෙ කොහෙ ටීම් එකක් ද මේ වැඩේට බැහැලා ඉන්නෙ. ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඔත්තුකරු ගෙන් ප්‍රශ්න කළේය.

වැඩි විස්තරයක් දන්නෙ නැහැ සර්. කොහොම වුණත් මේ වැඩේ අද වෙනවා ගණේමුල්ලේ සංජීවගෙ සෙට් එකක් තමයි වැඩේට බැහැලා ඉන්නෙ.

ඔත්තුකරු ලබාදුන් තොරතුර අනුව වහාම විමර්ශන ආරම්භ කිරීමට සිසිර කුමාර ජයකොඩි පියවර ගත්තේය. මේ වැදගත් තොරතුර පිළිබඳව සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා වූ ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා ද දැනුවත් කිරීමටත් අවශ්‍ය උපදෙස් ගැනීමටත් කටයුතු කළේය.

පද්මෙගෙ ටීම් එකයි සංජීවගෙ ටීම් එකයි දිගටම ගහගන්නවා. මේ වැඩේ ප්‍රමාද කරන්න එපා. දැන්ම ටීම් දෙක තුනක් යවන්න. මොකද අපේ ප්‍රමාදය නරකට හිටින්න පුළුවන්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ නියෝග සහ උපදෙස් මත ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ඒ මොහොතේම මිනුවන්ගොඩ පොලිසිය ආසන්නයට සහ හඳුනාගත් ස්ථාන කීපයක් වෙත පිටත්කර යැවීමට සිසිර කුමාර ජයකොඩි මහතා පියවර ගත්තේය.

පොලිස් නිලධාරීන් මිනුවන්ගොඩ පොලිසිය අවට සහ ඊට තදාසන්න ප්‍රදේශ කීපයක සිය මෙහෙයුම ක්‍රියාත්මක කළහ. මිනුවන්ගොඩ පොලිසිය ආසන්නයේ රැක සිටි පොලිස් නිලධාරීන් පැය කීපයක් තිස්සේ ආවේශන රාජකාරියේ යෙදී සිටියහ. එහෙත් සැකකටයුතු කිසිවකුත් හඳුනා ගන්නට පොලිස් නිලධාරීන්ට හැකි වුණේ නැත.

මේ අතර මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ ආවේෂණ රාජකාරියේ යෙදී සිටි නිලධාරියකුගෙන් වැදගත් තොරතුරක් සිසිර කුමාර ජයකොඩි වෙත ලැබුණේය.

“සර් මං ඉන්නේ බිග් සිටි නිවාස සංකීර්ණට කිට්ටුව. සැක කටයුතු කෙනෙක් මෙතන ඉන්නවා බැලු බැල්මට මිනිහාගෙ හැසිරීම ගැන සැකයි. බොහොම කලබල වෙච්ච ගතියකින් මිනිහා ඉන්නෙ.”

පොලිස් නිලධාරියා ලබාදුන් තොරතුරු ඉතාම වැදගත් එකක් බව තේරුම් ගත් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයකොඩි මිනුවන්ගොඩට යැවූ සෙසු නිලධාරීන් ද ඒ ස්ථානය වෙත පිටත්කර යැවීමට කටයුතු කළේය.

රැවුල් ඉන්දික ඝාතනය ව්‍යර්ථ වෙයි

අනෙකුත් නිලධාරීන් ද මිනුවන්ගොඩ බිග් සිටි නිවාස සංකීර්ණය අසලට එද්දී සැක කටයුතු පුද්ගලයා ඉතාම කලබලයෙන් මෙන් එම ස්ථානයෙන් ඉවත්වීමට උත්සාහ කළේය.

ඒ සැනෙන් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැක කටයුතු පුද්ගලයා සිය ග්‍රහණයට ගත්තේය.

‘තමුන් මොනවද මෙතන කරන්නෙ කොහෙද යන්නෙ. පදිංචිවෙලා ඉන්නෙ කොහෙද?’

පොලිස් නිලධාරීන් සැක කටයුතු පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්න වූහ. ඔහු එකිනෙකට පරස්පර පිළිතුරු ලබා දුන්නේය.

‘මොනවද මේ බෑග් එකේ තියෙන්නෙ නිලධාරියෙක් සැක කටයුතු පුද්ගලයා සතුව තිබූ ගමන් බෑගය පරීක්‍ෂා කළේය. එහි ජීව අත් බෝම්බයක් තිබෙනු දුටු පොලිස් නිලධාරීන් තුස්ණිම්භූත වූහ. තමන් අල්ලා ගත්තේ නිවැරැදිම පුද්ගලයා බව තේරුම් ගන්නට පොලිස් නිලධාරීන්ට ඒ හැටි වේලාවක් ගත වුණේ නැත.

ඇත්ත කියපං උඹ කාගෙ මිනිහෙක්ද කාට ගහන්නද මෙතන රිකී කරන්නෙ. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් නිරුත්තරව සිටීම කළ හැකි දෙයක් නොවන බව තේරුම් ගත් සැකකරු සත්‍ය හෙළිකරන්නට පටන් ගත්තේය.

“සර් මම අසිත… උන්නාරුවෙ පදිංචිවෙලා ඉන්නෙ. මම ආමි කොමාන්ඩෝ ඇබ්සන්ට් සෝල්ජර් කෙනෙක්. රැවුල් ඉන්දිකට ගහන්න මෙතනට ආවෙ. තව ෂූටර් කෙනෙක් මෙතනට එනවා කිව්වා මිනිහා එනකල් තමයි මම බලාගෙන සිටියෙ. අල්ලාගත් සැක කටයුතු පුද්ගලයා සත්‍ය හෙළි කරන්නට පටන් ගත්තේය. සැකකරු පිළිබඳව විමර්ශන නිලධාරීන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිසිර කුමාර ජයකොඩි දැනුවත් කළේය.

අල්ල ගෙන ඉන්න මිනිහා ළඟ තියාගෙන ෂූටර්ව ගෙන්න ගන්න බලන්න. ෂූටර් තමයි අපට ගොඩක්ම වැදගත් වෙන්නෙ ජයකොඩි මහතා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සැකකරු සිය භාරයේ රඳවාගෙන වෙඩික්කරු ගෙන්වා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වුණේ නැත. තම සගයා අත්අඩංගුවට පත්වූ බව දැනගත් වෙඩික්කරු හෙමින් සීරුවේ මාරු වුණේය.

කෙසේ වෙතත් රැවුල් ඉන්දික ඝාතන උත්සාහය ව්‍යර්ථ කිරීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වූහ. ජීව අත්බෝම්බය සමග අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත රැගෙන ගියේය. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත සැකකරු ගෙන් ප්‍රශ්න කිරීම ඇරඹෙන්නේ ඉන් පසුවය.

“සර් මම අසිත. ආමි කොමාන්ඩෝ එකේ හිටිය නිසා ගොඩක් අය මට කියන්නෙ කොමාන්ඩෝ අසිත” කියලා. අවුරුදු 5ක් මම ආමි එකේ හිටියා. ඒත් හම්බ කරගත්ත දෙයක් නෑ සර්. ගන්න පඩිය හැරෙන්නත් මදි. මඩියක් නැති නිසා තමයි මම ආමි එකෙන් අයින් වුණේ.”

කොමාන්ඩෝ අසිත සිය ජීවිත කතාව කියාගෙන ගියේය. මිනුවන්ගොඩ උන්නාරුවේ උපත ලැබූ අසිත ඒ වනවිට 25 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු යුද හමුදා කොමාන්ඩෝ බළකායට බැඳුණු අසිත වසර 5ක් එහි සේවය කළේය. තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට ප්‍රමාණවත් වැටුපක් නොලැබුණු නිසා අසිතට හමුදා රැකියාව දිනෙන් දිනම නීරස වුණේය. වසර 5කට පසු ඔහු හමුදා සේවයට නොගොස් ගෙදර නතර වුණේය. ඉන් අනතුරුව ඇඟලුම් කම්හලක රැකියාවක් සොයාගත් අසිත මාස කීපයක් එහි සේවය කළේය. එහෙත් ඇඟලුම් කම්හලේ රැකියාව තම ආර්ථික මට්ටම තව තවත් පහළ හෙළීමට සමත් විය.

“ආමි එකේ ඉන්නකොට මම මීට වඩා පඩියක් ගත්තා. මේ සොච්චම් පඩියෙන් කොහොමද ජීවත් වෙන්නෙ.”

අසිත සිය මිතුරන්ට කීවේය. එතැන් සිට ඇඟලුම් කම්හලේ රැකියාවට ද ආයුබෝවන් කියූ ඔහු කිසිවක් නොකර ගෙදරට වී සිටියේය.

ඒ වනවිට ගණේමුල්ලේ සංජීව ගම්පහ පාතාලයේ ප්‍රධාන පෙළේ කෙරුම්කාරයකු වී සිටියේය. සංජීවගේ ප්‍රතිවාදියා එහෙමත් නැත්නම් වෛරකාරයාව සිටියේ කෙහෙල්බද්දර පද්මේය.

ගණේමුලලේ සංජීව මෙහෙයවූ පාතාල කල්ලියේ ප්‍රධානීන් කීපදෙනකු විය. ඒ අතර සංඛට සහ සුසන්තට හිමිව තිබුණේ සුවිශේෂී වූ ස්ථානයකි. සංජීව සිදු කළ අපරාධ බොහොමයක් පිටුපස සිටියේ සංඛ සහ සුසන්තය. සුසන්ත යුද හමුදා විශේෂ බළකායෙන් (SF) පළා ආ සෙබළකු විය. මොවුන් දෙදෙනාම ඩුබායි රාජ්‍යයේ සිට සිය අපරාධ මෙහෙය වූවේය.

කොමාන්ඩෝ අසිතට සංජීව පාර්ශ්වයේ සංඛ සහ සුසන්ත දැන හඳුනා ගන්නට ලැබෙන්නේ සිය මිතුරකුගේ මාර්ගයෙන්ය.

“අසිත උඹ අපි එක්ක වැඩ කරපං අපි උඹව බලාගන්නම්. කවදාවත් වරදින්නෙ නැහැ අපි එක්ක හිටයොත් ඕනෙ තරම් සල්ලි හම්බ කරන්නත් පුළුවන්. සංඛ ඩුබායි රාජ්‍යයේ සිට දුරකථනයෙන් කතා කර අසිතට කීවේය. යහමින් මුදල් ඉපයීම අසිතගේ ඒකායන පරමාර්ථය විය. ඒ සඳහා ඔහු ඕනෑ දෙයක් කිරීමට ඒ වනවිට පෙළඹී සිටියේය.

“හරි හරි සංඛ අයියා මං ලෑස්තියි ඕනෙ දේකට. මට ඉක්මනින් සල්ලි ටිකක් හොයා ගන්නයි ඕනෙ.”

සංඛගේ යෝජනාවට අසිත කැමැත්ත පළ කළේය. එතැන් පටන් කොමාන්ඩෝ අසිතට සංඛගෙන් සහ සුසන්තගෙන් විවිධ උපකාර ලැබුණේය. ඒ වෙනුවෙන් අසිත ද ඔවුන්ට විවිධ උපකාර කළේය. මේ අතර මීගමුව කාමච්චෝවේ ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට කොමාන්ඩෝ අසිතට කොන්ත්‍රාත්තුවක් භාර දුන්නේය. ඒ සංඛ විසින්ය. එහෙත් ඒ ඝාතනය කොමාන්ඩෝ අසිත විසින් සිදු කළේ නැත.

ඉන් පසුව සංඛ තවත් ඝාතන කොන්ත්‍රාත්තුවක් කොමාන්ඩෝ අසිතට ලබා දුන්නේය. ඒ පත්අඩුවන ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමය. ඒ ඝාතන කොන්ත්‍රාත්තුව ද ක්‍රියාත්මක කිරීමට අසිතට හැකි වුණේ නැත.

අසිත මල්ලි උඹ අපි දුන්න වැඩ දෙකක්ම මග ඇරියා. කමක් නැහැ ඒවා දැන් අතහැරලා දාමු. අපි උඹට කෙරෙන්නම ඕනෙ වැඩක් තියනවා ඒක භාර දෙනවා. නිකන් නෙවෙයි කන්ට්‍රෑක්ට් එක ලක්‍ෂ 25යි. උඹේ සපෝර්ට් එකට තව ෂූටර් කෙනෙකුත් දෙනවා. උඹට තියෙන්නෙ මේ වැඩේ හරියටම කරලා දෙන්න. මේක කෙරෙන්නම ඕනෙ වැඩක් නිසයි උඹට ලක්‍ෂ 25ක් දෙන්නෙ.

ඩුබායි හි සිටින සංඛ සහ සුසන්ත කොමාන්ඩෝ අසිතට දුරකථනයෙන් කතා කර කීවේය.

ලැබෙන්නට යන කොන්ත්‍රාත් මුදල ගැන අසිතට දැනුණේ දැඩි සතුටකි. දෙවරක් නොසිතාම ඔහු ඒ කොන්ත්‍රාත්තුව භාර ගත්තේය.

“කෙහෙල්බද්දර පද්මෙගෙ හොඳම ගෝලයෙක් ඉන්නවා රැවුල් ඉන්දික කියලා. අපි දෙන්නටම ඇරියස් එකක් තියනවා ඌත් එක්ක. මේ වැඩේ නම් උඹට කරඅරින්න බැහැ. දන්නවනෙ අපි වැඩක් කිව්වොත් ඒ විදිහට වෙන්න ඕනෙ. ඩුබායි සංඛ කොමාන්ඩෝ අසිතට කීවේය. ලැබෙන්නට යන අති විශාල මුදලට ගිජුවී සිටි අසිත ඒ කොන්ත්‍රාත්තුව අකුරටම ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වුණේය.

රැවුල් ඉන්දික මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පැවැත්වූ ඔහු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.

2011 වර්ෂයේදී මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් රැවුල් ඉන්දිකට චෝදනා එල්ලවී තිබුණේය. එම ප්‍රහාරයේදී පුද්ගලයකු ඝාතනයට ලක්වූ අතර මේ වනවිට ඩුබායි හි සැඟවී සිටින සුසන්ත ද එහිදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබුවේය. සුසන්ත ඉලක්ක කර මේ ප්‍රහාරය එල්ල කර තිබුණ ද ඔහු අනූනවයෙන් දිවි ගලවා ගත්තේය.

මේ සිදුවීම්වලින් පසුව සුසන්ත ඩුබායි රාජ්‍යයට පළාගියේ ශ්‍රී ලංකාවේ සිටියොත් අනිවාර්යයෙන්ම තමන්ට අකල් මරණයක් උරුම වන බව දැන සිටි නිසාය.

පද්මෙට රැකවරණය

තමන් ඝාතනය කිරීමට රැවුල් ඉන්දික දැරූ උත්සාහය ගැන සුසන්ත සිටියේ දැඩි වෛරයකින් යුතුවය. කෙදිනක හෝ රැවුල් ඉන්දිකගෙන් ඊට පලිගන්නා බව ඔහු සපත කර සිටියේය.

ඒ වනවිට ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වයෙන් එල්ල වී තිබූ තර්ජන නිසා කෙහෙල්බද්දර පද්මේ සිටියේ දැඩි භීතියකින් යුතුවය. විදේශගතවී රැකවරණය ලබා ගන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක් තමන්ට නැති බව පද්මේ හොඳාකාරවම දැන සිටියේය.

කෙහෙල්බද්දර පද්මේට රටින් පැන යනතුරු රැකවරණය දුන්නේ රැවුල් ඉන්දික විසින්ය. රැවුල් ඉන්දික සිය නිවසේ රඳවාගෙන පද්මේට රැකවරණය දුන් බව ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වය දැන සිටියහ. ඩුබායි සංඛ රැවුල් ඉන්දික සමග දැඩි වෛරයෙන් පසු වූයේ මේ සිදුවීම් මුල්කරගෙනය.

ගණේමුල්ලේ සංජීව ඝාතනය සමගම පද්මේගේ පාර්ශ්වයේ සාමාජිකයන් වෙත එල්ලවූ මරණ වරෙන්තු රැවුල් ඉන්දික වෙත ද ලැබී තිබිණි.

සුසන්ත සහ සංඛ යන දෙදෙනාටම අවශ්‍ය වී තිබුණේ රැවුල් ඉන්දික මරා දමා සිය වෛරය පිරිමහ ගැනීමටය. ඒ සඳහා කොමාන්ඩෝ අසිත වෙත ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දෙන්නේ ඒ නිසාය.

රැවුල් ඉන්දිකයට මිනුවන්ගොඩ පොලිසියෙයි පෑලියගොඩ පොලිසියෙයි අත්සන් කරන්න තියනවා. ඌ කොහෙ නොගියත් ඒ වැඩේට යන්න ඕනෙ. ඒ නිසා අපට ලේසියෙන්ම පුළුවන් ඌට පොලිසියට එනකොට මග රැකලා ගහලා දාන්න. අන්න ඒ වැඩේ කරන්න ප්ලෑන් කරපං. ඕනෑ කරන හැම දෙයක්ම මම බලා ගන්නම්. සුසන්ත ඩුබායි සිට දුරකථනයෙන් කතාකර කොමාන්ඩෝ අසිතට අවශ්‍ය උපදෙස් දුන්නේය.

කොමාන්ඩෝ අසිත රැවුල් ඉන්දික අතර කලක් මිත්‍රත්වයක් පැවතිණි. ඒ ඔවුන් එක ගමේ පදිංචිව සිටි නිසාය. කොමාන්ඩෝ අසිත ඩුබායි සංඛ සමග එක්ව තමන් ඝාතනය කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව රැවුල් ඉන්දික මොහොතකටවත් සිතුවේ නැත.

ඒ නිසාම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔහු මරා දැමීමට වෙනම සැලසුමක් ක්‍රියාත්මක කිරීමට කොමාන්ඩෝ අසිත සැලසුම් කළේය. ඔහු ඒ බව ඩුබායි හි සිටින සුසන්තට කීවේය.

රැවුල් ඉන්දිකයා මං හොඳට අඳුනනවා. ඒ නිසා මට පුළුවන් මිනිහා එක්ක සෙට් වෙලා මිනිහාගෙ ගෙදරදීම හරි මේ වැඩේ ඉවර කරන්න. එතකොට කරදරයක් නැතිව වැඩේ හරියටම කරන්නත් පුළුවන්. අසිත කීවේය.

හරි… හරි.. මල්ලි කොහොම හරි උඹ වැඩේ කරපං අපට ඕනෙ කල් අරින්නෙ නැතිව වැඩේ කරන්න. ෂූටර් කෙනෙකුයි වෙපන් එකයි අපි එවනවා. උඹ වැඩේ ප්ලෑන් කරලා කියපං උඹ කියන තැනට බඩු ඇවිල්ලා ඇති.

සුසන්ත කීවේය. කොමාන්ඩෝ අසිතට අවශ්‍ය වුණේ කරදරයක් නැතිව මේ වැඩේ අවසන් කිරීමටය. එහෙත් ඩුබායි සංඛට සහ සුසන්තට අවශ්‍ය වුණේ රැවුල් ඉන්දික මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටීමට එද්දී පොලිසිය ඉදිරිපිටදීම ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමටය. ඔවුන්ට ඒ අවශ්‍යතාව තිබුණේ එවැනි ක්‍රියාවක් තුළින් මේ ඝාතනය රටේම ආන්දෝලනාත්මක සිදුවීමක් වන නිසාය. එවිට සංඛගේ සහ සුසන්තගේ නම් ද රට පුරාම ප්‍රසිද්ධ වීම හරහා තම පාතාලය ව්‍යාප්ත කර ගැනීමය.

කොමාන්ඩෝ අසිත අවස්ථා කීපයකදීම රැවුල් ඉන්දිකට දුරකථනයෙන් කතා කළේය.

ඉන්දික අයියා වැදගත් වැඩකට මට උඹව හම්බවෙන්න ඕනෙ. පොඩි වෙලාවක් දෙනවද?”

අසිත අවස්ථා කීපයකදීම රැවුල් ඉන්දික ගෙන් ඒ ගැන විමසුවේය. එහෙත් ඔහුගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. අවස්ථා කීපයකදීම රැවුල් ඉන්දිකගේ නිවසට යන්නට අසිත උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. පසුව ඒ සියලු සැලසුම් පසෙක තැබූ කොමාන්ඩෝ අසිත සුසන්ත සහ සංඛ ලබාදුන් සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් වුණේය. මේ අතර සුසන්ත ඩුබායි සිට අසිතගේ බැංකු ගිණුමට රුපියල් විසිදහසක අත්තිකාරම් මුදලක් ද දමා තිබුණේය.

මල්ලි මේක පොඩි ඇඩ්වාන්ස් එකක්. උඹ වැඩේ කරපං පහුවදාම උඹේ එකවුන්ට් එකට සල්ලි දානවා. දන්නවනෙ අපි ළඟ හොර බොරු නැහැ. සුසන්ත කොමාන්ඩෝ අසිතට කීවේය. පසුගිය 25 වැනි ඉරිදා සිය ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට සුදුසු දිනය බව අසිත තීරණය කළේය. ඒ බව ඔහු ඩුබායිහි සිටින සුසන්තට කීවේය.

හරි අපි සේරම ලෑස්ති කරන්නම් මං එස් එෆ් එකේ හිටිය කොල්ලෙක් වැඩේට එවන්නම්. නිල්පාට කැබ් එකක කොල්ල එයි. ඌ පිස්ටල් එකක් ගේනවා. උඹට තියෙන්නෙ ඌත් එක්ක එකතුවෙලා වැඩේ කරන්න.

සුසන්ත කොමාන්ඩෝ අසිතට කීවේය. කොමාන්ඩෝ අසිත මිනුවන්ගොඩ බිග් සිටි නිවාස සංකීර්ණය අසලට වී සිටියේ රැවුල් ඉන්දික නිවසින් පිටවන වේලාව හරියටම නිශ්චය කර ගැනීම සඳහාය.

එහෙත් ගම්පහ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය ඉස්සර වුණේය. එසේ නොවන්නට රැවුල් ඉන්දික අද ජීවතුන් අතර නැත.

හේමන්ත රන්දුණු

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

කොළඹ නගරාධිපති ධුරයට සජබයෙන් රීසා සරූක්

ප්‍රාදේශීය පුවත්

කඩුවෙල අලුත් නගරාධිපති රංජන් ජයලාල්ට පුංචි අකරතැබ්බයක්

ප්‍රාදේශීය පුවත්

මත්පෙති ළඟ තබා ගත් 1800ක් පී.එච්.අයි. අත්අඩංගුවට

ප්‍රාදේශීය පුවත්

කෝවිලේ පොකුණේ බැහැගෙන ෆොටෝ ගන්න ගිය සිසුවියෝ දෙදෙනා මරුට

ප්‍රාදේශීය පුවත්

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok